මේක ගැන කතාකරන්න කලින් අපි එක එක දේවල් වල මුලු ස්කන්ධය ඒවායේ උපරිම ඉන්ධන ධාරිතාවයේ ස්කන්ධයට දරණ අනුපාතය සලකමු. මං ඒවාපිලිවෙලට දාලා තියෙන්නෙ.

සාමාන්‍ය කාර් එකක්.

මුලු ස්. : 1000kg

ඉන්ධන : 20kg

අනුපාතය : 0.02

බෝයින්ග් 747

මුලු ස්. : 412,000kg

ඉන්ධන : 220,000kg

අනුපාතය : 0.53

සුපර් සොනික් ජෙට් එකක්. (F 16)

මුලු ස්. : 18,000kg

ඉන්ධන : 13,000kg

අනුපාතය : 0.72

රොකට්ටුවක් (Falcon 9 v1.1)

මුලු ස්. : 530,000kg

ඉන්ධන : 490,000kg

අනුපාතය : 0.92

සාමාන්‍ය බෝම්බයක් (ජෙට් වලින් දාන)

මුලු ස්. : 120kg

ඉන්ධන : 115kg

අනුපාතය : 0.95

මේ ලිස්ට් එකේ රොකට්ටුවකයි බෝම්බෙකයි වෙනස තියෙන්නෙ 0.03කින්. පේනව ඇතිනෙ රොකට්ටුවකින් 92%ක් 96% විතර ඉන්ධන විතරයි. රොකට්ටුවක් කියන්නේ පාලනය කල බෝම්බයක් කියන්නේ මේනිසයි.

ඕලෙවල් කාලෙ ඉදන් දන්න සමීකරණයක් තියෙනවා F=ma කියල. හැබැයි මේක වලංගු නියත ස්කන්ධ වලට විතරයි. නමුත් රොකට්ටුවක ස්කන්ධය නියත නෑ. උඩට යන්න යන්න ස්කන්ධය අඩුවෙනව. එතකොට රොකට්ටුවෙ ප්‍රවේගයක් ගනනය කරන්න අමාරුයිනෙ. නමුත් ඇත්තටම අර සමීකරණයයේ අගට තව කෑල්ලක් තියෙනව. ස්කන්ධය නියත වෙනකොට ඒ කෑල්ල බින්දුවක් නිසා ඒක නියත ස්කන්ධය ගැන කතාකරන කොට කියන්නේ නෑ. මුලු සමීකරණය වෙන්නේ,

F=d(mv)/dt

F=m(dv/dt) + v(dm/dt)

(මේ d/dt කියන්නේ පලමු අවකලන සංගුණකය. මෙතනදි නම් කාලයට සාපේක්ෂව විචලනය වීමේ සීඝ්‍රතාව)

එතකොට දෙවනි කෑල්ල වෙන්නෙ ස්කන්ධය විචලනය වීමේ සීග්‍රතාව.

එතකොට තමා රොකට්ටුවක මුලු බලය එන්නේ. හැබැයි රොකට්ටුවක් නම් මේකෙන් තව ඉතින් වායුප්‍රතිරෝධය එහෙම අඩුවෙලා එනකොට සම්පූර්ණ බලය එන සමීකරණය හැතැක්මත් වගේ දිගයි හා සංකීර්ණයි.

මුල්ම කාලේ කස්ටියට ප්‍රශ්නයක් වෙලා තිබ්බා ඇත්තටම කක්ශගත වෙන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගණනය කිරීම. මේකට විසඳුම හොයාගන්නේ රුසියානුවන්. ඒතමා රොකට් සමීකරණය. ඒකෙන් කියවෙනව උඩට ගිහින් පාවිච්චි කරන ඉන්ධන උඩට උස්සන්න තවත් ඉන්ධන යටදි පුච්චන්න ඕන වෙනව කියල.

යන්න ඕන දුරට අනුව මේ ඉන්ධන ස්කන්ධය අතිශය විශාල අගයන් ගන්නව. අනික රොකට්ටුවෙන් ගෙනියන බඩු මුට්ටු වල බර උස්සන්න තවත් ඉන්ධන ඕන.

මේනිසා කෙලින් හිටවපු රොකට්ටුවක උසින් 96%ක්ම ඉන්ධන!

මේක හොඳින්ම දකින්න පුළුවන් හඳට යන්න පාවිච්චි කරපු Saturn V රොකට් වල. රොකට්ටුවෙ උඩ තියන හිච්චික්කිතර කෑල්ලක තමා මිනිස්සු 3 ඉන්නෙ. සාමාන්‍යයෙන් කියනවනම් ඒ තුන්දෙනා ඉන්නේ මහා විශාල බෝම්බයක් උඩ!

රොකට්ටුවක් හරි කෙලින් උඩ යන බව බොහෝ දෙනා හිතන් ඉන්න වැරදි මතයක්. රොකට්ටුවක් එක්තරා සුලු ඈන්ගල් එකකට මද දුරක් ගිහින් ක්‍රමයෙන් පෘතුවියේ පරිධියට සමාන්තර මගක් ගන්නව. මොකද හරි කෙලින් උඩ යවන්න නම් හරිම අමාරුයි ගුරුත්වය එක්ක.

සාමාන්‍ය රොකට්ටුවක් ගුවන් ගත් කරන පෑඩ් එකට ගෙනාවට පස්සෙ තමා ඒකට ඉන්ධන පුරවන්නේ. ඊටත් පස්සෙ තමා ඔක්සිකාරකය පුරවන්නේ. 

රොකට් යන්නේ නිව්ටන්ගෙ නියම පාවිච්චි කරල. ඉතින් රොකට්ටුවෙන් එලියට විදින දේවල් වලින් රොකට්ටුව මත යෙදෙන බලය පාවිච්චි කරලනෙ රොකට්ටුව ඉහල යන්නේ.

මේකෙදි පාවිච්චි කරන ඉන්ධන ගොඩාක් තියෙනව. වර්තමානයේ බහුලව පාවිච්චි කරන වර්ග 2ක් තියෙනව. ඒතමා ද්‍රව හයිඩ්‍රජන්+ද්‍රව ඔක්සිජන් හා කෙරොසීන්+ද්‍රව ඔක්සිජන්.

(මේ කෙරොසීන් කිව්වෙ ලාම්පු තෙල් නෙවේ සුදු භූමිතෙල්)

මේව තමා රොකට්ටුවක වියදම අඩුවෙන්ම යන දේ. එක ගමනකට Space X එකේ Falcon9 එකට ඉන්ධන වියදම ඩොලර් 10,000ක්  විතරයි. (රොකට්ටුවක් ඩොලර් මිලියන 68ක් වගේ යන දෙයක් නිසා ඔය දහ දාහා නිකන් මෝයකටින් පොල්ලෙක් ගියාවගේ)

රොකට්ටුව යන්න ලෑස්ති කරල තියනකොට ලොකු සුදු දුමක් වගේ පිටවෙන්නේ ගහල එලියට උතුරන ද්‍රව ඔක්සිජන් නිසා ඝනීභවනය වෙන ජල වාශ්ප. ඒක අවසාන විනාඩියේදී නවතිනව.

අවසානයේ 10 ,9 ,8….කියල ගනනය කරල 4ට එන කොට කියන්නේ

Main Engine ignition කියල. ඒකේ තේරුම රොකට්ටුවේ එන්ජිම දැල්වුවා කියල. රොකට්ටුවට බූස්ටර් තියේනම් අවසානයේ කියනව Boosignition and…Lift off කියල. බූස්ටර් නැත්තං නිකන්ම lift off. මේ ලිෆ්ට් ඕෆ් එක වෙන්නේ 0ට ගැන්නට පස්සෙ. සමහර අවස්ථා වල 0ගැනලත් තප්පර 2ක් වගේ රොකට්ටුව එකතැන තියෙනව. ඇත්තටම වෙන්නේ ක්‍රමයෙන් වැඩිවන ත්වරණයක් ලබාගැනීම.

ඊට ප්ස්සේ අර ටවර් එක පහු කලාම Vehicle has cleared the tower කියනව. සාමාන්‍ය මේක 0 ඉදන් තප්පර 7ක් 10ක් වගේ ගියාම වෙන්නේ.

මේ වෙද්දීත් රොකට් එක පොඩි ඈන්ගල් එකක් ඉන්නෙ. ඒ ඇන්ගල් එකෙන් තමා අවසාන කක්ෂය තීරණය වෙන්නෙත්. (සමකයට සමාන්තරද නැත්තං ධ්‍රැවීයද කියල)

රොකට් එක ඔහොම උඩට යනකොට අධික බලයක් වායුගෝලය විසින් එයාමත යොදනව. ඒනිසයි රොකට් එක උල්.

20km විතර වෙනකොට රොකට්ටුව ක්‍රමයෙන් ඇල වෙන්න ගන්නව. ඒ වෘත්ත චලිතයේ යෙදීමට සූදානම් වෙන්න. නැත්තං රවුම් කක්ශයකට යන්න අමාරුයි.

මෙම ගිහින් 1300kmPHක් වගේ වෙනකොට ඕන් 

රොකට් එක දෙපැත්තේන් සුදුපාටට 

සොනික් බූම් එකක් හැදෙනව. ඒකියන්නේ රොකට්ටුව ශබ්දයේ වේගය පාස් කරල සුපර් සොනික් ස්පීඩ් එකට යනව කියල.

තව පෝඩ්ඩක් ගියාම ඇහෙනව MaX-Q එකට ආවාකියල. මෙතනදි වෙන්නේ රොකට් එක මත වායුගෝලය යොදන බලයේ උපරිම අවස්ථාව බව. මේකෙදි තමා රොකට්ටුවක් විනාශ වෙන්න ලොකුම ඉඩක් තියෙන්නෙ. මොකද ලොකු දෙදරීමක් මේකෙදි වෙනව.

මේක පහුකලාම රොකට්ටුවෙන් එලියට විදින වායු ප්‍රවාහය ක්‍රමයෙන් විශාල වෙනව වගේ පේනව. ඇත්තටම වෙන්නේ වැඩිපුර ඉන්ධන පුච්චන එක නෙවේ වායුගෝලය තුනී නිසා වේගෙයෙන් අරව පැතිරීයාම.

මෙතනින් පස්සේ වායුගෝලය ගොඩක් තුනී නිසා මේබලයන් අවම වෙලා ශුන්‍යය වෙලාම යනව. ඊට පස්සේ ඒකියන්නේ කිලෝමීටර් 130ක් උඩට ආවම උඩ තියන කෑල්ල වහල තියන උල් හැඩති පියන් ඉවත් කරනව. වායුගෝලයක් නෑම වගේනේ. ඉතින් අමතර බරක් ඇදන් යන්න ඕන නෑ.

මේ කෑලි ගලවන්න කලින් තමා රොකට්ටුවෙ මුල් අදියර ගලවන්නෙත්. ඉස්සර නම් ඒවා වැටිල විනාශ උනා. හැබැයි ස්පේස් එක්ස් එකේ අයනම් ඒවත් ආපහු බාලා ආයේ පාවිච්චි කරනව. ලාභයිනෙ ඉතින්. නිකන් යෑ මර්ලින් එන්ජින් 9 ක් විනාශ වෙනකොට.

කිලෝමීටර් 130ක් වගේ ගිහින් දෙවනි කොටස පාර්කින්ග් ඔර්බිට් එකට ඇතුලුවෙනව. ඒතමා රොකට්ටුවෙන් ගෙන ගිය භාණ්ඩ අවසාන කක්ශයට යවන්න පෙර අවසානවශයෙන් ස්ථානගත් වීම. 

එතනින් එහාට කක්ශ ක්‍රියාකරන හැටි වෙනම පෝස්ට් එකකින් කියන්නම්. 

ආ….තව දෙයක් ඔය හඳට යෑම බොරුවක් කියන අය මුලින් ගණිතය ඉගෙන ගෙන රොකට් සමීකරණය පාවිච්චි කරල සැටර්න් රොකට්ටුවෙ ඉන්ධන ප්‍රමාණය හා ලගාවිය හැකි උපරිම උස බලන්න. එතකොට ඔය බෑ බෑ කියන ඒවා නිකන්ම පුළුවන් වේවි.

Rezor Kenway