Loading...
Outdated Phones Update කරන Custom ROM

මම අද කතා කරන්න යන්නේ Custom ROM ගැන. මොනවද මේ Custom ROM කියන්නේ. ROM එකක් කිව්වම හැමෝම දන්න Read Only Memory එකක් කියලනේ. හැබැයි මම අද කතා කරන්න යන්නේ Android ROM ගැන. Android ROM එකක් කියන්නෙ Android OS එකට අදාලා Executable Instructions ගබඩා කරලා තියෙන ෆයිල් එක. Android ROM ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා.

  1. Stock ROM
  2. Custom ROM

Stock ROM

Stock ROM කියන්නේ අපි අලුතෙන්ම phone එකක් මිලදී ගද්දි ඒකෙ Manufacture ඒ Phone එකත් සමග එවන Android ROM එක. ඒ කියන්නෙ අපි අලුතෙන්ම Phone එකක් ගද්දි හම්බෙන සහ පසුකාලීනව එම Phone එකට Updates හරහා එන Android Version තමා මේ Stock ROM කියලා කියන්නෙ.

Custom ROM

දැන් තමා මම මගේ අද මාතෘකාවට එන්නෙ. Custom ROM එකක් කියන්නෙ Third party Android ROM වලට. ඒ කියන්නෙ මේවා නිෂ්පාදනය කරලා තියෙන්නෙ Phone එකේ Manufacture විසින් නෙමේ. මේවා නිර්මාණය කරලා තියෙන්නේ තුන්වෙනි පාර්ශ්වයක් විසින්. ඔයාගේ Phone එකේ එන Stock ROM එක අයින් කරලා වෙනමම Install කරන ROM එකක් Custom ROM එකක් වෙනවා.

ඇයි මේ Custom ROM ?

මෙහෙම හිතන්නකො ඔයා අලුතෙන්ම ගන්නවා Phone එකක්. ඒකෙ Stock ROM එක විදියට තියෙන්නෙ Oxygen OS එක කියලා හිතන්නකො. ඔයා කැමති නෑ Oxygen OS එකට. ඔයාට ඕනෙ Google Pixel Phone එකක තියෙන Pixel OS අත්දැකීම ගන්න. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මෙන්න මේ Pixel OS Custom ROM එකක් Flash කරලා ඒ අත්දැකීම ගන්න.

එහෙමත් නැත්තං හිතන්නකො ඔයාගෙ Phone එක දැන් Outdated Phone එකක් කියලා. ඒ කියන්නෙ දැන් ඔයාගෙ Phone එකට Phone එකේ Manufacture විසින් Updates එවන්නෙ නෑ. ඔයාගෙ Phone එකේ Stock ROM එක විදියට දැනට තියෙන්නෙ Android 10. කවුද කැමති Android 14 එකත් රිලීස් වෙලා තියෙද්දි Android 10 එකක් පාවිච්චි කරන්න. අන්න ඒ වෙලාවෙදි ඔයාට පුළුවන් මේ Custom ROM එකක් පාවිච්චි කරලා අලුත්ම Android Version එකක් Install කරගන්න.

(ඔයාගෙ Phone එකේ වර්ගෙ සහ මොඩ්ල් එක අනුව හදලා තියෙන Custom ROM වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර මොඩ්ල් වලට Custom ROM එකක්වත් නැතිවෙන්න පුළුවන්)

උදාහරණයක් විදියට මම ගාව තියෙනවා 2018 අවුරුද්දේ Release උන Nokia 6.1 Plus Phone එකක්. ඒකෙ Stock ROM එක විදියට ආවෙ Android 8 වගේම ඒකෙ අවසාන Update එක විදියට ආවෙ Android 10. ඒත් මං ඊටපස්සෙත් ආපු Android 11,12 පාවිච්චි කරලා තියෙනවා වගේම දැනට මම පාවිච්චි කරන්නෙ Android 13 Pixel Experience Official ROM එකක්. ඒ වගේම Pixel Experience ඩිවලොපර්ලා කියලා තියෙනවා මේකට Android 14 එකත් ඉදිරියෙදි ලබා දෙනවා කියලා. මේවා හැම එකක්ම Custom ROM. මට මේ ROM එකේ කිසිම Bug එකක් හමුවුනේවත් වත් Unstable ගතියක් දැනුනෙවත් නෑ. Smoothly Run වෙනවා.

Custom ROM පාවිච්චි කරන එකේ තිබෙන වාසි කිහිපයක්

  • More security and privacy
  • Personalize Everything
  • Good Stability and Compatibility (some ROMs)
  • Use Free and Open Source Software
  • Get Android Updates Faster
  • Remove Bloatware
  • Speed Everything Up
  • Get Better Battery Life
  • Undo Unwanted Changes
  • Enhanced Performance

Custom ROM පාවිච්චි කරද්දි තියෙන අවාසි කිහිපයක්

  • Voiding Warranty
  • Security Risks
  • Not Stability and Compatibility (some ROMs)
  • It may be there bugs (some ROMs)
  • It may be there crashes (some ROMs)

ඉහත සඳහන් කරපු අවසාන අවාසි 3 නම් updates ලැබෙන ROM එකක් නම් ඒ හරහා Fix වෙන්න පුලුවන්.

දැන් ඔයාලා බලනවා ඇති Security එක ගැන වාසි සහ අවාසි කියන දෙකේම සඳහන් වෙලා තියෙනවනෙ කියලා. ඔව් සමහර ROM පාවිච්චි කරද්දි හොඳ Security එකක් වගේම සමහර ROM පාවිච්චි කරද්දි Security Risk එකක් තියෙන්න පුළුවන්. මොකද මං කලින්ම කිව්වනෙ මේවා නිර්මාණය කරන්නෙ Third Party එකක් විසින් කියලා.

හරි, එහෙනම් ඔයාලට බාරයි Custom ROM එකක් පාවිච්චි කරනවද නැද්ද කියන එක. අහ්! තව දෙයක් Custom ROM එකක් Install කරනවනම් හරියටම ඒක ගැන දැනගෙන Install කරන්න. එහෙම නැත්තං නොකර ඉන්න එක තමා හොඳම දේ. මොකද හරියට නොදැන කරද්දි අත්වැරැද්දක් උනොත් එහෙම ඔයාගෙ Phone එක Brick වෙන්න උනත් පුළුවන්. YouTube එකේ ඕනෙ තරම් වීඩියෝ තියෙනවා Custom ROM Install කරන විදිය ගැන. ඒවත් අධ්‍යනය කරන්න.

එහෙමත් බැරිනම් Telegram හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න.


ඉදිරි ලිපියකින් දාන්නම් හොඳ Custom ROM කීපයක් ගැන. එතෙක් Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.