Loading...
Google සමාගම විසින් Pixel Device සඳහා External Display Connect කිරීමේ හැකියාව ලබාදෙයි

High-end Samsung Phone එකක තියෙන සුපිරිම Feature එකක් ලෙස Samsung Dex හඳුන්වන්න පුළුවන්. මේ මඟින් ඔබගේ Phone එක External Display එකකට Connect කළ විට Desktop පරිගණක වටපිටාවක් ලැබෙනවා.

මේ පහසුකම Samsung ලගේ OneUI සමග පමණක් ලැබුනද, මෙවර නිකුත් කිරීමට නියමිත Android 14 QPR3 Beta 2 සංස්කරණයත් සමග ප්‍රථමයෙන් Google Pixel සඳහා External Display Output කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මීට පෙර Android සංස්කරණවලද USB C port එක හරහා Display Output එකක් ලබා ගැනීමේ හැකියාව තිබුණද, ඒවා Software ලෙස Disable කර තිබෙනවා.

මෙම නවතම සංස්කරණයත් සමඟ Device එකෙහි USB C port එකට USB-C to USB-C or USB-C to HDMI adapter එකක් මඟින් Display එකක් Connect කළ විට පහත ආකාරයේ Prompt එකක් දිස්වනවා.

pixel 8 pro mirror to external display

මෙහි Mirror Display මත Click කළ පසු External Display එක වෙත ඔබගේ Phone Screen එක Mirror වීම සිදුවනවා.

බොහෝමයක් වෙබ් අඩවි වල පැතිර යන තොරතුරු අනුව පෙනෙනුයේ නිකුත් වීමට නියමිත Pixel 9 මාදිලියත් සමඟ මෙම පහසුකම Samsung Dex මෙන් Desktop අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන මෙන් සංවර්ධනය විය හැකි බවයි.

Source: androidauthority.com