Loading...
UNIX | Linus Torvalds, Steve Jobs සහ Bill Gatesගේ නිර්මාතෲ

Unix හි (නිලලත් Trademark එක UNIX වන අතර, ඇතැම් විට Unix ලෙස ලියන අවස්ථාද ඇත. විවිධ කටයුතු, විවිධ ප්‍රයෝජන සදහා මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය මුලින් නිර්මාණය කරන ලද්දේ 1969 වර්ෂයේදී AT&T කණ්ඩායමෙහි සේවය කරන ලද Ken Thompson, Dennis Ritchie, Brian Kernighan, Douglas McIlroy සහ Joe Ossanna යන පිරිස විසිනි.

Ken Thompson සහ Dennis Ritchie, UNIX නිර්මාණය අතරතුර
Ken Thompson සහ Dennis Ritchie, UNIX නිර්මාණය අතරතුර

ආරම්භයේදී මෙම මෙයෙහුම් පද්ධතිය ගොඩ නැගුණේ Assembly language එකක් වශයෙනි. එහෙත් 1973 වර්ෂයේදී මුළු මුලින්ම පාහේ C Programing Language එක මත නිර්මාණය කරන ලදි.

මෙය දියුණු කිරීමට සහ දෘඪාංග අතර තිබෙන පහසුකම් වැඩි දියුණු කිරීමට මෙය දායක කරගන්නා ලදි. අද වන විට Unix system එක විවිධ කොටස් වලට වෙන් වෙන්ව තිබෙනවා. AT&T හි නිර්මාණක කාලය සමග විවිධ වාණිජමය සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන (University of California සහ Berkeley Software Distribution) සහ ලාභ උපයා ගැනීම සදහා නොවන විවිධ සංවිධාන විසින් Unix වැඩි දියුණුවට ක්‍රියාකළේය.

The Open Group කර්මාන්ත අයතන විසින් UNIX trademark හි මූල්‍යමය හිමිකාරත්වය දරයි. මෙහි ක්‍රියාපිළිවෙල පමණක් එකගතායවන්ට අනුව Single UNIX Specification කොන්දේසී සහිතව trademark එක භාවිත කල යුතුයි. අනෙකුත් පාර්ශවයන්ට මෙය Unix system-like හෝ Unix-like ලෙස භාවිත කරලීමේ පහසුකම් ලබුණද එයට The Open Group හි විරුද්ධත්වය එල්ල විය. කෙසේ නමුත් සෑම මෙහෙයුම් පද්ධතියක්ම trademarked system එකට සමීප සමානකම් තිබෙයි.

1970 අවසාන භාගයෙහි සිට 1980 අතර තුර කාලයේදී, Unix අකාර්යක්ෂම සමූහයක් වශයෙන් කටයුත් කළත්, මේ අතර තුර කාලයේදී මෙය විශාල ප්‍රමාණයක් පිළිගැනීමට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ, University of California, Berkeley මේ සදහා අත ගැසීමයි. එය ව්‍යාපාරික කටයුත්තක් සදහාය. ඉතා විශිෂ්ට Solaris, HP-UX සහ AIX, එසේම, Darwin (operating system), Apple’s Mac OS X, Apple TV, සහ iOS මතුපිට අත්තිවාරම වශයෙන් Unix ක්‍රියාකරයි.

මේ අතරෙන් වැඩියෙන්ම Unix භාවිත කරන්නේ Linux මෙහෙයුම් පද්ධති විශේෂ තුළය. අප විසින් භාවිත කරන Power Data Centers, Desktops, Mobile Phones, And Embedded Devices ඒ වගේම Routers, Set-top Boxes හෝ E-book Readers යටතේ Unix පද්ධති භාවිත කරලීම සිදුකරයි.

අද වන විට සහතික කරන ලද සංකලනය කලින් සදහන් කල ආකාරයට Unix-like Operating Systems එසේම MINIX, Linux, Android සහ BSD පරම්පරාවෙහි නිර්මාණ අතර වන FreeBSD, NetBSD, OpenBSD සහ DragonFly BSD Unix පොදුවේ මුණගැසීම සිදුවේ. පරම්පරාගත ආකාරයට Unix හෝ Operating System විස්තර කිරීම සදහා Version 7 Unix UNIX System V මුහුණුවර දැක්විය හැකියි.

Unix මෙහෙයුම් පද්ධතිය වැඩියෙන්ම භාවිත කරන්නේ Server, Workstation සහ Mobile Device සදහාය. Unix මෙහෙයුම් පද්ධතියෙහි Environment සහ Client–server වැඩසටහන් ආකෘතිය මූලික වශයෙන් අන්තර්ජාලය Internet සහ පරිගණකයක් මූලිකාංග පද්ධතියක් Network එකක් සේ හැඩගැන්වීම සදහා Reshaping වැඩා වැඩියෙන් පෞද්ගලික පරිගණක සදහා ක්‍රියාකරවයි.

පටන්ගැනීමේදී Unix නිර්මාණය යූයේ පරිගණක ක්‍රමලේඛන සදහා අවශ්‍ය විවිධ Application – යෙදයුම් මෘදුකාංග ක්‍රියාත්මක කරගැනීම සදහා අවශ්‍ය වට පිටාව සකස් කරගැනීම සදහාය. එහෙත් මෙය මෙතාක් Operating System එකක් බවට දියුණු වීමට හේතුපාදක වී තිබෙන්නේ පරිශීලයන් විසින් සදහා ඔවු නොවුන්ගේ දැනුම් සම්භාරයෙන් නිර්මාණය කරගත් විවිධ ක්‍රියාපිළිවෙත් එකතු කරමින් එකි නෙකා ඇතර හුවමාරු කරගනිමින් Unix සදහා හවුලකාරයන් බවට පත්වීමයි.

Unix සහ C programming language ද්විත්වය වැඩිදියුණු කරන ලද්දේ AT&T විසිනි. මෙය බෙදාහැරීම රාජ්‍ය සහ ශාස්ත්‍රඥ (academic) ආයතන සදහා පමණක් සීමා විය. එකල පැවති විවිධ වර්ගයේ උපකරණ ක්‍රියාකරවීමට අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව ඉහළ අගයට පැවතුණි. ඒ නිසාවෙන් Unix මෙහෙයුම් පද්ධතියක තුල්‍යාර්ථික (synonymous) ලෙසට පත්විය.

Unix මෙය නිර්මාණය කරන ලද්දේ Portable, Multi-tasking Multi-user සහ Time-sharing පහසුකම් සහිතවයි. Unix පද්ධතියක් විවිධ සංකල්ප ඔස්සේ විදහා දැක්වීමේ හැකියාවත් පවතිනවා. දත්ත ගබඩා කිරීම සදහා plain text භාවිත කිරීම, දූරානුක්‍රමව යොදා තිබෙන File System එක, Device සහ Inter-Process Communication (IPC) ෆයිල් එකක් ලෙස සැලකීම, Software Tools විශාල ප්‍රමාණයක් භාවිත කරීම, මේ නිසාවෙන් කුඩා මෘදුගාංයක් දිගින් දිගටම Command Line Interpreter මගින් සම්පූර්ණයෙන් වැඩි දියුණු කර සකස් කිරීමේ හැකියාව ලැබීමට පුළුවන.

එකම ක්‍රියාවත් සදහා විරුද්ධව නැගී සිටින මෘදුකාංගයන් මේ නිසාවෙන් සීග්‍රතාවයෙන් සමාන වීම සිදුවේ. මෙය සංකල්පය Unix philosophy නමින් අප දැනුවත් විය යුතුයි. Kernighan සහ Pike summarize මොවුන්ගේ සංකල්පය වන The Unix Programming Environment, මෙම පද්ධතියෙහි අනෙකුත් මෘදුකාංග සදහා සහභාගිත්වයෙන් මෙතරම් දුරක් පැමිණිමට වඩාත් වැදගත් වු අදහසක් ලෙස හදුන්වනු ලබයි.

බොහොමයත් මෙයෙහුම් පද්ධති සදහා දායක කරගන්නා Kernel, මෙම Unix යටතේ ක්‍රියාකාරීත්වය ලබයි. මෙමගින් Kernel හි විවිධ utilities රාශියක් master control program යටතේ ක්‍රියාත්මක වීම සිදුවේ. මෙමගින් පරිගණකයේ File System එක සහ අනෙකුත් පොදු ක්‍රියාකාරකම් බොහොමයක් මෙම Unix පාදක කරගනිමින් සිදුවේ. Linux මෙහෙයුම් පද්ධතියේ කොදු නාරටිය ලෙස හදුන්වන මෙම Linux Kernel ඔබ දැනටමත් මේ ගැන දන්නවා ඇති, Unix යගේ දෘඪාංග පාලයන සහ මෘදුකාංග ක්‍රියාකාරිත්මව තව තවත් දියුණු කිරමින් Linux Kernel ගොඩ නැගෙමින්, Linux Kernel උපයෝගී කරගනිමින් විවිධ Linux මෙහෙයුම් පද්ධති නිර්මාණය කරලීම සිදු කරයි.

මෙම යුගයෙදි භාවිත කරනු ලැබු සාමාන්‍ය පරිගණකයක දෘඪ තැටිය දත්ත ගබඩා කිරීමේ මාදයක් ලෙස භාවිත කරනු ලැබූ අතර ආදාන සහ ප්‍රතිදාන උපක්‍රම යුගලය සදහා I/O ලෙස හදුන්වන Input Output ක්‍රියාවලිය සදහා data terminal භාවිත කරනු ලැබුවෙමි. මෙම Unix file ආකෘතිය නියම ආකාරයෙන් ක්‍රියාත්මක විය. Line එකක් ලෙස භාවිත කරනු මෙය, පසු කලෙක පද්ධති වර්ධනයත් සමග Networking සහ Other device භාවිතයට ගැනිණි. මෙය graphical interfaces එකක් බවට දියුණු කර තිබුණි. මෙම File ආකෘතිය ක්‍රියාකාරිත්වය සදහා තරමක් අපහසු නිසා පසු කලෙක Mouse (computing) මෙහි ක්‍රියාකාරිත්වයට පැමැණියේය.

1960 වසරේදී Massachusetts Institute of Technology, AT&T Bell Labs සහ General Electric යටතේ දියුණු කිරීම සමගින් පායෝගික පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සකස් කරන මෙහෙයුම් පද්ධති නම් කරන ලද්දේ Multics ලෙසිනි. මෙය GE-645 mainframe පරිගණක බල ගැන්වීම සදහා යොදාගන්නා ලද පද්ධති වේ. Multics විසින් බොහෝ පද්ධති සදහා නවතැන් සැපයුවත් බොහොමයක් ප්‍රශ්න තිබුණි.

මෙසේ ආරම්භ කරවූ මෙය, වඩාත් නිවැරදි ආකාරයෙන් ගැටලු සහ දෝෂ සහිත තැන් නිවැරදි කරමින් අද වන විට පත්ව තිබෙනවා. මේ අකාරයෙන් Unix හි ගමන කෙටියෙන් විස්තර කර දැක්වීමට පුළුවනි. වසර 40කට වැඩි සේවා කාලයක් සපිරි Unix අදටත් යාවත්කාලීන කරමින් The Open Group යටතේ ක්‍රියාත්මකයි.