Loading...
2021 පළමු කාර්තුවේදී 125W super fast charger එක වෙළඳ පලට නිකුත් කිරීමට Oppo සමගම සූදානම් වේ

ඔබට මතක ඇති අපි මිට කලකට පෙර ලිපියක් ගෙන ආවා 2021 වසරේදි අපිට 100W Fast Chargers බලාපොරොත්තු විය හැකි වන බව. ඒ වගේම ජුනි මාසයේ පැවති ‌‌ChinaJoy Show එකේදි OPPO සමාගම විසින් 125W Wired Fast Charger එකක් හා 65W Wireless Fast Charger එකක් ගැන ඉගිපල කරනු ලැබුවා. නමුත් මේ Chargers පිළිබඳව හරි තොරතුරක් මෙහිදි ඔවුන් ඉදිරිපත් කිරිමක් සිදු කලේ නැ. Digital Chat Station විසින් Weiboහි පල කරන ලද Note එකකට අනුව OPPO සමාගමේ 125W super-fast Chargers 2021 වසරේ මුල් කාර්තුව තුල ඔවුන් නිල වශයෙන් එළිදැක්වීමට සුදානම් වි සිටින බව දක්වා තිබෙනවා.

OPPO සමාගමේ මේ 125W Flash Charging Technology එක කියන්නේ Smartphone Industry එකේ දැනට පවතින Powerful Fast Charging Technology එක කිවොත් නිවරදියි. මේ Fast Charger එක ඔවුන් 65W SuperVOOC 2.0 Charging Protocolය මත ගොඩනගා තිබෙනවා. මේ 125W Super Fast Charger එකේ වෝල්ටියතාවය 20V දක්වා වැඩි කර ඇති අතර මෙයින් ලබා දිය හැකි උපරිම ධාරාව 6.25A පමණ වෙනවා.

ඒ වගේම 65W SuperVOOC 2.0 Fast Charging Technology එක සදහා භාවිත වු 3C Cells දෙක වෙනුවට 125W Flash Charging Technology එකේ දි ඔවුන් නව 6C Cells දෙකක් භාවිත කරනවා. මේ නව Flash Charging Technology එක Multiple Battery Tab Structures, Three Parallel Charge Pumps හා Charging Efficiency එක වැඩි කිරිම සදහා වු Integrated MCU (Microcontroller Unit) එකකින් ද සමන්විත වෙනවා.

OPPO සමාගම දක්වන ආකාරයට මේ 125W Flash Charging Technology එක මගින් 4000mAh Battery එකක් මිනිත්තු 20 ඇතුලතදි සම්පූර්ණයෙන්ම ආරෝපණය කල හැකි වෙනවා. එමෙන්ම Battery Capacity එක 41% දක්වා ආරෝපණය කිරිමට ගත වෙන්නේ මිනිත්තු 05 පමණ කාලයකි. Smartphone එකේ ආරක්ෂාව සදහා මේ Flash Charging Technology එක සදහා Support කරන Smartphone සදහා අමතර Temperature Sensors 10ක් පමණ එකතු කරන බවත් සමාගම විසින් දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි Fuse Overvoltage Protection හා USB-C Charging Cable එක 128-bit high-strength encryption algorithmයට සදහ දක්වනවා.

තවමත් මේ Flash Charging Technology එක සහිත 125W Super Fast Chargers වෙළදපොලට ඉදිරිපත් කිරිමේ දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරු නොමැති වුවත් මෙය 2021 වසරේ මුල් කාර්තුව තුල අපිට බොහෝ විට බලාපොරොත්තු විය හැකි වෙනවා. ඒ වගේම 2021 මුල් කාර්තුවේ දි එළිදැක්වීමට නියමිත ව ඇති Find X3 Series එකත් මේ Flash Charging Technology එක සදහා සදහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina, Wiebo, OPPO