Loading...
Google සමාගම Pixel 8 දුරකතනය සමඟින් ලබා දෙනු ඇතැයි වාර්තා වන විශේෂාං​ග

එළඹෙන ඔක්තෝම්බර් 4 වෙනිදා Google සමාගම විසින් 2023 වර්ෂය සඳහා වන නවතම ජංගම උපාංග එළිදැක්වීමට සිටින බව අප විසින් මීට පෙර වාර්තා කරනු ලැබුවා. එම උපාංග එලිදක්වන දිනයට දින 7ක් පමණ තිබියදී වාර්​තා වන නවතම ​තොරතුරු අනුව Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel ජංගම දුරකතන මාදිලිය වන Pixel 8 මාදිලිය සඳහා ලබා දෙනු ඇතැයි සැලකෙන විශේෂාංග ලෙසින් නිල නොවන වාර්තා මඟින් ගෙන එන වාර්තාවන් පහත ලෙසින් ඔබට ගෙන එන්නෙමු.

Chipset එක

Google Pixel 8 බලගැන්වීමට නවතම 4Nm Tensor G3 යොදා ගැනීමට නියමිතයි. CPU Cores 9කින් සමන්විත මෙය වාර්ථාවන පරිදි Google ලගේ පලමු 64-Bit only chipset එක විය හැකියි. කෙසේ වෙතත් දැනට පැමිණ තිබෙන මෙම Google Tensor chip එක මේ තාක් එම වසරේම නිකුත් වූ Snapdragon chipset එකට වඩා මදක් පසුපසින් සිටිය chip එකකි.

කැමරාව

කැමරා 3ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්‍රධාන කැමරාව 50MP හා 12MP Ultra wide කැමරාවකින් හා 48MP 5X Optical Zoom තිබෙන Telephoto sensor එකක් සමග පැම්ණේ. මෙවර Google Night Slight විශේෂාංගය Videos සදහාත් ලබාදීමට නියමිත බව සදහන් වේ. තවද Shaky සහ Blurry වීඩියෝ Unblur කළහැකි Feature එකක් සහ Super Res Zoom විශේෂාංගයකුත් ලබාදීමට සූදානමින් සිටියි.

Updates

අප කලින් සදහන් කළ පරිදි Google ආයතනය Pixel 8 දුරකථනයට අවුරුදු 7ක් දක්වා Security updates සහ අවුරුදු 5ක් දක්වා OS updates ලබා දීමට සූදානමක් ඇත. මෙය කලින් Pixel Device වලට ලබා දුන්නෙ OS updates 3ක් යනකම් පමණි.  එහෙත් Samsung ආයතනය OS update 4ක් ලබාදෙන නිසා එයට අභියෝගයක් එල්ල කිරීමට Google ආයතනය සැරසීමක් විදියට දැකගත හැකිය.කෙසේ වෙතත් මෙහි සියලු විස්තර අපට බලාගැනීමට නම් අපට ඔක්තෝඔර් 4 වෙනි දින තෙක් බලා සිටීමට සිදු වේ.

මිළ ගණ​න්

Google Pixel 8 8GB Ram 699$ ලෙසද, ​‍Google pixel 8 Pro 12GB 899$ ලෙසද නියම කිරීමට සූදානමින් සිටියි. කෙසේ නමුත් මෙමෙ මිළ ගණ​න් මදක් වෙනස් විය හැකියාවක් පවතින අතරම Pre-order කිරීමේදී විශේෂ දීමනාවක් ද ලබාදීමට Google ලා කටයුතු කිරීමට සැරසෙන අතර එය Pixel Buds Pro හෝ Pixel Watch 2 වීය හැකිය. Pixel 8 pro දුරකථනයට 1-120Hz දක්වා වූ බැටරි බලය ඉතුරු කර ගැනීම සදහා සැකසූ විචල්‍ය Refresh Rate එකක් ලබාදීමට Google ආයතනය සැරසෙයි.