බැලුවද Hunter Killer චිත්‍රපටය? පුද්ගලිකව මම (රචකයා) බැලුව හමුදාමය චිත්‍රපට වලින් හොඳම එකක් (හොඳම එක නෙවෙයි. පෙලගැස්මක් විදියට ගත්තොත් හොඳම දහයෙන් එකක්) කියල කියන්න පුලුවන්. ⁣ඒ චිත්‍රපටයේ ප්ලොට් එක, රුසියානු සහ ඇමරිකානු නාවික හමුදාවන්ට අයත් න්‍යෂ්ටික සබ්මැරීන අතර සිදුවෙන සටනක් පිලිබඳවයි යන්නේ. හැබැයි, ඒක ඇත්ත කතාවක් නෙවෙයි. අද වෙනකල් කිසිම න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් මුහුද යටදී එකිනෙක ගැටිලා නෑ. 

අද වෙනකල් මුහුද යට සිදුවුන එකම එක සබ්මැරීන සටනක් විතරයි ලෝක ඉතිහාසයටම තියෙන්නේ. අන්න ඒ සටනේ කතාව තමා මේ කියන්න යන්නේ.

න්‍යෂ්ටික සබ්මැරීන වලට කලින්, ඒ කියන්නෙ දෙවන ලෝක යුද්ධය කාලේ තිබුන සබ්මැරීන වල තිබුනේ ඩීසල් එන්ජින්. ඉතින් මේ ඩීසල් සබ්මැරීන ඇත්තටම සබ්මැරීන වලට වඩා නැව් වගේ තමා වැඩ කලේ. මොකද ඩීසල් එන්ජින් වැඩ කරන්⁣න නම් Combustion Chambers වලට ඔක්සිජන් ඕනෙනේ. ඒ නිසා මේවා නිතරම තිබුනේ මුහුද මතුපිට. මතුපිට ඉන් තාක් කල් එන්ජින් වැඩ කරලා ඒවායෙ තිබුන බැටරි පද්ධතියක් ආරෝපණය කරගන්නවා. ඉන්පස්සෙ මුහුද යටට ගිහින් මේ බැටරි බලයෙන් තමා මේවා සියලු ක්‍රියාකාරකම් කලේ. හැබැයි මේ බැටරි වල බලය තිබුනේ උපරිම පැය තුනක් හතරක් විතරයි. ඉන්පස්සෙ අායෙ උඩට එන්නම ඕන. 
හැබැයි අද තියෙන න්‍යෂ්ටික සබ්මැරීන වල එහෙම නෑ. ඒව මුහුද මතුපිටට එන්නෙ කැප්ටන්ට පිරිසිදු හුස්මක් ගන්න ඕන උනාම විතරයි. ඒ තරමටම ඉන්නෙ මුහුද යටමයි. හරි ආයෙ කතාවට එමු.

දෙවන ලෝක යුද්ධ කාලේ මිතුරු පාර්ශව හමුදා වලට තිබුන ලොකුම තර්ජනයක් තමයි ජර්මන් U Boats කියන සබ්මැරීන විශේෂය. ඒවා මිතුරු පාර්ශවයේ තිබුන සබ්මැරීන වලට වඩා ඉතාම දියුණු තාක්ෂණයකින් යුක්ත උනා. කොහොමත් දෙවන ලෝක යුද්ධය කාලෙදි නාසි ජර්මනිය සතු වුන යුද තාක්ෂණය අනිත් හැම රටකටම වඩා අතිශයින්ම දියුණුයි. ඒ වගේම මිතුරු පාර්ශවයට තිබුන ලොකුම හිසරදය තමා Enigma යන්ත්‍රය. Enigma යන්ත්‍රයේ කතාව දන්නෙ නැත්නම් බලන්න The Imitation Game චිත්‍රපටය. ඒ චිත්‍රපටය බැලුවම Enigma යන්ත්‍රයේ විතරක් නෙවෙයි Alan Turing කියන ශ්‍රේෂ්ඨයා ගේ කතාවත් දැනගන්න පුලුවන්. ඒ චිත්‍රපටය මම බලපු හොඳම Biography චිත්‍රපට වලින් එකක්. ඊට අමතරව අපේ වෙබ් සයිට් එකේ Enigma ගැන ගියපු ලිපිය කියවල උනත් ඔයාලට ඒ ගැන දැන ගන්න පුළුවන්. ඒ ලිපිය කියවන්න – The Turing Machine.

ඉතින් කොහොම හරි මේ Enigma යන්ත්‍රයෙන් කෙරුනේ නාසි ජර්මන් හමුදා මූලස්ථාන වලින් දෙන පණිවුඩ Encrypt කරලා ලැබිය යුතු තැන් වලට ලැබෙන එක. ඉතින් මේ Encryption එකත් පැය 24න් 24ට වෙනස් වෙන විදියට තමා හදලා තියෙන්නේ. මේක Decrypt කරන්නත් බෑ වෙන කිසිම හමුදාවකට.

ඉතින් හිතාගන්න මේ Enigma Machine එකයි U Boats ටිකයි එකතු වෙලා කොයිතරම් සෙල්ලමක් දාන්න ඇතිද කියලා. සූරපප්පා වගේ තමා U Boats එනව ගහනව යනව. කොහෙන් ආවද කාට ගැහුවද කොහොම ගැහුවද කොහෙන් ගියාද කියල හොයාගන්න බෑ. කාටද ගැහුවෙ කියලත් හොයාගන්නෙ වෙන්නෙ විනාශ වුන නැව් දැක්කම තමා.

ලෝක ඉතිහාසයේ පළමු වතාවට සබ්මැරීනයක් විසින් තව සබ්මැරීනයක් ගිල්ලුවේ පළමු ලෝක යුද සමයේ. 1914 ඔක්තෝබර් මාසෙදි. ඒ ප්‍රහාරයත් එල්ලකලේ ජර්මන් UBoat එකකින්. UBoat U-27 කියන සබ්මැරීනයෙන් එල්ල කරපු ප්‍රහාරයක් මගින් බ්‍රිතාන්‍ය HMS E3 සබ්මැරීනය විනාශ කිරීම තමා ඒ පළමු සිදුවීම. එදා ඉදන් දෙවන ලෝක යුද්ධය අවසන් වෙනකල්ම සබ්මැරීන සටන් වාර්තා උනත් මේ කතාවෙ කියන එක ඇරෙන්න අනිත් සියළුම සටන් සිදුවුනේ මුහුද මතුපිට. මේ කියන කතාවෙ සටන තම⁣යි අද වෙනකල් උන එකම මුහුද යට සබ්මැරීන සටන.

මේ කියන කාලෙ වෙනකොට තිබුන ටෝපිඩෝත් හදල තිබුනේ, ප්‍රහාරය දියත් කලාට පස්සෙ වතුරෙන් උඩට මතුවෙලා වතුර මතින් ගිහින් ඉලක්කයට ලඟාවෙන විදියට. වතුර යට දි උනත් පහර දෙන්න පුලුවන්කම තිබුනත්, දිශාව වෙනස් කල හැකි වීම සීමාසහිත වුනේ මේවා වම, දකුණ ට හැරවිය හැකි වුවත් උඩට පහලට හැරවිය හැකි නොවීම නිසා (එනම් ගැඹුර වෙනස් කල නොහැකි වීම). මොකද ඒ කාලෙදි අද වගේ සංවේදක මහගොඩක් තිබුනේ නෑ.

මේ වගේ සීමාසහිත පහසුකම් යටතේ ඉලක්කයකට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කිරීමම ඉතා විශාල අභියෝගයක් වුන කාලෙක දි, ජර්මනිය දියත් කරනවා ඉතා රහසිගත මෙහෙයුමක්, Operation Caesar කියලා.

මේ මෙහෙයුම දියත් කරන්නේ එවකට නාසි හමුදාවේ හිටිය කපිතාන් Ralf-Reimar Wolfram ගේ නායකත්වයෙන් යුතු U-864 කියන සබ්මැරීනයෙන්. U- 864 කියන්නේ දිගුදුර මෙහෙයුම් වලට සැලසුම් කරපු මීටර් 87.5 ක් දිග වෙනත් U Boat වලට වඩා දිගින් සහ ඉඩ ප්‍රමාණයෙන් වැඩි IXD2 මාදිලියේ U Boat සබ්මැරීනයක්. මේකෙ තිබුන විශේෂත්වය තමා වෙනත් සබ්මැරීන වගේ “හුස්ම ගන්න” වතුරෙන් උඩට එන්න උවමනාවක් නොමැති වීම. ඒ සඳහා දිගු බටයක් ජලය මතුපිටට යවලා ඒ හරහා එන්ජිමට අවශ්‍ය ඔක්සිජන් සැපයීම මේ මාදිලියෙදි කෙරුනා. ඒ නිසා මේ මාදිලිය තව දුරටත් සතුරාට “මාට්ටු” වීමේ ප්‍රතිශතය අඩුවෙනුයි තිබුනෙ.

Operation Ceaser රහසිගත මෙහෙයුම දියත් කල ජර්මන් සබ්මැරීන කපිතාන් – Ralf-Reimer Wolfram

හැමෝම දන්නවනේ දෙවන ලෝක යුද්ධයේ දි නාසි ජර්මනිය සහ ජපානය කියන්නේ මිතුරු පාර්ශවයට එරෙහිව සටන් වැදුනු ප්‍රධාන කණ්ඩායම් දෙක කියලා. ඉතින් ජර්මනිය සැලසුම් කරනවා ජපන් ගුවන් හමුදාව විසින් එවකට සැළසුම් කරමින් තිබුන ෆයිටර් ජෙට් එකකට අවශ්‍ය සැළසුම්, දැනුම, අමුද්‍රව්‍ය ආදිය සපයන්න. මෙන්න මේ කියන දේවල් අරන් ආරක්ෂිතව ජපානයට ලඟාවන එක තමා මේ මෙහෙයුමේ ප්‍රධානම අරමුණ වෙන්නේ. මේ සියල්ලට අමතරව විශාල පුපුරණද්‍රව්‍ය තොගයක් සහ රසදිය විශාල තොගයකුත් මේ සබ්මැරීණයේ තිබුනා.

මෙන්න මේ කියන මෙහෙයුම දියත් කරන කාලය වෙද්දි නම් ජර්මනියට හෙනහුරා ලබලයි තිබුනේ. ඒ හෙනහුරා වෙන කවුරුවත් නෙවෙයි ඇලන් ටියුරින්. ඇලන් විදින් එනිග්මා යන්ත්‍රයේ රහස හොයාගත්තට පස්සේ ජර්මන් UBoat වලින් යවන පණිවිඩ සියල්ල බ්‍රිතාන්‍ය හමුදාවන් වලින් Decrypt කරන්න පටන්ගත්තා. ඔන්න මේ ⁣අපි කතා කරන මෙහෙයුමේ පණිවිඩත් මේ විදියටම Decrypt කරල අරන් ඒව බලපු බ්‍රිතාන්‍ය හමුදා ඉහල තැන් වලින් තීරණය කරනවා මේ U-864ට වැඩේ දෙන්න.

වැඩේ බාරදෙන්නේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ලුතිනන් James S. Launders විසින් අණදෙනු ලැබුව පළමු බ්‍රිතාන්‍ය V-Class Submarine එක වුණු HMS Venturer කියන සබ්මැරීනයට. මේ සබ්මැරීනය කුඩා ප්‍රමාණයේ කෙටි දුර මෙහෙයුම් සඳහා භාවිත කරන එකක්. මෙයාලා දඩයම් කරන්න ගිය U-864 සබ්මැරීනයේ තිබුන ටෝපිඩෝ 22ටම, මෙයාලා අරන් ගියේ ටෝපිඩෝ 8යි. ඒවත් හරියටම මතුපිට වේගයෙන් හරි අඩයි දිය යටදි.

ලුතිනන් ජේම්ස් කියන්නෙ යන්තම් වයස අවුරුදු විසිපහක් වයස නිළධාරියෙක් උනත්, මේ සිදුවීම වනවිටත් ඔහු ජර්මන් නැව් දොළහක්, එක ජර්මන් සබ්මැරීනයක් ගිල්වලා තිබුනා.

Lt. James Launders –
ජර්මානු සම්බැරීනයට ප්‍රහාරය දියත් කල බ්‍රිතාන්‍ය සබ්මැරීනයේ කපිතාන්

ලුතිනන් ජේම්ස් එයාලා පහරදෙන්න සැළසුම් කරපු තැනට ලං උනාම, එයාගෙ සබ්මැරීනයේ සෝනාර් සිස්ටම් එක ඕෆ් කරනවා. ඉතා පහසුවෙන් සෝනාර් එක හරහා සතුරු සබ්මැරීනය හඳුනාගත හැකිව තිබියදීත් එයා එහෙම කරන්නෙ, සතුරා විසින් එයාලගෙ ping එක (සෝනාර් මගින් වස්තූන් හඳුනාගැනෙන්නේ ශබ්ද තරංගයක් පිට කර එයින් නැගෙන දෝංකාරය හඳුනාගැනීමෙන්) සතුරාට අහේවි කියල එයා හිතුව නිසා. සෝනාර් වෙනුවට එයා කෙටිදුර සංවේදනයක් තියෙන HydroPhone පාවිච්චි කරන්න තීරණය කරනවා. හැබැයි ඒ වෙද්දිත් U-864 එයාලා හිටිය තැන පහුකරගෙන ගිහින් ඉවරයි.

කරුමෙ කියල දෙයක් ගැන අහල තියෙනවද? ඔන්න ඔය කරුමෙ පලදෙනවා ජර්මන් සබ්මැරීන් එකට. U-864 ඒ වෙද්දිත් HMS Venturer ව පහුකරන් ගිහින් හිටියත්, U-864 එකේ එන්ජින් වල කාර්මික දෝශයක් ඇතිවෙලා එන්ජින් මිස්ෆයර් කරන්න ගන්නව. ජර්මන් කපිතාන් හිතනවා හොඳම දේ ආපහු හැරිලා ලඟම වරායට ගිහින් මේක හදාගෙනම යන එක කියලා. 
ඒත් එයා දන්නෑ එයා එන පාරෙ මාරයා හැංගිලා ඉන්නව කියලා.

U-864 වෙත ප්‍රහාරය දියත් කල British V Class වර්ඝයේ සබ්මැරීනයක්

1944 පෙ⁣බරවාරි 09 වෙනිදා බ්‍රිතාන්‍ය සබ්මැරීනයේ හයිඩ්‍රොෆෝන් ක්‍රියාකරුවා හඳුනාගන්නවා අමුතු සද්දයක්. එයා හිතන්නේ ඒක මුහුද මතුපිට තියෙන සිවිල් වැසියන්ගෙ බෝට්ටුවකින් එන සද්දයක් කියලා. කොයිකටත් කියලා ලුතිනන් ජේම්ස් ඒ සද්දෙ ඇහුන පැත්තට සබ්මැරීනය ලං කරලා සබ්මැරීනයේ Periscope (ඡායාරූපය බලන්න) එකෙන් බලනවා ඒ පැත්ත. බලද්දි එයා දකිනවා තවත් periscope එකක්. එයා තවත් හොඳින් බලද්දි හඳුනාගන්නවා ඒ periscope එකක් නෙවෙයි U-864 එකේ Snorekel එක කියලා. එහෙමම එයා පටන්ගන්නවා දිය යටින්ම U-864 ලුහුබඳින්න.

U-864 දිය මතුපිටට එනකල් පහර නොදී බලාහිටියත්, එයාගෙ Snorkel එකට පින්සිද්ද වෙන්න එයා නම් දිය මතුපිටට ආවෙ නෑ. කොහොමින් කොහොම හරි බ්‍රිතාන්‍ය සබ්මැරීනය හඳුනාගත්ත ජර්මන් සබ්මැරීනය පැත්තෙන් පැත්තට වෙට්ටු දමමින් ගමන් කරන්න පටන්ගන්නවා.
පැය තුනක් තිස්සේ කරපු ලුහුබැඳීම අවසානයේ බ්‍රිතාන්‍ය සබ්මැරීනයේ බැටරි බලය අවසන් වේගෙන එනවා. ඉතින් ලුතිනන් ජේම්ස් තීරණය කරනවා ඕනෙ දෙයක් වෙන්න කියලා පහර දෙන්න දිය යටදිම.

ජර්මන් සබ්මැරීනයේ ඉලක්කය ලබාගන්න ලුතිනන් ජේම්ස් කරන්නේ ජර්මන් සබ්මැරීනය පවතින ගැඹුර හොයාගන්න ඒ සබ්මැරීනයේ Snorkel එකේ තිය මතුපිට තිබෙන කොටසේ දිග හොයාගන්න එක. ඒ විදියට දත්ත හොයාගෙන ගණනය කරලා එයා ත්‍රිමාණ ඉලක්කයක් ගණනය කරනවා ජර්මන් සබ්මැරීනයට පහර දෙන්න. ඒ විදියට ගණනය කරපු ඉලක්කය ටෝපිඩෝ ක්‍රියාකරවන්නන්ට ලබාදෙන ලුතිනන් ජේම්ස්, ජර්මන් සබ්මැරීනය විසින් කරන ප්‍රතිප්‍රහාර වලින් ගැලවෙන්නත් සැලසුම් කරනවා.

පලවෙනි ටෝපිඩෝව පිටවුනු ගමන් ජර්මන් සබ්මැරීනය ඒ බව දැනගන්න නිසා, ලුතිනන් ජේම්ස් කරන්නේ තත්ත්පර 17.5කට එක බැගින් ටෝපිඩෝ හතරක් පහරදෙන එක. පළවෙනි ටෝපිඩෝවෙන් පහර දුන් ගමන් බ්‍රිතාන්‍ය සබ්මැරීනය තවදුරටත් දියේ ගැඹුරට කිමිදෙන්නේ ප්‍රතිප්‍රහාරයකින් ආරක්ෂා වෙන්න. ඒ විදියට කිමිදෙන ගමන්ම ඉතිරි ටෝපිඩෝ හතරත් නිකුත් කරනවා.

ජර්මන් සබ්මැරීනයත් මේ ප්‍රහාරයෙන් බේරෙන්න එක්වරම දිය යටට කිමිදෙනවා. ඒ අති සාර්ථකව ටෝපිඩෝ තුනකින් ගැලවෙමින්. ඒත් හතරවෙනි ටෝපිඩෝව ජර්මන් සබ්මැරීනයේ ගැටෙන්නේ සබ්මැරීනය කොටස් දෙකකට වෙන් කරමින්.

ජර්මන් U-864 සම්බ්මැර්‍රිනය ගිලී ඇති ආකාරය

හරියටම අඩසියවසකටත් පස්සේ මේ ගිලුනු ජර්මන් සබ්මැරීනය නෝවේ නාවික හමුදාව විසින් හොයාගන්නවා. ඒ 2003 දි. මුහුදේ ගිළුනු ප්‍රදේශය ආසන්නව ඉතිරි පුපුරණද්‍රව්‍ය සහ රසදිය තොගයත් ඇති බව හොයාගන්න නාවික හමුදාව දිගු කාලයක් තිස්සේ මේ සබ්මැරීනය ගොඩගන්න විදියක් හොයමින් ඉඳලා 2017 පෙබරවාරි වලදි මේ සබ්මැරීනය ගොඩගන්නවා.