මේ ලිපිය WhatsApp පාවිච්චි කරන ඔයාලා වෙනුවෙන්ම තමයි. ඔයා Whatsapp සමග Update එකෙන් හිටපු කෙනෙක්නම් දැනටමත් දන්නවා ඇති, Whatsapp 2018 නොවැම්බර් Update එක සමගම WhatsApp හරහා Stickers යැවීමේ පහසුකම WhatsApp ආයතනය ලබා දුන් බව. ඒ මාස කිහිපයක Sticker Beta පහසුකම ලබා දීමෙන් අනතුරුවයි.

ඉතිං මේ Update එකෙන් පස්සේ හුගාක් දෙනෙක්ට තිබුණ ප්‍රශ්නයක් තමයි “සිංහල Stickers“ කොහොමද මේ විදිහට WhatsApp වලට Add කරගන්නේ කියන දේ. WhatsApp වෙතින් Official Sticker Update එක ලබා දෙන විටත් , එනම් 2018 නොවැම්බර් 03 වන දින මෙම Stickers App එක Beta වලටත් Release කරන්න NebuloApps කණ්ඩායම කටයුතු කරලා තිබුන නිසා, ඒ සියලුම දෙනාට මේ “ Sinhala Stickers for WhatsApp “ ඇප් එක ලබා ගෙන භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.. මේ වන විටත් 113,000 කට අධික Downloads ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයක්.

මෙම “ සිංහල Stickers “ App එකේ විශේෂත්වය වන්නේ කුමක්ද.??

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Playstore එකට Released වුන “ සිංහල Stickers “ App එක වීම.
  • ජනප්‍රියම සහ වැඩිම Downloads ප්‍රමාණයක් හිමි “සිංහල Stickers” ඇප් එක. (මේ වන විට Downloads 100,000 + )
  • දිනපතා යාවත්කාලීන ලබා දෙන එකම සිංහල Stickers App එක.
  • 100% ක් NebuloApps කණ්ඩායමේ අයගේ අතින්ම නිර්මාණය වන සිංහල Stickers ඇතුලත් වීම. ( Unique Content. )
  • කෙටි කාලයක් ඇතුලත ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයක් සමගම සම්බන්ධ වීමට හැකි වීම. ( උදා: ITN SriLanka )

මේ වන විට 300 කට අධික ආකර්ශණීය Stickers ඇතුලත් Sticker Pack 19 ක් පමණ ඔබට ලබා දීමට NebuloApps කණ්ඩායම කටයුතු කරලා තිබෙනවා. මේ වගේ Stickers Pack දිනපතා ලැබෙන නිසා මෙය ලංකාවේ විශාලතම “ සිංහල Stickers “ Market එක කිව්වොත් නම් හරියටම හරි.

කොහොමද මේ App එකෙන් Stickers WhatsApp වලට ඇතුලත් කරගන්නේ?

01. මුලින්ම ඔයාලගේ Android Smart Phone එකේ හෝ Android Tablet Device එකේ WhatsApp ඇප් එකට Google PlayStore එකෙන් දීලා තිබෙන අලුත්ම WhatsApp Update එක ලබා ගන්න.

02. Google PlayStore වලින් “Sinhala Stickers” හෝ “සිංහල Stickers” කියලා Search කරලා “Sinhala Stickers for WhatsApp” ඇප් එක ඔයාගේ Device එකට Install කරගන්න.

03. දැන් “ Sinhala Stickers for WhatsApp” ඇප් එක Open කරලා, අවශ්‍ය Sticker Pack උඩ touch කරලා ඒ වෙත ගිහිං “Add to WhatsApp“ Click කරලා Sticker Pack එක WhatsApp වෙත Add කරගන්න පුලුවන්

04. දැන් WhatsApp ඇප් එක Open කරලා බලන්න. ඔයා Add කරගත්ත ඔක්කොම Stickers Pack සහ සියලුම Stickers ඒ තුල දැක ගන්න පුලුවන් වෙයි. දැන් ඔයාගේ යාලුවන්ට, පවුලේ අයට සිංහලෙන්ම ස්ටීකර්ස් යවලා එයාලා පුදුමයට පත් කරන්න.

මේ ඇප් එක ගැන ඔයාලගේ අදහස් Nebulo Apps team එකට කියන්න. ඔයාලගේ වැඩිම ඉල්ලීම ප්‍රමාණය අනුව ඔවුන් අලුත්ම Stickers Pack ලබා දීමට සූදානම්.

Website : http://www.nebuloapps.com | Email : info@nebuloapps.com