මේ වෙලාවේ mobile phone industry එකේ කතාවෙම්න් තියන උණුසුම්ම මාතෘකාව ගැන මේ විදියට චුට්ටක් කතාකරන්න හිතුවා මොකද ඇත්ත හරියටම මොකද්ද කියන එක ගැන නොදන්නා අයට කියන්න අපිටත් චුටියට හරි වගකීමක් තියෙනවා කියලා හිතපු නිසා. හොදයි ඉතිං මේ කතාකරන්න යන්නේ එහෙනම් “මොකද්ද මේ Apple Iphone X එකේ production එක නවත්තන්න යනවා කියලා මේවෙලාවේ පැතිරෙමින් තියෙන කතාව මොකද්ද මේකේ ඇත්ත නැත්ත” කියන දේ ගැන තමයි ඉතිං.

iPhone X

හොදයි එහෙනම් මුලින්ම අපි බලමුකෝ නේද මේ Iphone X එකේ production එක නවත්තන්න යනවා කියන කතාව මුලින්ම අපිට අහන්න ලැබෙන්නේ කාගෙන්ද කොතනින්ද කියන එක ගැන. ඉතිං අපිට මේ කියන කතාවත් සුපුරුදු විදියටම අහන්න ලැබෙන්නේ නම් වෙනදාටත් Apple ගැන ගොඩක් rumors/leaks අහන්න ලැබෙන KGI Securities ලගේ ප්‍රදාන analyst වෙන Ming-Chi Kuo ගෙන්ම තමයි ඉතිං ඔන්න. ඔක්කොටම කලින් කියන්න ඕන මේ Ming-Chi Kuo කියන්නේ කවුද කියලා හරියට දන්නේ නැති අයට KGI එකේ මේ Ming-Chi Kuo තමයි ඉතිං දැනට ලෝකේ Apple ගැන වැඩියෙන්ම ඒවගේම හොදම rumors/leaks දෙන analyst වෙන්නේ. මේ කියපු දේට එක උදාහරණයක් විදියට මං ගන්නම් හැමෝම වගේ දැක්කනේ Apple ලා එයාලගේ මේ Iphone X එක announce කරන්නත් මාස ගානකට කලින් ඉදං internet එක පුරාම තිබුනනේ ඉතිං Iphone X එකේ design එක වගේම තවත් ඒ ගැන rumors/leaks විස්තර ගොඩක්. ඉතිං ඒ වගේම අවසානේ Apple ලා Iphone X එක announce කරාම අපිට දැකගන්න ලැබුනානේ ඒ internet එකේ තිබුන rumors/leaks බොහොමයක් ඇත්ත බව. ඉතිං මෙන්න මේ අපිට කලින්ම දැනගන්න දැකගන්න ලැබුණු ඒ Iphone X එකේ rumors/leaks බොහොමයක්ම වගේ අපිට නිවැරදිව ඒ විදියට දැනගන්න ලැබුනේත් මෙන්න මේ Ming-Chi Kuo නිසාම තමයි හොදේ. සරලවම කිව්වොත් ඉතිං මෙයා තමයි දැනට Apple ගැන rumors/leaks වල රජ්ජුරුවෝ වෙන්නේ ඒවගේම මෙයාට වැරදුනු අවස්ථා නම් ගොඩක්ම, ගොඩක්ම අඩුයි.

Ming Chi Kuo

හරි දැන් මං හිතනවා හැමෝටම අදහසක් ඔලුවට යන්න ඇතී කියලා. දැන් අපි බලමුකෝ එහෙනම් හරියටම මේ Iphone X එකේ production එක නවත්තනවා කියන එක ගැන Ming-Chi Kuo කිව්වේ කොහොමද කියල. මුලින්ම කියන්න ඕන ඉතිං ඇත්තටම මේ Iphone X එක කියන්නේ Apple ලා ගොඩක් බලාපොරොත්තු තියපු product එකක් තමයි අව්රුදු ගානකට පස්සේ. ඉතිං මේ නිසාම Apple ලා Iphone X එකට බලාපොරොත්තු උනා සෑහෙන්න ලොකු sale එකක් කලින් Iphone models වලටත් වඩා. නමුත් ඉතිං මේ Ming-Chi Kuo ගේ අදහසට අනුවනම් එයා කියන්නේ 2018 මේ පලවෙනි කාර්තුවේදී Iphone X මිලියන 18කට වඩා sale එකක් නැතිවෙයි කියල තමයි ඉතිං. මේ මිලියන 18 ඇත්තටම 2018 පලවෙනි කාර්තුවට Apple ලා Iphone X එකේ plan කරලා තිබුන Apple standards වල sale එකට වඩා සෑහෙන්න අඩුයි. ඒවගේම තමයි ඉතිං Iphone X එකේදී උන වෙනස් වීම් ප්‍රමාණය අනුව ගත්තම මේ වෙන sale එකනම් සෑහෙන්නම අඩුයි. මීලගට 2018 දෙවැනි කාර්තුව ගත්තමනං Ming-Chi Kuo බලාපොරොත්තු වෙන්නේ තවත් අඩු උන මිලියන 13ක විතර Iphone X sale එකක් තමයි ඉතිං. මේකට ලොකුම හේතුවක් විදියට මෙයා විශ්වාස කරන්නේ ඉතිං චීනයේ සිදුවම දීර්ග කාලින device replacement cycle එක තමයි. ඒ දේ කොහොම වුනත් ඉතිං මේ Iphone X එකේ sales බැලුවම බලාගන්න පුළුවන් දේ තමයි ඉතිං china market එකට සැලකිය යුතු තරගයක් දෙන්න Apple ලට හැකි වෙලා නෑ කියන දේ. ඉතිං මේ කියන දේ පොඩියට හිතන්න නම් එපා කව්රුත් මොකද චීනය කියන්නේ ඇත්තටම ඉතාමත් වැදගත් market එකක්.

ඒවගේම මේ Ming-Chi Kuo ට අනුව එයා මේ Iphone X එකේ sales අඩුවීමට තවත් හේතුවක් විදියට දකිනවා මේ Iphone X එකේ design එක. එයා කියන්නේ චීනයේ මිනිසුන් device එකක එන විශාල display වලට ආසා කලත් මේ Iphone X එකේ display එකේ ඉහලින් තිබෙන “Notch” එක ගොඩක් දෙනා ඉඩ විශාල ලෙස අපතේ යැවීමක් විදියට දකින බව තමයි ඉතිං.

iPhone X notch

කොහොමවුනත් ඉතිං මේ වෙද්දී නම් Iphone X මිලියන 30කට අදික ප්‍රමාණයක් ලෝකය පුරාම විකිණිලා ඉවරයි. ඉතිං කොහොම උනත් මේ අනුව Ming-Chi Kuo ගේ අදහස වෙන්නේ අවසානයේ Iphone X මුළු sale එක මිලියන 62 කට විතර සිමා වෙයි කියල තමයි. ඒවගේම තමයි වැදගත්ම දේ මේ ප්‍රමාණය ඇත්තටම Apple ලා බලාපොරොත්තු උන අවම මිලියන 80 ක Iphone X sale එකට වඩා සෑහෙන්න ප්‍රමානෙකින් අඩුයි කියන දේත්.

ඇත්තටම නතර කරනවාද……?

ඔය විදියට ඉතිං මෙන්න මේ කියපු හැමදෙයක්ම
ඒ වගේම තවත් තොරතුරු සැලකිල්ලට අරගෙන Ming-Chi Kuo අනාවැකියක් පලකරනවා Apple ලා මේ Iphone X එක discontinue කරයි කියලා මේ අව්රුද්දේ summer එකේදී දිනයක ඒකියන්නේ ආසන්න වශයෙන් ජූනී-සැප්තැම්බර් මාස අතර දිනයකදී. ඒ වගේම කියන විදියට මේ Iphone X ඇත්තටම Apple ලා discontinue කරන එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නම් මීලගට එන්න නියමිත Iphones වලට එයාලගේ සම්පුර්ණ අවදානය දෙන්නලු. ඒවගේම තමයි ඇත්තටම කිව්වොත් Ming-Chi Kuo බලාපොරොත්තු වෙනවලු මේ සැප්තැම්බර් වලදී Iphone වල super-cycle change එකක් දැනට තියන මේ Iphone X, Iphone 8 සහ Iphone 8 Plus කියන devices 3ම discontinue කරලා අලුත් සියලුම Iphones වලින් bezel-less trend එකට යන්න. ඒ වගේම මෙයගේම තොරතුරු වලට අනුවනම් මීලග Iphones bezel-less විදියට $650-$750 වගේ අඩු මුදලක ඉදං ඉහලට බලාගන්න පුළුවන් වෙයිලු.

Rumors of iPhone 2018 lineup

 

ඉතිං ඔන්න එහෙනම් මේ විදියට තමයි Ming-Chi Kuo predict කරන්නේ Iphone X එක discontinue කරයි කියන දේ. ඉතිං මේ මාතෘකාව මේ වෙලාවේ සෑහෙන්න උණුසුම් මාතෘකාවක් බවට පත්වෙලා තමයි තියෙන්නේ ඒවගේම මං දැක්කා සමහර අය මේ Ming-Chi Kuo ගේ අදහස විකෘති කරලත් තිබුනා ඒ නිසාමයි කියන්නේ හොදට මතක තියාගන්න ඉතිං කව්රු කිව්වත් මේ වගේ දේවල් ගැන අහන්න ලැබෙනවානම් විශවාස කරන්න කලින් අනිවාරෙන්ම ප්‍රදාන source එකට ගිහින් හොයලා බලන්න මොකද නැත්තං මෙතැනදී අර කපුටු පිහාටුවේ කතාව උනත් වෙන්න සෑහෙන්න ලොකු හැකියාවක් තියෙන නිසා. ඒවගේම කියන්න ඕන මං උනත් මෙතැනදී අපේ පෞද්ගලික අදහස් නොකියා ඉන්න සෑහෙන්න වගබලාගත්ත මොකද මේකෙදි මං ප්‍රදාන source එකට මුල් තැන දෙන්න තීරණය කරපු නිසා. ඉතිං මීලගට මං කතාකරන්න හිතපු දේ තමයි මේ සිද්දියේ ගොඩක් අය නොදන්නා පැත්ත.

මේ කියන්න යන්නේ ඉතිං Apple ලට මේ Iphone X එකෙන් උන දේ අපි කව්රුත් දන්නා Samsung ලට බලපෑවේ කොහොමද කියන දේ ගැන තමයි. ඉතිං ET News වලට අනුව අලුත්ම ආරංචි අනුවනම් මේ Iphone X එකේ demand එක අඩුවීම Samsung ලගේ OLED display production එකට සෑහෙන්න බලපාලා තියෙනවා. ඉතිං අපි හැමෝම දන්නවනේ Iphone X එකේ තියෙන්නේ Samsung OLED display කියන දේ ඒවගේම තමයි ඉතිං දැනට Samsung ලා එයාලගේ devices වලට ඇරුනම ලොකුම OLED display supply එක දෙන්නෙත් Apple ලට කියන දේ රහසක් නෙවෙයි. ඉතිං එතකොට තේරෙනවනේ මේ දේ කොහොම කොයිවිදියට Samsung OLED production එකට බලපාවිද කියන දේ.. ඇත්තටම කිව්වොත් දැනට Iphone X එකේ එක OLED display එකකට Samsung ලා $70 ක් අයකරනවා. හරියටම කිව්වොත් ඉතිං Samsung ලගේ A3 display plant එකෙන් තමයි මේ OLED production එක වෙන්නේ. ඉතිං කොහොමහරි මේ අඩු උන Iphone X sales එක්ක Samsung ලට සිද්දවෙලාලු මේ A3 plant එකේ production rate එක 10% කින් අඩුකරන්න. ඉතිං ඒවගේම තමයි Samsung ලා මේ OLED වලට ආපු ඉල්ලුමත් එක්ක Vietnam වල තවත් OLED plant එකක් හදන්න පටන් අරගෙන තියෙනවා. ඉතිං විශ්වාස කරනවද කිව්වොත් Samsung ලට මේ Vietnam වල හදන OLED plant එකේ වැඩත් අතරමග තාවකාලිකව නවත්තන්න සිද්දවෙලා තියෙනවා කියල Apple ලට මේ සිද්ද උන දේ නිසා? ඉතිං මේ අනුව එක දෙයක් පැහැදිලියි මේ Apple ලට උන දේත් එක්ක Samsung ලා ටත් යම්කිසි පාඩුවක් සිද්ද උනා කියන එක. ඉතිං ඇත්තටම මේක Samsung ලට විතරක් බලපාන දෙයක් නෙවෙයි මොකද Apple phone හදන්නේ තවත් manufacturers ලා ගොඩකගේ components බාවිතා කරලා කියන එක හැමෝම වගේ දන්නවනේ ඉතිං. ඒ නිසා ඉතිං ඇත්තටම අනිවාරෙන්ම මේ Iphone X එකේ sales අඩුවීම බලපානවා මේ විවිද components supply කරන හැම manufacturer කෙනෙක්ටම වගේ.

මේ වෙද්දී නම් ආරන්චිවෙන්නේ ඉතිං industry එකෙත් හැමෝම වගේ පෙබරවාරි මාර්තු මාස වල Iphone X production rate එකට තමයි ඇහැ දාගෙන ඉන්නේ කියල Iphone X එකේ demand එකට උන දේ හරියටම බලාගන්න. ඒවගේම දැනටමත් ඉතිං Iphone X මිලියන 30 කට අදික ප්‍රමාණයක් විකිණිලා ඉවරයිනේ. ඉතිං එහෙනම් ඒ අය වගේම අපිත් ඉදිරිකාලය්දී හරියටම මේ reports එනකම් බලං ඉමු නේද හරියටම මොකද උනේ Iphone X එකට උනේ ඒවගේම මොකද වෙන්නේ කියල බලාගන්න.

(සැ.යු : මේ post එකේ rumors/leaks ඇසුරෙන් බොහෝ කරුණු සදහන් වෙනවා ඒ නිසා මතක් කරන්න ඕනේ මේ rumors/leaks කියන දේවල් official දේවල් නෙවෙයි බොහෝ දුරට විය හැකි දේවල් පමණයි. ඒ නිසා ඉදිරි කාල වලදී මේ දේවල් වෙනස් වෙන්න පුළුවන් කියන දේත් මතකයේ තබාගන්න)