Loading...
ඔක්තෝම්බර් 27 වෙනි​දා iPhone 15 මාදිලියේ දුරකත​න ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් එළිදැක්වීමට Gnext Sri Lanka සූදානම් ​වේ

පසුගිය මාසයේ Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතන මාදිලිය වන iPhone 15 සහ iPhone 15 Pro මාදිලීන් නිල වශයෙන් එලිදැක්වීම සිදු කෙරුනා. ඒ පිලිබඳව අපි විසින් ඔබට සවිස්තරාත්මකව වාර්තාවන් ගෙන එනු ලැබුවා.

අද අපි ඔබට මෙම පුවත හරහා ගෙන ඒමට සැරසෙන්නේ, ශ්‍රී ලංකාවට Apple උපාංග නිල වශයෙන් ගෙන්වා බෙදා හරින Gnext Sri Lanka ආයතනය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාව තුලදී iPhone 15 මාදිලියේ ජංගම දුරකනත මාලාව එලිදැක්වීමට සැරසෙන පුවතයි.

Gnext Sri Lanka ආයතනය මෙම එලිදැක්වීම උත්සවශ්‍රීයෙන් මෙම මස 27 වෙනි දින තිඹිරිගස්යා​ය පිහිටි ඔවුන්ගේ Gnext Storeහිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයක් රැසක් සහභාගී වීමට නියමිතව පවතින අතර එදින Gnext Storeහිදී සිදු කරන මිලදී ගැනීම් වලට වටිනා දීමනා පවා ලබා දීමට සූදානමින් සිටින බව Gnext ආයතනය විසින් අප සිදු කල විමසීමේදී දන්වා සිටියා.

මෙම දීමනා අතර නොමි​ලේ AirPods 2nd Gen (මුල් පාරිභෝගිකයන් 100 දෙනාට පමණයි) සහ 1 year extended warranty එකක් සහ එක් screen replacement එකක් ඇතුලුව තවත් දීමනා රැසක් අඩංගු වනවා. ඊට අමතරව පොළී රහිත වාරික ක්‍රමය​ට මෙම උපා​ංග මිලදී ගැනීම පහසුකමද Commercial, DFCC, Sampath සහ Seylan යන බැංකු සමඟ එක්ව පාරිභෝගිකයන්​ට ලබා දීමට Gnext Sri Lanka ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙම විවිධ දීමනා සහ අනෙකුත් පහසුකම් පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා https://www.gnextstore.lk/promotions. මේ හරහා ඇණවුම් කරන උපාංග ඔබට 27 වන දින Genxt Store පරිශ්‍රයේදී ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

Gnext Sri Lanka ආයතනය හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හරින සියළුම iPhone විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය සහ ලියාපදිංචිය ඇතුව සිදු කරන බැවින් බලයලත් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයන්ගෙන් සේවාව ලබා ගැනීමේදී අපහසුතා ඇති වන්නේද නැත. මේ වන විට විදුලි සංදේශ නියාම කොමිසමේ මාර්ගෝපදේශයන්ට අනුව, TRCSL අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකාවට ආනයන කරන ලද කිසිදු iPhone එකක් බලයලත් අළුත්වැඩියා කරන ස්ථානයකින් අළුත්වැඩියා කර ගැනීමට නොහැකියි.