Loading...
DJI Mini Drone මාදිලියේ නවතම සාමාජිකයා DJI Mini 4K

DJI Drones වල Mini Series එක කියන්නේ; Easy to use, Portable සහ Ultra Lightweight Drones වලින් සමන්විත Series එකක්. මෙහි DJI Mini හි සිට Standard සහ Pro Version වශයෙන් මේ දක්වා DJI Mini 4 වෙත පැමිණ තිබෙනවා. නමුත් මීට පැය කිහිපයකට පෙර මෙම Mini Drones පෙළගැස්මේ යම් වෙනසක් සමඟින් DJI Mini 4K නමින් අලුත් Drone එකක් හඳුන්වාදි තිබෙනවා.

මේ Drone එකේ නමින් ම තේරුම් ගන්න පුළුවන් නේ මේක 4K Record කරන්න පුළුවන් කියලා. ඔව් මේ Drone එක 4K 24,25 සහ 30fps වලින් දක්වා සහ 2.7K 60fps වලින් Record කරන්න පුළුවන්.

මෙහි බාහිර පෙනුම බොහෝ සෙයින්ම Dji Mini 2 SE Drone එකට සමාන වනවා. තවද මේ Drone එකේ Weight එක අනෙක් Mini Drones වල වගේම 249g වනවා.

මෙහි කැමරා එක සඳහා 3 Axis Gimbal එකක් යොදා තිබෙන අතර ඒ මඟින් අපට Smooth Video Footages ලබා ගන්න පුළුවන්. මෙහි සම්පූර්ණ Transmission Range එක 10KM වන අතර යම් කිසි ගැටලුවකින් Controller එකත් සමග Signal Lost වීමක් සිදු වුවහොත් Automatically ම පෙර Define වූ Home Point එක වෙත Return වනු ලබනවා.

මෙහි ද Creative Quick Shots ලබා ගත හැකි අතර එක Battery Charge එකකින් ලබා ගත හැකි සම්පූර්ණ Flying Time එක විනාඩි 31ක්.

කෙසේ නමුත් මෙම Drone එක Mini Series එකෙහි අනෙකුත් Drones සමඟ සැසඳීමක් කළහොත් Mini 3 Drone එකෙන් මෙයට වඩා පහසුකම් ලබා ගත හැකි බව බොහෝ විචාරකයින් පවසනු ලබනවා. කෙසේ නමුත් $299 වගේ මුදලකට මේ Drone එක බොහෝ සෙයින් යෝග්‍ය අතර Arial Photography/Videography ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන කෙනෙකුට තමන්ගේ වැඩ පටන් ගන්න හොඳම Drone එකක් ලෙස Dji Mini 4K Drone එක හඳුන්වන්න පුළුවන්.