Loading...
Oppo සමාගම විසින් OxygenOS සහ ColorOS එක නවතා දමා H₂OOS එක භාවිතා කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

පසුගිය වසරේදී OnePlus සමාගම, OPPO සමාගම සමග එකාබද්ධ කිරිමට කටයුතු කළ බවට අපි ඔප වෙත තොරතුරු ගෙන ආවා. එහිදි Hardware & R&D අංශ මුලින්ම එකාබද්ධ වු අතර පසුව OnePlusහි OxygenOS හා OPPOහි ColorOS Teams එකාබද්ධ කළ බවටත්, OxygenOSහි Codebase ColorOS සමග එකාබද්ධ කරන බවටත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ ඒකාබද්ධ කිරිම් සමගින් මෙහෙයුම් පද්ධතිවල තනි තනි නම් ඉවත් කර, ඉතා ඉක්මනින්ම මේ ඒකාබද්ධ මෙහෙයුම් පද්ධතිය සදහා නව නමක් ලබා දෙන බව ඔවුන් විසින් දක්වා තිබෙනවා. ඒ අනුව මේ නව මෙහෙයුම් පද්ධතියේ H₂OOS නමින් හදුන්වා දෙනු ඇතැයි නිල නොවන වශයෙන් තොරතුරු වාර්තා වෙනවා.

මේ වෙන විට OnePlus සමාගම විසින් හදුන්වා දිමට නියමිත “H₂OOS” සදහා Trademark ලබා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතරම මේ නව මෙහෙයුම් පද්ධතිය OnePlus සමාගම විසින් ඔවුන්ගේ Devices සදහා Android 12 යාවත්කාලීනය ලබා දිමත් සමග නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ නව මෙහෙයුම් පද්ධතියේ නම වෙන H₂OOS සැදි තිබෙන්නේ චීනය සදහා නිකුත් වෙන OnePlus Devices සදහා ලබා දෙන මෙහෙයුම් පද්ධතිය වෙන HydrogenOS එක හා ගෝලීයව නිකුත් වෙන OnePlus Devices සදහා ලබා දෙන OxygenOS එකත් හා සමල එකතුවයි. ඒ Oxygen ( OxygenOS ) හා Hydrogen ( HydrogenOS ) එකතුව H₂O සැදෙන ආකාරයටයි.

OnePlus Devices සදහා Android 12 යාවත්කාලීනයත් සමග මේ H₂OOS මෙහෙයුම් පද්ධතිය ලැබේය යන තොරතුරට අමතරව අනාගතයේදි OPPO Devices සදහාත් ColorOS වෙනුවට මේ H₂OOS මෙහෙයුම් පද්ධතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ H₂OOS මෙහෙයුම් පද්ධතිය ColorOS Based Operating System එකක් වෙන අතරම මෙය ගෝලීය වශයෙන් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. තවමත් මේ H₂OOS මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන දිනයක් පිළිබඳ තොරතුරු නොමැති වුවත් ඉදිරි මාස කිහිපය තුල මේ මෙහෙයුම් පද්ධතිය පිළිබඳ නිල තොරතුරු අපිට දැන ගැනිමේ අවස්ථාව උදා වෙනු ඇත.

Source : Gizmochina, Makul Sharma