කාටත්ම මතක ඇති මීට ටික කාලෙකට කලින් කංඡායුධ කියල ගේම් එකක් ලංකාවේ නිපදවූවා. මේ කංඡායුධ ගේම් එක නිපදවපු Arimac ආයතනය විසින් මේ වෙනකොට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන අයට ක්‍රීඩා කර හැකි ආකාරයේ ගේම්ස් විශාල සංඛ්‍යාවක් ඇතුලත් කරමින් game portal එකක් නිර්මාණය කරල තියෙනවා. මේ game portal එක හැඳින්වෙන්නේ IMI Games යනුවෙනි.

IMI Game portal එකේ තියෙන ගේම්ස් ප්‍රධාන කොටස් 5කට බෙදල තියෙනවා.

  1. Action
  2. Fun
  3. Strategy
  4. Arcade
  5. Casual

කියන කොටස් යටතේ තමයි අපිට මේ පෝටල් එකෙන් ගේම්ස් හම්බෙන්නේ. මේ ගේම්ස් වල විශේෂත්වය වෙන්නේ කොතනකදිවත් ලෙවල්ස් නැති වීම සහ universal game leader board එකක් පැවතීමත්‍ ය. ඒ අනුව ජයග්‍රාහකයා තීරණය වන්නේ ලෙවල්ස් වලට අනුව නොව, වැඩිම ලකුණු ප්‍රමාණය එක්‍ රැස් කල ක්‍රීඩකයාටය. දැනට මේ ආකරයට නිර්මාණය කරපු ගේම්ස් 35ක් ඔයාලට මේ ගේම් පෝටල් එක හරහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව Arimac ආයතනය විසින් ලබා දී තිබෙනවා.

දැනට IMI Games වල Universal leader board එකේ ඉද්‍රියෙන්ම සිටින්නන්

IMI Games එක දුරකථනයට ස්ථාපනය කරගත් පසුව ඔබට එය ක්‍රීඩා කිරීමට නම් මුලින්ම IMI Games හි ගිණුමක් නිර්මාණය කරගත යුතු අතර ඒ සඳහා ඔබට ඔබගේ ජංගම දුරකථන අංකය භාවිතා කර හෝ Facebook හෝ Google login භාවිතා කර එම ගිණුම නිර්මාණය කර ගැනීම සිදු කල හැකි අතර එතන් පටන් ඔබගේ සියළුම තරඟ විස්තර තොරතුරු ගබඩා වන්නේ එම ගිණුම තුලටයි. එමෙන්ම ඔබගේ ජංගම දුරකථනයද අන්තර්ජාලට සම්බන්ධ වී තිබීම අනිවාර්‍ය වේ.

IMI Games ක්‍රීඩා කිරීමේදී අදාල ක්‍රීඩකයාට තම wallet එකේ ඇති coins භාවිතා කර අදාල ගේම් එකට ඇතුලත් විය හැකි අතර ඒ සඳහා 1 coin එක බැගින් ඇතුලත් වන වාරයකට වැය කිරීමට සිදු වේ. ඒ ආකාරයට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයාට IMI Coins තම wallet එකට එකතු කර ගත හැකි ආකාර කීපයක් ඇත.

  1. පළමු වතාවට IMI Games install කර game එක සඳහා register වන අවස්ථාවේදී ක්‍රීඩකයාට IMI Coins 50ක් ලැබෙන අතර දිනපතා game එක open කරන විට IMI Coins 10ක් ලැබෙන අතර නොකඩවා game එක open කරන විට ඊලඟ දිනයේ සිට පෙරදින ලැබුණු coins ප්‍රමාණයට coin එක බැගින් ඇඩ් වෙමින්, coins ක්‍රීඩකයාගේ wallet එක වෙත එකතු වේ.
  2. Monthly subscription plans සහ coins bundle ආකාරයට ක්‍රීඩකයන්ට coins මිලදී ගත හැක. ක්‍රීඩකයන්ට තම ජංගම දුරකථන සම්බන්ධතාවයේ ශේෂය (දැනට ඩයලොග් සහ මොබිටෙල් පාරිභෝගිකයන්ට පමණයි) හෝ eZcash භාවිතා කරමින් Coins මිලදී ගැනීම සිදු කල හැක.
  3. ගේම් එක ප්ලේ කරන අනිත් ක්‍රීඩකයන් තම මිතුරන් සේ ඇඩ් කරගෙන ඔවුන්ට තමන් ලබාගත් ලකුණු ප්‍රමාණය අභිබවා යෑමට අභියෝග කර එමඟින් ජයග්‍රහණය කලහොත් ජයග්‍රහණය කල ක්‍රීඩකයාට එම Coinsද ලබා ගෙන තම wallet එකේ ඇති coins ප්‍රමාණය වැඩි කර ගත හැක.
  4. තම මිතුරන්ට මෙම ගේම් එක වෙත ඇරයුම් කර, ඒ සඳහා අදාල ක්‍රීඩකයා ලබා දෙන refferal link එක හරහා ගේම් එක ලබා ගෙන රෙජිස්ටර් වූ විට ඇරයුම යැවූ ක්‍රීඩකයාට එක refferal එකකට IMI Coins 20 බැඟින් හිමි වේ.

ඊට අමතරව Arimac ආයතනය විසින් මේ ගේම් පෝටල් එකට අළුතෙන් ගේම් එකක් ඇතුලත් කල පසු නියමිත කාලයක් තුල එහි ලීඩර් බෝඩ් එකේ මුලටම පැමිණෙන ක්‍රීඩකයාට හෝ, මුල් ක්‍රීඩකයන් තිදෙනා හට ත්‍යාග ලබා දීම සිදු කරනවා.

ඉතිං ඔයාලත් පුළුවන් තරම් IMI Games එක ප්ලේ කරල ලකුණු එක් රැස් කරන්න. ඒ වගේම IMI Games එක ගැන ඔයාලගේ අදහස් Arimac ආයතනයට කියන්න. ඒ වගේම ඔයාලටත් අළුත් ගේම්ස් ගැන අදහස් තියෙනවා නම් ඒ ගැනත් එයාලට කියන්න.

email – hello@arimaclanka.com

Game එක Download කරගන්න

AppstoreDownload
PlaystoreDownload