මයික්‍රොසොෆ්ට් එක ගැන නොදන්නා කව්රුත් එම පෘථිවියේ ඉන්න විදියක් නැහැ නේ , කොහොමහරි Microsoft එකෙන් වින්ඩොස් ෆෝන් සෙට් එකක් එලියට දැන්මා , ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ස්මුත් එකට වගේම , ගොඩක් හේතු වලට වින්ඩෝස් ෆෝන් ඉක්මනට ජනප්‍රිය උනා. කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් මොබයිල් මාකට් එකට තරගයක් දෙන්න පුළුවන් උනා. අප්ඩේට් ටික වගේම සිකුරුටි පැච් මයික්‍රොසොෆ්ට් එකෙන් වෙලාවට කලාවට දුන්නා .

ඒ වගේ මයික්‍රොසොෆ්ට්ලාගේ ඇප් ස්ටෝර් එක ගැන කියන්නම ඕනා , වැදගත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕන ඇප් ටික ස්ටෝර් එකේ ෆ්‍රී තියෙනවා . උදාහරණයක් විදියට වයිබර් , වට්ස්ඇප් , ෆේස්බුක් , මැසෙන්ජර් , ඔෆිස් , වීඩියෝ ප්ලේයර් වගේ දේවල්. කොහොමින් කොහොමහරි අව්රුදු 5ක් විතර ලස්සනට වැඩේ කරගෙන ආපු මයික්‍රොසොෆ්ට් එක අන්තිමට කෙලොගත්තා. 8 එක ඩේට් කරේ ගොඩක් කාලෙකට කලින් මෙන්න මේ විදියට තමා 8.1 අප්ඩේට් එක ඩේඩ් කරේ.

මුලින්ම 8.1 වලට ස්ටෝර් එකෙන් ඇප් දෙන එක අඩු කළා , ඊළගට සිකුරුටි පැච් එවන එක නැවැත්තුවා. ඊළගට බග් ෆික්ස් එවන ඒවා නැවැත්තුවා. අන්තිමට හරියටම මයික්‍රොසොෆ්ට් එකෙන් අනව්න්ස් කළා July 11, 2017 දිනයේ වින්ඩෝස් 8.1 එකට මයික්‍රොසොෆ්ට් එක කිසිම සහයක් දක්වන්නේ නැති බව, ඒ වගේම වින්ඩෝස් 10 අප්ඩේට් එක ඇවිත් තියෙන සියලුම දුරකතන වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගන්න කියලා. ඒ වගේම ඒ අනව්න්ස් එකේ අව්ල තමා , වින්ඩෝස් ෆෝන් අධික ප්‍රමාණයක් එලියට දාපු මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් 10 අප්ඩේට් එක දුන්නේ ෆෝන් කිහිපයකට පමණයි. මෙන්න ෆෝන් ටික. Lumia Icon, 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435 .

ඒ වගේම වින්ඩෝස් 10 අප්ඩේට් එකට සහය දක්වන බව මයික්‍රොසොෆ්ට් එකෙන් අනව්න්ස් කළා . අන්න දේ හොද උනාට මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 10 වලට සහය දක්වන්නේ 2019 ජූනි වෙනකම් විතරයි . ඊට පස්සේ වින්ඩෝස් මයික්‍රොසොෆ්ට් ෆෝන් සම්පුර්ණයෙන්ම ඩේඩ් වෙනවා. වැඩිය ඕනේ නැහැ මෙගා පික්සල් 41කින් වගේම වින්ඩෝස් 8 අප්ඩේට් එකක් විදියට එව්ව ෆෝන් එකට දුන්නේ වින්ඩෝස් 8.1 විතරයි. වින්ඩෝස් 10 මේ ෆෝන් එකට එව්වේ නැහැ. වින්ඩෝස් 8.1 OS එකට මැසෙන්ජර් , ඉමෝ වගේම ස්කයිප් වැඩ නැහැ , ඒ වගේම අව්රුදු දෙකකින් විතර ෆේස්බුක් අප්ඩේට් එකක් ඇවිත් නැහැ. වින්ඩෝස් ෆෝන් ගොඩක් යුස් කරන අය මේ අව්ල් එක්ක හිර වෙලා ඉන්නේ.

ඔන්න ඔහොම තමා මයික්‍රොසොෆ්ට් කස්ටමර් ට කෙළියේ. ලංකාව වගේ රටක් සුද්දා වගේ එන එන ෆෝන් සල්ලි දීල ගන්නේ නැහැ , ෆෝන් එකක් ගත්තම අව්රුදු 3-4ක් විතර යුස් කරනවා. මයික්‍රොසොෆ්ට් ලුමියා වල අවසානය ලුමියා 540 , 640 විදියට හදුන්වන්න පුළුවන්. වින්ඩෝස් 10 අප්ඩේට් එක ඇවිත් තියෙන අය ෆෝන් එක අප්ඩේට් කරගන්න . අනිත් අයට ඉතින් සොරි.කොම් තමා.මම ෆෝන් 8කින් විතර චෙක් කළා , වින්ඩෝස් 8.1 අප්ඩේට් එක තියෙන අයට මැසෙන්ජර් වැඩ නැහැ.වින්ඩෝස් 10 අප්ඩේට් කරගන්න , හොට්ස්පොට් එකක් හරි වයිෆයි හරි ඕන වෙනවා.

මේ ෆෝන් ලිස්ට් එකේ ඉදලත් අප්ඩේට් එක ඇවිත් නැති අය ඉන්නවා නම් මාව දැනුවත් කරන්න , කරන විදිය කියා දෙන්නම් . අප්ඩේට් එක 1.5GB කිට්ටු වෙනවා.

ලිපිය ලිව්වේ – නවින් නිසල් ධනුෂ්ක©®