Loading...
Samsung සමාගම විසින් Premium Fold අත්දැකීම MidRange පාරිභෝගිකයන් සඳහාත් ලබා දීමට සුදානමක්?

Samsung සමාගමේ මේ වන අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබෙන Premium Smartphone Series එකක් ලෙස Galaxy Z Fold සහ Flip Smartphone Series එක දක්වන්න පුලුවන්. වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ මේ Premium Fold අත්දැකීම තම Mid-Range පාරිභෝගිකයන් සඳහාත් ලබා දීමට සුදානම් වන බවට දක්වන්න පුලුවන්.

ඒ අනුව එළඹෙන වසෙර්දී ඔවුන් විසින් ඩොලර් 400-500ක මිලකින් Galaxy Foldable Smartphone එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙලෙස Z Fold Device එකක් නිකුත් කිරීමට වඩා Z Flip Device එකක් නිකුත් කිරීමට වැඩි ඉඩ කඩක් පවතින බවට දක්වන්න පුලුවන්. ඒ Z Fold Device එකක් ඩොලර් 1800ක් පමණ වන විට, Z Flip Device එක ඩොලර් 1000 පමණ වීමයි. එම නිසා බොහෝ විට Budget Foldable Device එක ලෙසින් Galaxy Z Flip Device එකක් නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

මෙලෙස ඩොලර් 500 පමණ මිලකට හෝ Galaxy Z Flip Device එකක් නිකුත් කිරීමට Samsung සමාගමට හැකි වුවහොත් මේ වන විට වෙළදපොළ පවතින Motorola RAZR සහ TECNO Phantom V Flip වැනි Foldable Devices සඳහා හොද තරගයත් ලබා දීමට Samsung සමාගමට හැකි වනු ඇතැයි දක්වන්න පුලුවන්.

Source: androidauthority.com