සිංහලෙන්ම ලියන්න හිතුවේ අපි ගොඩ දෙනෙක් English වලින් තියෙන දේවල් කියවන්න මැලිකමක් දක්වන නිසයි. නමුත් ඒක අපි නොකළ යුතු දෙයක්. ලෝකේ වෙන දේවල් දැනගන්න ලංකාවෙන් පිටත ලෝකය දකින්න නම් අපිට English ඉගෙනගන්න වෙනවා. ඒ මොනවා උනත් වැඩි අටුවා ටීක නැතුව මම අදාළ මාතෘකාවට යන්නම්.

අපි මුලින්ම බලමු Milkyway කියන්නේ මොකක්ද කියලා. Milkyway එකට සිංහලෙන් කියන්නේ ක්ෂීරපතය කියලා. තවද ක්‍ෂීරපතය යනු ව්ශ්වයේ ඇති මන්දාකිනි වලින් එකක් පමණයි. මේක හැදිලා තියෙන්නේ තරු සහ ග්‍රහලෝක රාශියක් එකතු වෙලා. ඒ වගේම මෙහි දුහුවිලි අංශුත් අඩංගු වෙනවා. කථා කරන්නේ ඡායාරූපමය පැතිකඩ නිසා මම ඒ ගැන කථාකරන්න යන්නම්.

1.  පෙර සූදානම

  • කැමරාව – මේ සඳහා වඩාත්ම සුදුසු DSLR කැමරාවක්. නමුත් මේ දවස්වල අපිට විවිද මාදිලිවල Mirrorless කැමරාත් බහුලව දකින්න පුළුවන්. එම නිසා මම මෙහෙම කියන්නම්. මේ සඳහා ඔබට ගොඩක්ම සිදුසු අඩු ආලෝක තත්වය ( Low Light ) සඳහා භාවිත කල හැකි කැමරාවක්. ඒ වගේම ISO වැඩි ප්‍රමාණයක් භාවිත කල හැකි කැමරාවක්. අඩු තරමින් ISO 1600 හෝ 3200 ක ප්‍රමනයක්වත් තිබිය යුතුයි.
  • ලෙන්ස් – මේ සඳහා වඩාත්ම සුදුසු wide angle ලෙන්ස්. මොකද ක්ශීරපාතය ඉතා විශාලයි ඒ වගේම අපට මෙහිදී අත්‍යවශ්‍ය වන්නේත් වැඩි ප්‍රමානයක් අහස ආවරණය කරගැනීමයි. එම නිසා 14mm, 16mm වැනි අගයකින් යුතු ලෙන්ස් එකක් මේ වැඩේට ගොඩක් ගැලපෙනවා. ඒ වගේම තවත් වුවමනා දෙයක් තමයි Aperture එක නැතිනම් F අගය අඩු වීම. මොකද මෙහිදී අපිට වැඩි ආලෝක පරානයක් හසු කරගැනීමට සිදු වෙනවා. ඒ වගේම කිවයුතුම දෙයක් තමයි wide lens වලට අමතරව ඔබගේ කැමරාව සතු kit lens එකත් මේ වැඩේට ගැලපෙනවා. ඒ නිසා මිල අධික lens තිබීම අනිවාර්යම නැහැ.
  • ත්‍රීපාදයක් – මෙයත් ඉතාමත්ම වැදගත් අංගයක්. මොකද අපි තත්පර 15-30 අතර ප්‍රමාණයකට යන නිසා ත්‍රීපාදය ඉතාමත්ම වැදගත්. මෙය නොසෙල්වී තිබීම අනිවාර්යෙන්ම කල යුත්තක්. මෙහිදී ටිකක් බරින් යුතු ත්‍රීපාදයක් තිබෙනවා නම් ගොඩක් හොඳයි. එසේ නොමැති නම් ඔබට පුළුවන් ත්‍රීපාදයෙහි ගලක්, පොඩි වැලි උරයක් වැනි දෙයක් එල්ලා එහි බර වැඩි කරගන්න.ඒ වගේම ත්‍රීපාදය 3-way Head / Ball Head එකක් වෙනවා නම් ගොඩක් හොඳයි මොකද අපි ගොඩක් දුරට  කැමරාව ඉහල අහසට යොමුකරලා තමා භාවිතාකරන්නේ. නමුත් ඔබ පනරෝමාවකට වගේ යනවා නම් තත්වයෙන් උසස් ත්‍රීපාදයක් තෝරාගැනීම කලයුතුයි.
  • Remote – මේකත් අවශ්‍ය දෙයක් නමුත් අත්‍යවශ්‍යම නැහැ. Remote එකක් තියෙනකොට අපිට පුළුවන්  Bulb Mode එකෙන්  Milkyway එක හසු කරගන්න. ඒ කියන්නේ  කැමරාවේ සම්පූර්ණ පාලනය අපේ අතර ගන්න පුළුවන්. ඒ වගේම remote එකක් නැත්නම් අපිට පුළුවන් Shutter එක 2 Dealy Sec දාලා එක හසුකරගන්න.

2. කාලය සහ ස්ථානයක් තෝරාගැනීම.

  • කාලය -අපිටMilkyway එක වසරේ හැම දිනකම දකින්න ලැබෙන්නේ නැහැ. එක්තරා කාලයක් තියෙනවා මෙය අපට දිස්වෙන. ඒ කාලයට අහසේ වලාකුළු අඩුනම් අපිට මේක පියවි ඇසින් දැකගන්නත් පුළුවන්. මෙන්න මේ කාලය අපිට බලන්න නම් අපි කාලගුණය සමග සෝදිසියෙන් ඉන්න වෙනවා. ඒ වගේම මේක හරි ලෙසියෙන හොයාගන්න පුළුවන් පුංචි software දැන් අපි අතර තිබෙනවා. ඉන් කිහිපයක් මම පහතින් සඳහන් කරන්නම්

1. Start Chart
2. Dark Sky Finder
3. Sky Guide
4. PhotoPills

ඉහත සියලු software ඇපල් iPhone එකට Download කරගන්න පුළුවන්, ඒ වගේම ඔය නමින්ම search කලොත් android අයටත් පුළුවන් මේවා භාවිත කරන්න.

ස්ථානය – ස්ථාන්යක් තෝරාගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මෙයට වඩාත් සුදුසු වන්නේ අඳුරු ප්‍රදේශයක්. සාමාන්‍ය light එලියට ඡයාරූපය over expose වීමේ සම්භාවිතාව ගොඩක් ඉහලයි. ඒ වගේම අනිත් කාරණය තමා අපි ගන්න ඡායාරූපයේ Foreground එක. එය ටිකක් අලංකාර වෙනවා නම් අපේ ඡායාරූපයේ අගය පොඩ්ඩක් ඉහල යනවා. පහලින් තියෙන්නේ අපි යාල වනෝද්‍යානය ආසන්නයේදී ගත් පින්තුඅරයක්. මේක මම ගත්තේ Sony A6000 කියන කැමරාවෙන් සහ

Zeiss 16-50 mm, F4 නමැති ලෙන්ස් එක භාවිතා කරලා.

3. ඡායාරූප ගැනීම

මේක තමා ඉතාමත්ම රසවත් කොටස. කලින් කිව්වා විදිහට සේරම සූදානම් නම් දැන් ඔබට තියෙන්නේ අවශ්‍ය තැන තෝරාගෙන ඡායාරූප ගැනීම ආරම්භ කරන්නයි.

මෙහිදී මුලින්ම කරන්න ඕන කැමරාව tripod කරල එය නොසෙල්වෙන විදිහට තබා ගැනීමයි. පසුව  camera setting සාදා ගැනීම. මුලින්ම shutter එක Bulb දමා Aperture එක උපරිම විවර කරන්න. ඊට පසුව ISO අගය 1600 කින් පමණ පටන් ගෙන ඡයාරූප ගැනීම ආරම්භ කරන්න. පළමු ඡායාරූපය ගැනීමෙන් ඔබට පුළුවන් දළ අදහසක් ගන්න ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමා focusing. Milky-way එක නිවැරදිව හසු කරගැනීමට නම් lens එක Infitinty එකේ තැබිය යුතුයි. එය ඔබට මෙම ∞ සලකුණෙන් හොයාගන්න පුළුවන් එහෙමත් නැති නම් ඔබ කලයුත්තේ ලෙන්ස් එක අවසානය දක්වා Zoom out කර ඡයාරූප ගෙන infinity focus point එක සොයාගැනීමයි.

මෙහිදී ඔබට Milky-way එක පැහැදිලිව දිස් නොවන්නේ නම් ඒ කියන්නේ ඡායාරූපය ගොඩක් අඳුරු නම් ඔබ කලයුත්තේ ISO අගය ඉහල දැමීමයි. මෙහෙදී ඔබ භාවිතා කරන කාමර මාදිලිය අනුව යම් noise ප්‍රමාණයක් දැකගැනීමට පුළුවන්. නමුත් එය ඉතා ලොකු ගැටළුවක් නොවේ. අපිට සංස්කරණයේදී ඒවා මගහැර ගන්න පුළුවන්.

තවත් දෙයක් තමා shutter speed එක. ඔබ සම විටම ගන්න ඡායාරූපය Zoom කල බැලිය යුතුයි. මොකද අපි shutter එක මද වෙලාවක් Open තබන නිසා star trail වදින්න පුළුවන්. මොකද පෘතුවිය භ්‍රමණය වන නිසා. එතකොට කරන්න ඕන කාලය අවම කිරීමයි. සාමාන්‍යයෙන් 15 Sec කියන්නේ හොඳම කාලයයි. මෙහදී 500 Rule සහ 600 Rule යනුවෙන් ගණිතමය ක්‍රම භාවිත කරනවා. නමුත් මගේ අදහස නම් ඔබ අතේ කැමරාව ඇත්නම් මේක ඒ තරම් සංකීර්ණව විසදගන්න වුවමනා නැහැ. මොකද මම උනත් පුදගලිකව මේ සමීකරණ වැනි දේවල් යොදාගෙන නැහැ. හොඳම දේ තමන්ට අවශ්‍ය විදිහට ඡායාරූපය ගැනීමයි.

මම ගත් ඡායාරූප කිහිපයක් ඔබට මේ ලින්ක් එක මත click කිරීමෙන් බලන්න පුළුවන්   http://bit.ly/2juFB7g

මම හිතනවා ඔබට ඉහත සඳහන් කරපු දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ඔබට ප්‍රශ්නයක් ඇත්නම් පහත comment section එකේ අහන්නත් ඔබට මෙය ප්‍රයෝජනවත් වුනා කියලා හිතෙනම් නම් post එක යහළුවන් අතර share කරන්න කියලත් ඉල්ලීමක් කරනවා.

Anushka Eranga