Loading...
Ubuntu – ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්

නිදහස් මෘදුකාංග වල තිබෙන අගය ඔබ විසින් නොහදුන නිසාවෙන් ඒවා භාවිතයෙන් ඈත්ව සිටියත් එය මුදල් මත යැපෙන අනෙකුත් මෘදුකාංගය විශේෂයන්ට වඩා ප්‍රභල බව මෘදුකාංග ක්ෂේත්‍රයේ නිහැලෙනන් නොදන්න හරසකි. ඔබ හැම දෙනාටම මීට පෙර ලිපියෙන් නිදහස් මෘදුකාංගක ක්ෂේත්‍රය් මහා පෙරලියක් ඇති කර තිබෙන Linux මෙහෙයුම් පද්ධතිය ගැන විස්ථර කලා මතක ඇති.

ඒ නිසාවෙන් ඔබ සියලු දෙනා මේ වන විට දැනගෙන සිටිය යුතු කරනක් තමයි Linux Kernel සම්බන්ධයෙන්, Linux Kernel කොදු නාරටිය කරගනිමින් විවිද වූ මෙහෙයුම් පද්ධති ගෙඩනැගුනත් විශාල පිරිසක් ආකර්ෂණ කරගත හැකි සේවාවත් සපයන Ubuntu මෙයෙහුම් පද්ධතිය ගැන ඔයාලා හැමෝම දන්නවා ඇති. අපේ පරිගණකයේ නිතර භාවිත කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාවිරහිත වීමදී අවශ්‍ය ෆයිල් බැකප් කර ගැනීමට සදහා Ubuntu Live CD එකක් භාවිත කරපු අය ඇති අපි අතර ඕන තරම්. ඔයාලට මම අද කියන්න බලාපොරොත්තු වන්නේ මෙම Ubuntu මෙහෙයුම් පද්ධතිය ගැන ඔයාලා දැනගත යුතු කරණු කිහිපයකි.

උබුන්ටු යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත.

දර්ශන විද්‍යාවක නමක්

දකුණු අප්‍රිකානු උබුන්ටු (“ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්”) දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත. විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී. අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක් පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණක භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග බලපත්‍රයක් (නිදහස් මූලාශ්‍ර ලෙසද හඳුන්වයි)යට‍තේ බෙදාහැරි මෘදුකාංග වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම GNU General Public License (GNU GPL) බලපත්‍රය සමග GNU Lesser General Public License (GNU LGPL) භාවිතා කර ඇත.

එම බලපත්‍ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ, පිටපත් කිරීමේ, බෙදාහැරීමේ, ගවේශනයේ, වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත. උබුන්ටු සඳහා දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්ත් ට අයත් කැනොනිකල් ලිමිටඩ් යන එංගලන්ත ආයතනය අනුග්‍රහය දක්වයි. එකී කැනොනිකල් ලිමිටඩ් ආයතනය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන් සහ සේවා සැපයීම මගින් ආදායම් ලබයි.

එසේම තවත් උබුන්ටු ව්‍යුත්පන්නයන් හයක් සඳහා කැනොනිකල් ආයතනයේ අනුමැතිය හා සේවාවන් ලබාදේ: Kubuntu, Edubuntu (උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය ලෙසද මෙය හඳුන්වයි), Xubuntu, Ubuntu Mate, Mythbuntu සහ Ubuntu Server සංස්කරණය. ඊට අමතරව ස්වභාෂිත සහ සමහර දෘ‍ඪාංග සඳහා සුවිශේෂිත වූ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් ව්‍යුත්පන්නයන් කිහිපයක්ම පවතී.

කැනොනිකල් ආයතනය සෑම මාස හයකට වරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරනු ලබන අතර මාස දහඅටක් ගතවන තුරු ආරක්ෂක ප්‍රතිස්ථාපනයන්, ක්‍රමලේඛයක, පද්ධතියක හෝ වැඩසටහනක ඇතිවන අවදානම් සහගත දෝෂ නිවාරණයන් හෝ සුළු නවීකරණයන් ඇතුළු අළුත්වැඩියාවන් සපයමින් සේවා දායකත්වය ලබාදේ. ඊට අමතරව සෑම අවුරුදු දෙකකට වරක් දිගුකාලීන සේවා (LTS) අනුවාදයක් නිකුත් කරනු ලබන අතර එමගින් ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකටද සර්වර් සංස්කරණ සඳහා අවුරුදු පහකටද සේවාවන් සපයනු ලබයි.

ඉතිහාසය සහ සංවර්ධන ක්‍රියාපටිපාටිය

උබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙදාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය.

උබුන්ටු බෙදාහැරිම් සැමවිටම නවතම ජීනෝම් අතුරුමුහුණත සමඟ පැමිණේ. මෙය අනෙකුත් ඩේබියන් බෙදා හැරීම් වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. නාමිකව එම්පිස්, ක්ඇන්ඩ්රෝස්, ලින්ස්පියර්, පොගෙන්සි හා ලිබානෙට්. මෙවා බොහෝ විට සංවෘත කේත හා මුල්‍යපාදක බෙදාහැරීම් විය. නමුත් උබුන්ටු, ඩේබියන් හි සංකල්පයට වඩාත්ම ගැලපෙන පරිදි බොහෝ විට නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරයි.

බෙදාහැරීම පිළිබඳව

උබුන්ටු ඩේබියන් ලිනක්ස් මත පදනම් වූ නිදහස් මෙහෙයුම් පද්ධතියකි. එහි නාමය ‘සූලූ’ වචනයක් මත තීරණය වි ඇත. මෙහි අර්ථය, අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැක. උබුන්ටු සංකල්පය වන්නේ, මා, මා වන්නෙ මා අවට සිටින අන්‍යයන් නිසාය ලෙස සමාජය පිලිබදව යහපත් ආකල්පයක් ලබා දීමයි.

උබුන්ටු වල මූලික අරමුණ නවතම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් සාමාන්‍ය භාවිත කරන්නන් වෙත ලබා දීමයි. මෙහිදි, පද්ධතියේ භාවිත කිරීමෙ පහසුවත්, ස්ථාපනය කිරීමෙ පහසුවත් පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇත. උබුන්ටු වඩාත්ම ප්‍රචලිත ලිනක්ස් බෙදාහැරීම ලෙස වාර්තාගත වී ඇත්තේ සියළුම මෙහෙයුම් පද්ධති භාවිත වලින් 30% පුමාණයකට හිමිකම් කීමෙනි.

උබුන්ටු නිදහස් හා ව්වෘත මෘදුකාංග එකතුවකි. එහි අර්ථය මෙය නිදහසේ බාගත කිරීමට, රිසි පරිදි භාවිතා කිරීමට, බෙදා හැරීමට හා නවීකරණයට ඔබට නීතිමය බාධාවක් නොමැති බවයි. තවදුරටත් මෙහි කේත නොමිලේ ලබා ගැනීමට, දියුණු කර නැවත බෙදා හැරීමටද පුළුවන.

උබුන්ටු සඳහා මූල්‍යමය ආධාර ලබා දෙනුයේ ඇමරිකානු කැනෝනිකල් ආයතනය මගිනි. මෙම ආයතනය දකුණු අප්‍රිකානු ව්‍යවසායකයකු වන මාක් ෂටල්වර්ත් මහතා සතු ආයතනයකි. කැනෝනිකල් ආයතනය උබුන්ටු මිලට දිමෙන් තොරව, මුදලට කාර්මික සහය ලබාදිමෙන් ලාභ අපේක්ෂා කරයි. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ආයතනයට ලොව පුරා සිටින නිදහස් මෘදුකාංග පාර්ශ්වකරුවන්ගේ (ලිනක්ස්, ඩේබියන්, ජීඑන්යු) සහය ලබා ගත හැක. මෙ නිසා සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.

කැනෝනිකල් ආයතනය උබුන්ටු මත පදනම් වු බෙදාහැරීම් හතරකට කාර්මික සහය ලබා දේ. නාමිකව කුබුන්ටු, ක්සුබුන්ටු, එඩියුබුන්ටු, උබුන්ටු ‘ජුස්’ සැම මාස 6 වරක්ම කැනෝනිකල් ආයතනය නව උබුන්ටු නිකුත්කිරිමක් හදුන්වා දේ. මෙම නිකුතු සඳහා මාස 18 කාලයක් දක්වා කැනොනිකල් මගින් යවත්කල් සපයයි. මෙහිදි ආරක්ෂක යවත්කල්, සංකිර්ණ නිවැරදි කිරීම් ආදිය පාරිභෝගිකයාට නොමිලයේ ලබා ගත හැක.

දැනට භාවිතා වන නවතම බෙදා හැරීම 20.04 හෙවත් Focal Fossa වේ. (2020 අප්‍රේල් මස 23 වැනි දා)

නවතම උබුන්ටු සංස්කරණයේ පෙනුම ubuntu.com

ඉතිහාසය හා ගොඩනැගීම

උබුන්ටු, ඩේබියන් ව්‍යාපෘතියේ කේත මූලධර්මයන්ගෙන් පැවත එන්නකි. නිරන්තර නවීකරණයන්ගෙන් යාවත්කාලීන වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම, සෑම මාස හයකට වරක්ම උබුන්ටු නව අනුවාදයක් නිකුත් කි‍රීමේ මූලික අරමුණයි. 2004 ඔක්තෝම්බර් මස 20 වන දින උබුන්ටු මංගල අනුවාදය එළිදක්වන ලදී.

GNOME නව අනුවාදයක් නිකුත් කිරීමෙන් මසකට පමණ පසුව උබුන්ටු එළිදැක්වීමක් සිදුවේ. සමහර වානිජ දෘඪාංග ධාවක හැරුණු විට, වානිජ සහ රහස්‍ කේත වැඩසටහන් භාවිතා කරනු ලබන, ඩේබියන් ව්‍යාපෘතියෙන් පැවත එන්නාවූ අනෙකුත් ව්‍යාපෘති / නිකුතුවලට සාපේක්ෂව උබුන්ටු සඳහා මූලික වශයෙන් නිදහස් මෘදුකාංග භාවිතා කරයි].

ඩේබියන්හි අස්ථායි අංශයන්ගෙන් සමන්විත පැකේජ, උබුන්ටු පැකේජ සඳහා පදනම වී ඇති අතර මෙම බෙදාහැරීම් දෙකම ඩේබියන්හි deb පැකේජ ආකෘතිය සහ පැකේජ කළමනාකරණ මෙවලම් (APT සහ Synaptic) භාවිතයට ගනු ලබයි. ඩේබියන් හා උබුන්ටු පැකේජ එකිනෙක කෙරෙහි ද්වීමය අනුරූපතාවයක් දැක්විය යුතු නැති නමුත් උබුන්ටු සමග භාවිතා කිරීම සඳහා .deb පැකේජයන්හී කේත නැවත ගොඩනැගිය යුතු අවස්ථාද පැන නගී.

උබුන්ටු ගොඩනගන්නන්ගෙන් බොහෝදෙනෙකු ඩේබියන්හි ප්‍රධාන පැකේජ නඩත්තුකරන්නන් වේ. උබුන්ටු සඳහා ඩේබියන් ‍අන්‍යේන්‍යව උපකාරීවන අතරම සිදුවන වෙනස්කම් මගින් ඩේබියන්ද වෙනස්කම්වලට භාජනය වේ. එනමුත් එය එසේ සිදුනොවන බවටද විවේචනයන් පවතී. කලකට ඉහත ඩේබියන් නිර්මාතෘ ඉයන් මර්ඩොක් පවසා ඇත්තේ උබුන්ටුවල අනුරූපීයතාව පවත්වා ගැනීම සඳහා ඩේබියන් සර්ජ් වලට වඩා උබුන්ටු පැකේජ කෙරෙහි අවධානය යොමුකිරීම වෙනස් මගක් ගන්නා බවයි.

උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමකට පෙර දිගින් දිගටම ලබාගන්නා ඩේබියන් අස්ථායි පැකේජ, උබුන්ටු සඳහා විශේෂිත වූ වෙනස්කම්වලට ලක්කරමින් එකිනෙක සම්බන්ධ කරනු ලබයි. සෑම නිකුතුවකටම මසකට පෙරාතුව පැකේජ නවත්වා ලබාගැනීම එසේ ලබාගත් පැකේජ ගැටළුවකින් තොරව එකිනෙක ක්‍රියාත්මක වනබවට තහවුරු කරගනී.

දැනට උබුන්ටු සඳහා කැනොනිකල් ලිමිටඩ් ආයතනය මගින් ආධාර සපයනු ලබයි. 2005 ජූලි මස 8වන දින මාර්ක් ෂට්ල්වර්ත් සහ කැනොනිකල් සමාගම එක්ව උබුන්ටු පදනමේ ආරම්භය ප්‍රකාශයට පත් කළ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක ආධාරයක්ද කරන ලදී. මෙම පදනම ආරම්භ කිරීමේ මූලික අරමුණවනුයේ ඉදිරි උබුන්ටු අනුවාදවල ගොඩනැගීම සහ සේවා සැපයීම තහවුරු කිරීමයි. මාර්ක් ෂට්ල්වර්ත් පවසන පරිදී මෙම පදනම “හදිසි අරමුදලකි”[කැනොනිකල් සමාගමේ දායකත්වය ඇනහිටි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට].

කැනොනිකල් සමාගම විසින් සෑම අවුරුදු දෙකකට වරක්ම දිගුකාලින සේවා අනුවාදයක් නිකුත් කරනු ලබන අතර දැනට පවතින දිගුකාලීන සේවා(දි.කා.සේ.) නිකුතුව වනුයේ 2018 අප්‍රියල් මස 26 වන දින නිකුත් කරන ලද උබුන්ටු 18.04 අනුවාදයයි.  එය Bionic Beaver යන නමින් නම් කර අැත. එය 2023 අප්‍රියල් දක්වා සේවා සැපයීමට නියමිතය. 2018 ඔක්තෝම්බර් මස 18 දින නිකුත් කළ උබුන්ටු 18.10 Cosmic Cuttlefish දැනට පවතින නවීනතම සාමාන්‍ය සංස්කරණයයි.

විශේෂාංග

උබුන්ටු පරිහරණය කළ හැකිබව, ආරක්ෂිත බව සහ ස්ථිරභාවය කෙරෙහි මූලිකවම අවධානය යොමු කරනු ලබයි. සජී‍වී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මකවන අවස්ථවක සිට පරිගණකය නැවත පණ ගැන්වීමකින් තොරව පරිගණක ස්ථිර මතකයේ උබුන්ටු ස්ථාපනය කිරීම සඳහා Ubiquity ස්ථාපිතකරණය මගින් ඉඩදෙනු ලැබේ. තවද උබුන්ටු හැකිතරම් මිනිසුන් අතරට ව්‍යාප්ත කිරීම සඳහා සුලභ කිරීම හා ජාත්‍යන්තරකරණය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. විවිධ රෝමානු නොවන අකුරු ලිවී‍මේ ක්‍රමයන්ට උපකාරීවන UTF-8, උබුන්ටු ආරම්භය වූ 5.04 සිට පැවත එන නිත්‍ය සංකේත කේතන ක්‍රමය වේ.

ආරක්ෂක විශේෂාංගයක් ලෙස සූඩෝ මෙවලම පාවිච්චි කරන ලද අතර එමගින් පරිපාලන ක්‍රියාවලි සිදුකි‍රීම සඳහා තාවකාලික වරප්‍රසාද ලබාදීම, පරිපාලක ගිනුම ආරක්ෂාකාරීව පවත්වාගෙනයාම සහ පළපුරුදු නොවන පරිහරණය කරන්නන් නොදැනුවත්ව සිදුකරන වෙනස්කම්වලින් ‍හෝ ආරක්ෂක අගුළුවිවර කිරීම් වලින් පද්ධතිය ආරක්ෂා කරගත හැකිය.[25] තවද පද්ධතිය පාලන කර ගැනීම සඳහා මඳ පරිපාලන මූලධර්මය යටතේ ඩෙස්ක්ටොප් සංස්කරණයන්හී පොලිසිකිට් මෙවලම ස්ථාපිත කර ඇත.

උබුන්ටු පරිගණකයේ ස්ථාපනයවීමේදී මාදිලි රැසක මෘදුකාංග ලැබේ. OpenOffice.org, Firefox, Empathy (උබුන්ටු 9.10 වලට කලින් සංස්කරණයන් හිPidgin ), Transmission, GIMP (උබුන්ටු 10.04වලට කලින් නිකුත් වූ සංස්කරණයන් හි) සහ තවත් සරල පරිගණක ක්‍රීඩා (සුදොකු සහ චෙස් වැනි) ඒ අතර වේ. මෙම පෙරනිමි මෘදුකාංග හැරුනු විට තවත් අමතර නිත්‍යනොවූ මෘදුකාංග බාගතකර ස්ථාපිත කරගත හැකි අතර ඒ සඳහා උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය හෝ Synaptic පැකේජ කලමනාකරණය යොදාගත හැකිය. එම මෘදුකාංග දෙකම උබුන්ටු සමග ලැබෙන පෙරනිමි මෘදුකාංග වේ.

උබුන්ටු සමග ලැබෙන firewall මගින් ජාලකරණ pots වැසීම සිදුකළ හැකිය. ඊට අමතරව පරිශීලකයාට රිසි පරිදී ports තෝරාගැනීමද සිදුකළ හැකිය. එසේම උබුන්ටු පරිශීලකයන් හට Gufw (සංකීර්ණ නොවූ Firewall සඳහා අතුරු මුහුණත්) මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය. GNOME (දැනට පවතින පෙරනිමි ඩෙස්ක්ටොප්) ව්‍යවහාරික භාෂා 46කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි. ‍මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිර්මාණය කරන ලද බොහොමයක් වැඩසටහන් (උදා මයික්‍රොසොෆ්ට් ඔෆිස්) ක්‍රියාත්මක කිරීම සඳහාද උබුන්ටු පහසුකම් සපයයි. එය Wine හරහා හෝ අතථ්‍ය යන්ත්‍රය භාවිතා කරමින්ද කළ හැකිය.(උදා VMware Workstation හෝ VirtualBox).

ස්ථාපනය

උබුන්ටු ස්ථාපනය සාමාන්‍යයෙන් සජීවී සංයුක්ත තැටි උපයෝගී කරගනිමින් සිදුකරනු ලබයි. පරිගණක ප්‍රධාන මතකයේ ස්ථාපනය කිරීමකින් තොරව සජීවී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මක කළ හැකිවීම මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂ ලක්ෂණයකි( නමුත් අඩු කාර්යක්ෂමතාවයකින්). එමගින් මෙහෙයුම් පද්ධතිය කොතෙක් දුරට දෘඪාංග සහ දෘඪාංග ධාවක සමග ගැලපෙන්නේදැයි පරිශීලකයන් හට පරීක්ෂා කර බැලිය හැකිය.

ඊට අමතරව මෙම උබුන්ටු සංයුක්ත තැ‍ටියේ Ubiquity ස්ථාපිතකරණයද අඩං‍ගුවේ. එමගින් පරිශීලකයන් හට මෙහෙයුම් පද්ධතිය ස්ථිර මතකයේ ගබඩා කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වනු ලබයි. දැනට පවතින හා කලින් පැවති සියළුම අනුවාදයන්හී සංයුක්ත තැටි අනුරු බාගත කර ගැනීම් සඳහා උබුන්ටු වෙබ් අඩවියේ පහසුකම් සපයා ඇත. මෙම මෙහෙයුම් පද්ධතිය සංයුක්ත තැටියකින් ස්ථාපනය කරගැනීම සඳහා අවම වශයෙන් 256 MiB ක සසම්භාවී ප්‍රවේශ මතකයක් අවශ්‍යවේ.

පරිශීලකයන් හට උබුන්ටු අනුරුවක්(.iso) බාගත කර සංයුක්ත තැටියකට හෝ DVD තැටියකට පිටපත් කරගත හැකිය. එසේ නොමැතිනම් පරිගණකයේ ස්ථිර මතකයේ සිට ක්‍රියාත්මක කළ හැකිය(UNetbootin හෝ GRUB ඔස්සේ). උබුන්ටු ARM, PowerPC, SPARC, සහ IA-64 වේදිකාවන් හිදීද පවතී. නමුත් නිල වශයෙන් සේවා සපයන්නේ ARM සඳහා පමණි.

කැනොනිකල් සමාගම විසින් කිසිදු අයකිරීමකින් තොරව‍, අවම වශයෙන් තැපැල් ගාස්තුවද නොගෙන ලොව බොහෝ රටවලට උබුන්ටු හා කුබුන්ටු සංයුක්ත තැටි ShipIt නම් සේවාව ඔස්සේ බෙදාහරිනු ලබමින් සිටියත් මේ වන විට එය නවතා දමා ඇත.

ස්ථාපිත කරන ලද උබුන්ටු මෙහෙයුම් පද්ධතියට දැනට මයික්‍රොසොෆ්ට් ‍වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවත්නා පිටුසන, ඩෙස්ක්ටොප් පසුතල ඇතුළු විවිධාකාර සිටුවම් ලබාගැනීම සඳහා Migration උපකාරකය (2007 අප්‍රියල් මස හඳුන්වා දුන්) නම් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් උපාංගය භාවිතා කළ හැකිය.

BIOS හි වෙනස්කම් සිදුකිරීම මගින් උබුන්ටු හා කුබුන්ටු මෙහෙයුම් පද්ධති USB ෆ්ලෑෂ් ධාවකයයොදාගෙන ක්‍රියාත්මක කළ හැකිය. (ඒ සඳහා BIOS හි අදාල පහසුකම සපයා තිබිය යුතුය). USB මගින් ක්රිනයාත්මක කි‍රී‍මේ පහසුකම සහිත ඕනෑම පරිගණකයක උබුන්ටු ස්ථාපිත කිරී‍මකින් තොරව උබුන්ටු භාවිතා කිරීමේ හැකියාව එමගින් ලැබේ. උබුන්ටු මෙහෙයුම් පද්ධතියUSB ෆ්ලෑෂ් ධාවකයක ස්ථාපනය කිරීම සඳහා USB creator නම් නවතම වැඩසටහනක් උබුන්ටු නවතම අනුවාද වල පවතී.(සජීවී සංයුක්ත තැටියක් සහිතව හෝ රහිතව)

මීට පෙර පැවති උබුන්ටු සංස්කරණයන්හි Wubi ලෙස විශේෂාංගයක් පැවතුනි. Wubi යනු සජීවී සංයුක්ත තැටිවල අඩංගුවන්නාවූ තවත් ‍විශේෂාංගයකි. මෙම විශේෂාංගය මගින් අතථ්‍ය වින්ඩෝස් loop device මත උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කරයි. (මෙය වින්ඩෝස් මෙහෙයුම් පැනලය) මගින් ක්‍රියාත්මකවන අනෙත් වින්ඩෝස් වැඩසටහන් මෙන් ක්‍රියාකරන විශාල අනුරුවක් මෙනි). මෙම ක්‍රමය භාවිතා කිරීමේදී වින්ඩෝස් පරිශීලකයාගේ ප්‍රධාන මතකයකොටස්වලට බෙදිය යුතු නැත. තවද Wubi භාවිතයේදී පරිශිලකයාගේ වින්ඩෝස් සිටුවම් උබුන්ටු වෙත ලබාගැනීම සඳහා Migration උපකාරකය යොදාගැ‍නීමේ හැකියාවද ලැබේ. එම ක්‍රමය වින්ඩෝස් පරිශිලකයන් සඳහා පමණක් වන අතර කාර්යක්ෂමතාවයේ සුළු අඩුවීමක් ද දැකගත හැකිය.