Loading...
Google සමාගම පළමු Android 15 Developer preview එක නිකුත් කරයි

පසුගිය වසරේ Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel 8 Series එක නිකුත් කිරීමත් සමඟ Android 14 සදහා නිළ වශයෙන් නිකුත් කළ බව ඔබට මතක ඇති. මෙලෙස ලබා දුන් Android 14 සංස්කරණයේ උණුසුම යන්නටත් පෙර Google සමාගම විසින් සුපුරුදු පරිදිම මේ ‌මාසයේදී Android 15 Developer preview එක Android developers ලට ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා.

Android 10 සංස්කරණය වන තුරු අතුරුපසවලින් Android සංස්කරණයන් නම් කර කරමින් සිටි Google සමාගම එම සම්ප්‍රදාය වෙනස් කිරීමට සුදානම් වුවද, සම්ප්‍රදායෙන් ගැලවීමට අසීරු බව පසක් කරමින් අභ්‍යන්තරව ඔවුන් සෑම Android සංස්කරණයක් සඳහාම අතුරුපසවල Code Name භාවිත කරන බව පසුගිය සංස්කරණයන් සමඟ දැකගත හැකි වුවා. එලෙසම Android 15 සංස්කරණය සදහා Vanilla Ice Cream ලෙස Codename එකක් භාවිතා කරන බවට තොරතුරු වනවා.

ඒ වගේම මේ වන විට Developer Previews ලෙස හදුන්වා දී ඇති මේ Android 15 සංස්කරණයේ Beta Version මැයි මාසයේදී පමණ නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Android 15 සංස්කරණයේ නව වෙනස්කම්

පෙර Android versions සමග සැසදීමේදී, සමානකම් රැසක් තිබුණද කැපී පෙනෙන ලෙස මේ සංස්කරණයේ විශේෂාංග හා ක්‍රියාකාරීත්වයන් වෙනස් කිරීමට Google සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

සාම්ප්‍රදායික Screen capture වලින් ඔබ්බට ගොස් privacy feature එකක් ලෙස ඔබට අවශ්‍ය app එකේ පමණක් screen video එක capture කරගැනීමේ හැකියාව ලැබෙනවා.

Notification Cooldown - මේ ඔස්සේ එක් යෙදුමකින් Notifications විශාල ප්‍රමාණයක් ලැබෙන විට අනෙක් Notifications යටපත් වීම වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.

Camera App එක සදහා අඩු ආලෝක තත්වයන් හිදී කැමරා preview එකෙහි brightness වැඩි කිරීමට සහ ඡායාරූප ගැනීමේදී flasher එකෙහි ත්‍රීවතාවය පාලනය කිරීමේ හැකියාවන් ද ලබාදීමට කටයුතු කර ඇත.

Leaked features

  • IOS 16 ඔස්සේ lock screen widgets ලබා දුන් බැවින්, Android සඳහාත් මේ සංස්කරණය ඔස්සේ lock screen widgets ලබා දේ යැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
  • Android 14 මගින් Battery health එක පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලබාදීමත් සමග, Android 15 මගින් එය තව දුරටත් යාවත්කාලීන කර, පරිශීලකයන්ට ප්‍රවේශ වීමට පහසු ලෙස හා තම උපාංගයේ battery එක සම්බන්ධ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකි පරිදි එම පහසුකම වැඩි දියුණු කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.
  • Apps archiving - මෙය මීට පෙර Samsung සමාගම විසින් ඔවුන්ගේ Smartphones සඳහා ලබා දී තිබු feature එකක් වන අතර, මේ ඔස්සේ අදාළ යෙදුමට අදාළ files ඉවත් කර යෙදුමේ මුල් version එකක් තබා ගනිමින් ප්‍රධාන වශයෙන් උපාංගයේ ඉඩ ඉතුරු කරගැනීමට සහය වනු ලබනවා.

මෙවැනි විශේෂ විශේෂාංගවලට අමතරව තවත් විශේෂාංග රැසක් සහ මේ වන විට ලබා දී ඇති විශේෂාංග තව දුරටත් යාවත්කාලීන කර Android 15 සංස්කරණය නිමවා ඇති අතර ඉදිරියේදී මේ සංස්කරණය සමඟ ලැබෙන විශේෂාංග පිළිබඳව සම්පුර්ණ ලිපියක් ඔබ වෙත ගෙන ඒමය අප බලාපොරොත්තු වනවා.

Source: android-developers.googleblog.com