ශ්‍රී ලංකාව වගේ විදුලිබලය නිතර විචලනය වෙන රටක PC, Servers වගේ ඒව එක්ක අනිවාර්යයෙන් පාවිච්චි වෙන එකක් තමා UPS එක කියන්නේ. හැබැයි බහුතරයක් දන්නේ නෑ UPS එක ගැන හරියටම. මේක ලියන්න හේතු උනේ අද කෙනෙක් කීව දෙයක් නිසා.

කතාව කෙටියෙන් මේකයි. කෙනෙක්ගෙ PC එකට පරණ (4 Years Old) UPS එකක් සෙට් කරල තියනව. සාමාන්‍යය වැඩක් කරන වෙලාවට කරන්ට් එක ගියාම, ඩිම් උනාම අව්ලක් නැතුව UPS එක සාමාන්‍යය විදිහට වැඩකරනව. හැබැයි Heavy System ලෝඩ් එකෙන් දුවනකොට ක්ශණික විදුලි විචලනයකදි PC එක ක්ශණිකව ඕෆ් වෙලා ඔන් වෙනව. ඒවගේම හෙවි System Load එකක් තියනකොටත් කරන්ට් එක ගියාම UPS එක කීපසැරයක් එකලඟ බීප් වෙලා PC එක ඕෆ් වෙලා ඔන් වෙනව.

(ක්ශණික විදුලි විචලනය කිව්වේ තප්පරයකට හෝ තප්පර 0.5කට විදුලිය විසන්දි වීම. ඩිම් වීම නෙවේ)

මිනිහ ඉතින් UPS එකේ අව්ලක් කියල හිතල අලුත් UPS එකක් අරං. වැඩේ කියන්නේ අවුල එහෙම්මයි. මිනිහට මළපැනල UPS එක ගත්තු ශොප් එකට කෝල් කරල බැනල. (UPS දෙකම එකම ශොප් එකෙන් අරං තියෙන්නෙ).

ශොප් එකෙන් ඉතින් මාරු කරල දීලා. මාරුකරල දුන්න එකත් අරං යන ගමන් තමා මට ඕක කිව්වේ. හැබැයි විස්තරේ අහල අලුතෙන් දුන්න එක පොඩ්ඩක් චෙක් කලාම තමා මාරුකරල දුන්න එකෙනුත් මිනිහගේ ප්‍රශ්ණේ විසඳෙන්නේ නෑ කියල මට මීටර් උනේ.

මොකද ඇත්තටම වෙලා තියෙන්නෙ UPS එකේ අව්ලක් නෙවේ. UPS එක බොහොම හොඳට වැඩකරනව. ඩැමේජ් අරව මේව මුකුත් නෑ.

මේක එක අතකින් අදාල කඩේ වැරැද්ද. මොකද විකුණන එකා සේරටම කලින් මේව ගැන දැනන් ඉන්න ඕන නිසා.

දන්නවද UPS එකකට බැටරි එකෙන් අවුට්පුට් කරන්න පුළුවන් උපරිම ඇම්පියර් ගානක් හා වෝල්ටේජ් එකක් තියෙනව. ඒකේ තේරුම තමා දෙන්න පුළුවන් උපරිම වොටේජ් එකක් තියනව. ආන් ඒ උපරිම වොටේජ් එක පැන්නොත් UPS එකේ බැටරියට ඒ වොටේජ් එක දෙන්න බැරුව UPS එක ඕවර්ලෝඩ් වෙනව.

උදාහරණයක් විදිහට 650VA කැපෑසිටි UPS එකක උපරිම වොටේජ් එක වොට් 330යි. (අවුට්පුට් එක 220V over 1.5Amps නම්.)

( VA කියන්නේ පවර් කැපෑසිටි එකගැන මිනුමක්. Volt-Amps. මේක AC සර්කිට් එකකදි සෘජුව වොට් වලට හරවන්න බෑ. DC නම් කෙලින්ම 1VA = 1W. UPS වලදි මේ කන්වර්ට් එකේදි VA ප්‍රමාණයෙන් 1/2ක් වගේ තමා වොටේජ් එක විදිහට ප්‍රායෝගිකව ලැබෙන්නේ. ඒකයි 650VA එකෙන් 330W එන්නේ.)

හැබැයි බහුතරයක් PC වල PSU එක 500W වගේ. හැබැයි ඉතින් 500W වලින් පීසී එක දුවන්නේ නෑනේ නිතර. උපරිම ලෝඩ් එකෙන් දුවන්නේ 350Wක් 400Wක් වගේ. ඉතින් මේ වගේ වෙලාවක 650VA UPS එකක් මදි කියල පේනවනේ.

ඔයාගේ PC එක යම් මොහොතක UPS එකේ උපරිම වොටේජ් එකට වඩා කරන්ට් එකක් පාවිච්චි කරන වෙලාවක කරන්ට් එක ගියොත් UPS එකට අදාල පවර් එක දෙන්න බැරුව UPS එක ඕෆ් වෙලා යනව.

මේන් මේ හේතුව නිසා තමා ගාන වැඩිඋනත් නිතරම අඩුම ගානේ 1200VA කැපෑසිටි එකේ 750W අවුට්පුට් එකක් දෙන්න පුළුවන් UPS එකක් පාවිච්චි කරන්න කියන්නේ.

ඇත්තටම UPS එකකට ඕවර්ලෝඩ් එකක් දරාගන්න පුළුවන් කමක් තියනව. හැබැයි ඒ බැටරි එකේ චාර්ජ් එක 80%ක් වගේ ඉහල අගයක තිබ්බොත් විතරයි. හැබැයි මේ ඕවර්ලෝඩ් එක දරාගැනීමේ හැකියාව සමහරුන්ගේ විවිධ UPS එක ගැන තියන මත නිසා ප්‍රයෝජනයට ගන්න බැරි වෙනව. හේතුව මෙහෙමයි.

ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නව PC එකේ නෝමල් වැඩකරනකොට UPS එක චාජ්වෙන නිසා අමුතුවෙන් ඒක චාජ්කරන්න ඕන නෑ කියල.

මේක ඇත්ත. හැබැයි අව්ලක් තියනව. මොකද ලංකාවේ බහුතරයක් ප්‍රදේශවල 220V එකක් එන්නේ නෑ නිතරම. බොහෝදුරට ඊට අඩු වෝල්ටීයතාවක් තියෙන්නෙ. එහෙමත් නැත්නම් 220Vට ආසන්නව නිතර විචලනය වෙනව. මේ වගේ තත්වයකදී UPS එකේ බැටරි එක චාර්ජ් වෙන්නේ නෑ.

UPS එකක බැටරියෙන් උපරිම දුවන්න පුළුවන් විනාඩි 8ත් 20ත් අතර කාලයක් විතරයි. ( ලෝඩ් = වොටේජ් එක මත. )

මේ හේතුව නිසා එක ලඟ දවස් කීපෙක විනාඩි දෙක තුන බැගින් කරන්ට් එක ගිහින් UPS එකේ බැටරියෙන් දිව්ව නම් බොහෝදුරට UPS බැටරි එකේ චාජ් එක 10%ක් 20%ක් වගේ දක්වා අඩුවෙලා තියෙන්න පුළුවන්.

මේ නිසා හදිසි ඕවර්ලෝඩ් එකක් දරාගන්න UPS එකට බැරිවෙනව.

ක්ශණික විදුලිය විචලනයක් දරාගන්න නම් අනිවාර්යයෙන් UPS එක හොඳින් චාර්ජ් වෙලා තියෙන්න ඕන.

UPS බැටරියක් ෆුල් චාර්ජ් වෙන්න අවම පැය 24ක් යනව. හැබැයි ඒ ෆුල් චාජ් වෙන්න. ඒනිසා සතියකට වරක් පැය 8ක් වත් UPS එක නිකන් චාජ් වෙන්න දෙන එක හොඳයි.

UPS බැටරියක ආයුකාලය අවම අවුරුද්දක්වගේ වෙනව.

UPS බැටරි එච්චර මිලක් යන දෙයක් නෙවේ. ඒනිසා වසර එකහමාරකට වරක් UPS බැටරි මාරු කරන එක අනුමත කරන්න පුළුවන්. එහෙම මාරු කරනකොට ඒ බැටරිය UPS එකට ගැලපෙන එකක් දාන්න මගබලාගන්න.

ඕක තනියෙන් කරන්න පුළුවන් උනත් පුහුණුවක් නැතුව UPS බැටරියක් මාරු කරන්න යන එක අන්තිම මෝඩ වැඩක්. ඒනිසා පුරුද්දක් තියන කෙනෙක් ලවා කරගන්න.

ක්ශණික විදුලි විසන්දියකදි PC එකේ GPU, Processor වගේ ඒවට සාමාන්‍යයෙන් හානියක් වෙන්නේ නෑ.

නමුත් Mechanical Hard Disk Drive වලට මේක හානිකරයි. ඒනිසා UPS එකක් ගන්නකොට දෙපාරක් හිතන්න තමංගෙ පවර් යූසේජ් එකට අදාල UPS එක ගැලපෙනවද කියල!