Loading...
පළමු Flash sale එකේදීම Redmi K50 මාදිලියේ gaming ජංගම දුරකතන ඒකක 70,000ක් විකිණීමට Xiaomi සමාගම සමත් ​වේ

මින් පෙර නිකුත්වුණු Xiaomi Redmi K50 දුරකථන මාලාවෙ Gaming සදාහාම නිකුත් කළ Redmi K50 Gaming දුරකථනය පසුගිය බදාදා එලිදැක්වුනා. මෙය එලිදක්වා පළමු Flash Sale එක තුළ දුරකථන 70000 කට අධික සංඛ්‍යාව​ක් අලෙවි වී තිබුණා. එහෙනම් අද අපි එම Redmi K50 දුරකථනයෙහි විශේෂානග කෙටියෙන් විමසා බලමු.

Display

image source-gsmarena

මෙම දුරකථනයට අගල් 6.67 ක OLED display එකක් අඩංගු වන අතර එහි resolution එක 1080 x 2400 අකාරගනී.මේ display එකට 120 Hz  ක refresh rate එකක් සහ මෙහි aspect ratio එක වන්නෙ 20:9 කි. මෙම display එක Corning Gorilla Glass Victus ආරක්ෂා කර ඇති අතර HDR10+ තාක්ෂණයට ද සහය දක්වයි.

Chipset, GPU, Ram, Storage

Xiaomi Redmi K50 Gaming දුරකථනය බලගැන්වෙන්නෙ 4nm architecture එකෙන් නිමැවුනු Qualcomm SM8450 Snapdragon 8 Gen 1 chipset එකෙනි.මෙහි GPU එක වෙන්නෙ Adreno 730.

මෙම දුරකථනය මාදිලි 3 කින් මිලදී ගන්න හැකියාව පවතිනවා. එනම්, 8 GB RAM එකක් සමග 128GB Storage එකක්, 12 GB RAM එකක් සමග 128GB Storage එකක් සහ 12GB RAM එකක් සමග 256GB Storage එකක් ආදී ලෙසිනි.

OS

image source-techtictok.com

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ලෙස යොදා තිබෙන්නේ Android 12 මූලික කරගෙන නිර්මාණය වුණු MIUI 13 වේ.

Battery

Xiaomi Redmi K50 Gaming හි battery එක විදියට Li-Po 4700mAh non-removable battery එකක් සහ එයට 120W fast charging පහසුකමත් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel  f/1.7 aperture එකක් පවතින primary sensor එකකිනුත් secondary sensor එක විදියට 8-megapixel ultra wide camera එකක් හා 2-megapixel macro camera එකක් ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 4K videos 60fps දක්වා සහ 1080p videos 120fps දක්වාත් වන වීඩියෝ පටිගත කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 20MP එකක් තියෙන camera එකක් ලැබෙන අතර එයට 1080p video 60fps දක්වත් 720p videos 120fps දක්වාත් වන වීඩියෝ පටිගත කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Side mounted Fingerprint sensor එකක් සහ accelerometer, gyro, compass යන sensors  මෙම දුරකතනය තුළ අඩංගු වෙනවා.

මීට අමතරව මෙය Gaming මූලික කරගෙන නිමැවුණු දුරකථනයක් නිසා මෙහි විශේෂාංගයක් ලෙස Physical magnetic pop-up gaming triggers ලබාදී තිබෙනවා.

Source: Gsmarena