සුභ දවසක් !

ඡායාරූපකරනයේ යෙදෙන අපි හැමෝම පටන් ගත්තේ ආධුනික විදිහට දවසින් දවස් දේවල් ඉගෙන ගෙන කොච්චර වැඩ පෙන්නුවත් අපේ ආරම්භය ඉතාම පොඩියි. අපි හැමෝම මේක පටන් ගත්තේ ළදරුවෝ විදිහට. ටිකෙන් ටික දේවල් අනිත් අයගෙන් අහගෙන, අන්තර්ජාලෙන් දේවල් ඉගෙනගෙන සහ වෙනත් අනෙකුත් අධ්‍යාපන ආයතන මගින් ගුරුහරුකම් ලබාගෙන අද අපි හැමෝම ඉස්සරට වඩා දියුණු වුනත් අපි පටන්ගත්තු තැන අමතක කරන්න හොඳ නැහැ.

ඒ නිසා මම අද හිතුවා ආධුනික හෝ ප්‍රවීන යන අපි හැමෝම කරන වැරදි කිහිපයක් ගැන කථාකරන්න සහ ඒවාට තියෙන විසඳුම් ගැන කථාකරන්න.එහෙනම් අපි බලමු අපි ඉස්සෙලාම කරන වැරැද්ද මොකක්ද කියලා

1. කැමරාව හඳුනා නොගැනීම.

කැමරාවක් ගත්ත අලුත අපි හැමෝටම මේක හරි ප්‍රෙහෙලිකාවක්, මේක ක්‍රියාකරන්නේ කොහොමද මේ වලින් වෙන්නේ මොනාද මේක එබුවොත් මොනා වෙයිද වගේ අපිට දහසකුත් ප්‍රශ්න පැන නගිනවා. නමුත් මේ හැම එකටම පිළිතුරු කැමරාවත් සමගම නොමිලේ ලැබෙනවා. ඒ පිළිතුරු හැම තියෙන්නේ Camera User Manual එකේ, කට වචනෙන් කියන්නේ මැනුවල් එක කියලා. ඒ නිසා කැමරාවක් ගත්තම ඉස්සෙලාම කරන්න ඕන User Manual එක කියවන එක.

2. Manual Mode එක භාවිතා නොකිරීම.

කැමරාවක් ගත්ත අලුත අපි හැමෝම ආසයි දකින දකින දේ ෆොටෝ ගන්න, කවුරුහරි කෙනෙක් එහෙම නැහැ කියනවා නම් ඒක බොරුවක්. අපි හැමෝම ඉස්සෙල්ලම ෆොටෝ ගැහුවේ අපේ වත්තේ තියෙන ගස් වල මල් ඒවාට වාහන සමනල්ලු, කුරුල්ලෝ. ඒක තමා අපේ ඇරබුම.

ඔන්න ඔහොම ෆොටෝ ගන්නකොට අපිට තේරෙනවා සමහර ෆොටෝ බොඳ වෙලා, තවත් සමහර ඒවා අඳුරුයි , තවත් සමහර ඒවා සුදු පාට වෙලා ගිහිං. අන්න එතකොට තමා අපිට තේරෙන්නේ කැමරාවට ඕන විදිහට ෆොටෝ ගත්තට ඒ ගන්න හැම ෆොටෝ එකම ලස්සන නැහැ කියලා. අපේ ලෙසිය පහසුවට අපි හැමෝම Auto mode දාලා ෆොටෝ ගහනවා, නමුත් අපිට ඕන විදිහට ෆොටෝ එක වදින්නේ නැහැ හැම විටම අන්න එතකොට තමා අපිට Manual Mode එක භාවිතා කරන්න වෙන්නේ.

මුලදී මේක ටිකක් අපහසුයි නමුත් අපි මේක ටිකක් පාවිච්චි කරනකොට මේක අපිට ඉබේම අල්ලගන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා Shutter Speed එක Aperture එක සහ ISO කියන්නේ මොනාද එවයෙන් මොනවද වෙන්නේ කියලා. මේ කිව්වා දේ ගොඩක් අදාළ වෙන්නේ DSLR/ Mirrorless කැමරාවක් අතේ තියන අයට සහ Manual Mode තියෙන වෙනත් පොඩි කැමරා භාවිතාකරන අයට පමණයි.

3. ෆොටෝ එක ඇදවීම.

මේක ගොඩක් වෙන්නේ අපේ නොසැලකිල්ල සහ කලබලවීම නිසා, කලින් කිව්වා වගේ මේ වැරැද්ද අපි එදිනෙදා ගොඩාක් දකින දෙයක්. ඔබ අහලා ඇති ක්ෂිතිජ රේඛාව නැතිනම් horizon line එක කියලා. මේක ගොඩක් වෙලාවට වෙන්නේ අපි කලබලයෙන් ෆොටෝ ගන්න ගිහාම එක්කෝ හෝ නොසැලකිලිමත් කමින් නැතිනම් මේ ගැන අවබෝධයක් නැති කමින්.

ඒ කෙසේ නමුත් අපි බලමු මේ වැරැද්ද හදාගන්නේ කොහොමද කියලා.

  • In Spirit Level එක හෝ Hot Shoe Bubble Spirit Level එකක් පාවිච්චි කිරීම.

මෙහි වම් පසින් තියෙන්නේ කැමරාව තුලම ඇති Spirit Level එක සහ දකුණු පසින් තිබෙන්නේ Hot Shoe එකට සවි කල හැකි Bubble Spirit Level එක. ඉතිං මේ දෙකම භාවිතා කරලා අපිට පුළුවන් පින්තුරය ඇද නොවන විදිහට ලබාගන්න.

දැන් බලමු කලින් ඇදයටගත්ත ෆොටෝ එකක් හරියට කෙලින් කරගන්නේ නැත්නම් සමබර කරගන්නේ කොහොමද කියලා.මේක ලේසියෙන්ම කරන්න පුළුවන් Lightroom වලින්. පහත පින්තුරය බලන්න.

ඉහත menu එකට යන්නේ Develop  > Crop Tool. එතනට ගිහාම ඔයාලට ඕන නම් Auto කියන එක press කරලා බලන්නත් පුළුවන්. එහෙම හරි ගියේ නැත්නම් Angle එක Press කරලා පහත ආකාරයට ඇදය නිවැරදි විදිහට හැඩගස්වා ගන්න පුළුවන්.

4. Tripod එකක් භාවිතා නොකිරීම.

මේකට නම් ගොඩක් අය හරි කම්මැලියි, නමුත් මේ නිසාම තමා ඉතාමත් ලස්සන අවස්ථා ගොඩක්ම අපිට අහිමි වෙලා යන්නේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ෆොටෝ ගන්න කොට Long Exposure Photography කරනකොට සහ Astro Photography කරනකොට අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා කරන දේ හරියට කරන්න පෙර සූදානමක් ඇතුව යන්න.

අපිට Tripod එකක් අරන් ගිහාම ලැබෙන වාසි ගොඩක් තියෙනවා, එකක් සෙලවෙන්නේ නැතිව ෆොටෝ ගන්න පුළුවන්, අනිත් එක කිසි බියක් නැතුව long exposure Photography කරන්න පුළුවන්. අනිත් එක තමා අපිට හරියටම composition එක හදාගන්න පුළුවන්. ඒ වගේම HDR කරනකොට අපිට අපේ exposure එක හරියට Frame එකක් තුල එහා මෙහා නොවී ගන්න පුළුවන්.
විශේෂම දේ තමා ඉස්සෙල්ල කිව්ව් වැරැද්ද, ෆොටෝ එක අද නොවී live View එක බලාගෙන හරියටම හසුකරගන්න පුළුවන්. ඒ වගේම තමා Tripod එක භාවිතා කරලා ගන්නකොට ෆොටෝ එක හෙලවෙන්නේ නැහැ එතකොට ෆොටෝ එක blur නොවී ගොඩක් sharp කරගන්න පුළුවන්.

ඒ වගේම මේ tripod එකක් ගන්න අපිට ගොඩාක් විශාල මුදලක් වැයකරන්න වුවමනා නැහැ, පහසු මිලට ගන්න පුළුවන් හොඳ Tripod අද වෙළඳපලේ ඕනෑතරම් තිබෙනවා.

5. RAW ෆොටෝ නොගැනීම.

ගොඩක් අය කරන තවත් ලොකුම වැරද්දක් තමයි මේක. හැමෝම කරන්නේ JPEG ෆොටෝ ගන්න එක, මොකද එතකොට ගොඩක් ෆොටෝ ගන්න පුළුවන්, ඉඩ යනවා එහෙමත් අඩු නිසා. නමුත් JPEG කියන්නේ කැමරාව තුලම Process වෙලා එන දෙයක් එතකොට Original ෆොටෝ එකේ තියෙන Details, Sharpness, Brightness, Contrast සේරම කැමරාව තුල සකස්වෙලා තමා එන්නේ. එතකොට අපිට Post Process එකකින් කරන්න ප්‍රමාණය අඩු වෙනවා. ෆොටෝ එකේ තත්වය බාල වෙනවා. ඒ නිසා හැම විටම RAW විදිහට ෆොටෝ ගන්න.

ඒ වගේම RAW එකක් ගත්තම ඔබේ ෆොටෝ එක Under / Over Expose වුන වේලාවකදී එය නැවත යතා තත්වයට ගන්න පුළුවන් ඉඩකඩ ගොඩක් වැඩියි. නමුත් JPEG එකකදී ඔබට එම අවස්ථාව ඉතාමත්ම සීමිතයි.

6. සැලසුමක් නොමැතිකම.

කෙලින්ම කිව්වොත් අවේලාවේ ෆොටෝ ගැනීම. වැඩි දෙනෙක් කැමරාවක් තිබ්බට හෝ ෆොටෝ ගන්න දැනුමක් තිබ්බට ඒක හරි වෙලාවට යොදාගන්න දන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ හොඳම වෙලාව පහු උනාට පස්සේ ෆොටෝ ගන්න එකයෝ ඒ නිසා හැම විටම කාලය සහ කාලගුණය සමග සම්බන්ධ වී ඉන්න. විශේෂයෙන්ම ඉර නැගීම බැසීම සහ ඒ අශිත්‍ර Blue / Golden Hour එක ගැන වැඩි දෙනෙකුට අදහසක් නැහැ. ඒ නිසා හැමවිටම කාලය කළමනාකරගෙන සැලසුමක් ඇතුව ෆොටෝ ගන්න.

එහෙනං මට මතකෙට ආපු කරුණු කාරණා මෙතනින් නිමයි. මම ඊලග Blog එකෙන් පැහැදිලි කරන්නම් Blue / Golden Hour එකේ ෆොටෝ ගන්නේ කොහොමද කියලා.

මේක කියවලා ඔබ ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් post එක share කරන්න අමතක කරන්න එපා.

Anushka Eranga