Loading...
වසර ගණනාවකට පසුව Calender සහ Remider apps එකිනෙකට සම්බන්ධ කිරීමට Apple සමාගමට මතක් ​වේ

ඔබ, ඔබගේ එදිනෙදා වැඩ කටයුතු කළමණාකරණය කර ගැනීම සඳහා iPhone එක සුලබව යොදා ගනු ලබන පුද්ගලයෙකු නම් එහි ඇති Reminder App එක ඔස්සේ ඔබ තබනු ලබන Reminders ඔබගේ Calendar එක තුළ නොපෙන්වීමේ අඩුපාඩුව ඔබට දැනටමත් දැනි ඇති බව නිසකයි. මේ නිසා ඔබ බොහෝ විට Reminder App එක භාවිත නොකර Calendar App එක තුළින්ම ඔබට අවශ්‍ය Reminders ඇතුළත් කර ගනු ලබන ඇති බවත් නිසකයි.

මේ ගැටලුවට Apple සමාගම විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත iOS 18 සංස්කරණයත් සමඟ විසඳුමක් ලබා දීමට සුදානම් බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව iOS 18 සංස්කරණය සමඟින් Calendar App එක ඔස්සේම Reminders නිර්මාණය කිරීමේ සහ නැරඹිමේ හැකියාව ලැබෙනු ඇති අතර මෙලෙස නිර්මාණය කරන ලද Reminders සියල්ලම Reminder App එක ඔස්සේ ද නැරඹිමේ සහ වෙනස් කිරීමේ හැකියාව ද ලැබෙනු ඇත.

එමෙන්ම මෙය iPhone සඳහා පමණක් නොව iPadOS, සහ macOS නව සංස්කරණයන් ඔස්සේත් එම devices වෙත ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.androidauthority.com www.macrumors.com