දැන් දවස් කීපෙකට කලින් බහුතරයකගෙ අවධානය ගත්තු නිව්ස් එකක්වුනේ ආලෝක වර්ශ බිලියන එක හමාරක් ඈත ඉඳන් ආපු රිපීටර් රේඩියෝ තරංග නිරීක්ෂණය වීමක්.

දැන් ඉතින් පැන්න ගමන් ඒලියන්ස් ඒලියන්ස් ගාන්න එපා. මොකද රේඩියෝ තරංග අයිතිවෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියට නිසා රේඩියෝ තරංග ස්පන්දනය ඇතිවෙන ස්වභාවික සංසිද්ධි විශ්වයේ බහුල නිසා.

කැනඩාවේ රේඩියෝ දුරදක්නයකින් හඳුනගත්තු මේ රේඩියෝ වේව් බර්ස්ට් පැවතිලා තියෙන්නෙ මිලිතප්පර කිහිපයකට පමණයි. නමුත් ඒ රේඩියෝ තරංග වල ශක්තිය අපේ හිරු වසරකට නිපදවන ශක්තියටත් වඩා වැඩී. ( විකිරණවල තරංග පෙරමුණ පුරාම මේක විහිදිලා තියන නිසා අපිට හානියක් නෑ )

මේ කැනේඩියානු දුරදක්නය මීටර 100ක් දිග සිලින්ඩරාකාර දුරදක්න ඇන්ටනා 4ක් තියන දැවැන්ත දුරදක්නයක්. මේක පලමුවතාවට ක්‍රියාත්මක කලේ ගිය අව්රුද්දේ. ක්‍රියාත්මක කල දවසෙ ඉඳන් අද වෙනකන් මේකෙන් රේඩියෝ වේව් බර්ස්ට් 13ක් හඳුනාගෙන තියනව. මේ රිපීටර් තරංගයත් ඉන් එකක්.

මේ වෙනතාක් ලෝකය පුරා ඔබ්සර්වර්ටොරි වලින් රේඩියෝ බර්ස්ට් 60ක් හඳුනාගෙන තියනව. ඉන් දෙකක් රිපීටර්ල.

මේවගේ රේඩියෝ බර්ස්ට් වලට මූලිකවම වගකියන්න ඕන අධිවේගීව භ්‍රමණය වෙන නියුට්‍රෝන තරු. මේවයි බලගතු චුම්බක ක්ශේත්‍රය හා අධික ශක්තිය නිසා නිරන්තරව රේඩියෝ තරංග කලාපයේ විකිරණ පිටකරනව. මේවට කියනව පල්සාර්ස් කියල.

නියුට්‍රෝන තරු කියන්නේ අපේ හිරුට වඩා අධිස්කන්ධ තාරකාවක් මියගියාම හරය කඩා වැටිල ඇතිවෙන දැවැන්ත ගුරුත්වය හමුවේ පරමාණු වල ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන එකිනෙකා උරාගෙන සම්පූර්ණයෙන් නියුට්‍රෝන බවටපත් වූ තරුවේ හරයට. මේවට දැවැන්ත ඝණත්වයක් තියනව. නියුට්‍රෝන තරුවකින් පොඩි වැලිකැටේක සයිස් කොටසක ඊජිප්තුවේ ගීසා පිරමීඩෙකට වඩා ස්කන්ධයක් තියනව.

මේ නියුට්‍රෝන තරු දෙකක ගැටුමකදිත් මේවගේ විශාල ශක්තියක් සහිත රේඩියෝ ස්පන්දනය බිහිවෙනව.