මේක මේ වෙන කොට ටෙස්ටිං ෆීචර් එකක් මේක දැකලා තියෙන්නෙ Jane Manchum Wong කියලා ඇප් රීසර්චර් කෙනෙක් ඒ කියන්නෙ ඔය facebook lite , messenger lite වගේ පාවිච්චි කරන අයට ආයේ ලයිට් වර්ශන් ඕනේ වෙන එකක් නෑ එක ඇප් එකක් තුලින්ම වැඩ ටික කරගන්න පුලුවං වෙන හින්ද. facebook ඇප් එකෙත් උඩ කොනෙත් මැසෙන්ජර් බටන් එක තිබ්බට ඒක ක්ලික් කරහම මැසෙන්ජර් ඇප් එක නෙ ඕපන් වෙන්නෙ.

Messenger ඉස්සෙල්ලම රිලිස් කරේ 2011 තනි ඇප් එකක් විදියට,පස්සෙ Facebook ආයතනය 2014 ඇප් එක තුලම මැසෙජ් කිරීමේ පහසුකම නවත්තලා Messenger ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න කියලා Facebook යුසර්ස්ලට කිව්වා. දැං තත්වෙට අනුව ආයේ තනි ඇප් එකක් තුලම මැසෙජිං පහසුකමත් ආයේ දෙන්න ප්ලෑන් කරලා තියෙනවා මොකද Instagram,WhatsApp,Messenger මේ තුනේම මැසෙජිං එකම තැනකට ගේනාවවම යුසර්ස්ලට පහසු නිසා, අපි හැමෝම දන්න දෙයක් නේ මේ තුන කම්බයින් කරන්න යනවා කියලා

මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා ඒ උනාට දැනට කියන විදියට ඔය මැසෙජිං සිස්ටම් එකෙන් පුලුවං මැසෙජ් යවන්නයි රිසිව් කරන්නයි විතරයි අපිට තාමත් කොල්ස් වලටයි ෆොටෝස් විඩියෝස් යවන්නයි Messenger ඇප් එක යුස් කරන්න වෙනවා

තව ඔය තියෙන screenshots වලට අනුව ෆෙස්බුක් ඇප් එකත් රී ඩිසයින් වෙන බවක් තමා පෙනී යන්නෙ ඔය ටිකත් එක්ක මේ අප්ඩෙට් එක කවදා එයිද කියලා නම් හරි දවසක් නෑ අපි බලං ඉමු ඉතිං ඕගොල්ලන්ගේ අදහසුත් පල්ලෙහා කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න 🙂

Nimuth Gunathilake