Loading...
Google සමාගම විසින් Pixel 8 ජංගම දුරකතන මාදිලිය නිලවශයෙන් එළිදක්වයි

Google සමාගම ඔවුගේ Pixel ජංගම දුරකතන මාලාවේ නවතම ජංගම දුරකතන මාදිලිය වන Pixel 8 series එක නිල වශයෙන් එලි දැක්වීමට පසුගිය ඔක්තෝම්බර් 4වන දින කටයුතු කරා. සුපුරුදු පරිදි​ම සාමාන්‍ය සහ Pro සංස්කරණ දෙකකින් මේ එලිදැක්වීම ස​මන්විතවනවා. සාරංශයක් ලෙසින් ගත් විට, මෙම මාදිලියේ දුරකතන Tensor G3 chipset එකකින් සමන්විත වන අතර, එහි තිරය 120Hzක refresh rate එකක් ගනු ලබනවා. එමෙන්ම Pixel 8 මාදිලීන් වෙත සජීවී පරිවර්තනය සඳහාම වෙන්වුනු Google AI තාක්ෂණයෙන්ද සමන්විත අතර පැහැදිලිව දුරකතන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම තව දුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා.


Performance

Google Pixel 8 Series එකෙහි Chipset එක ලෙස බලගැන්වීමට නවතම 4Nm Tensor G3 යොදා ඇති අතර එය CPU Cores 9කින් සමන්විත වනවා.

තවද Pixel 8 Device එක 8GB Ram එකකින් සහ Pixel 8 Pro Device එක 12GB Ram එකකින් යුක්තවනවා. Pixel 8හි 128GB සහ 256GB ලෙස මාදිලි දෙකක් ඇති අතර Pixel 8 Proහි 128GB, 256GB, 512GB ලෙස මාදිලි තුනක් තිබෙනවා.

Camera එක

The Pixel 8 and 8 Pro pack a Tensor G3, new ultrawide cameras

Pixel 8 Device එක කැමරා 2ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්‍රධාන කැමරාව 50MP සහ 12MP Ultra-wide කැමරාවකින් යුක්ත වනවා. Front Camera එක ලෙස 10.5MP sensor එකක් යොදා තිබෙනවා.

Pixel 8 Pro Device එක කැමරා 3ක් සහිත කැමරා පද්ධතියකින් බල ගැන්වෙන අතර ප්‍රධාන කැමරාව 50MP, 12MP Ultra-wide කැමරාවකින් හා 48MP 5X Optical Zoom තිබෙන Telephoto sensor එකකින් යුක්ත වනවා. මෙයටද Front Camera එක ලෙස 10.5MP sensor එකක් යොදා තිබෙනවා.

මෙවර Google Night Slight විශේෂාංගය Videos සදහාත් ලබාදී ඇති අතර Shaky සහ Blurry වීඩියෝ Unblur කළහැකි පහසුකමක් සහ Super Res Zoom විශේෂාංගයකුත් ලබාදී තිබෙනවා.

සුපුරුදු Design එක සහ Display එක

Google Pixel 8 Pro starts at US$999 with 2,400 nit display, new 48 MP  ultra-wide-angle camera and free Pixel Watch 2 with pre-orders -  NotebookCheck.net News

Pixel 8 සහ 8 Pro හි සුපුරුදු Design එක භාවිතා කරමින් පිටුපස ඇති Sensors සහ Cameras Metallic Strip එකක යොදා තිබෙනවා. Pixel 7 Series එකට වඩා සුළු වෙනස්කමක් ලෙස දැක්විය හැකිවනුයේ මෙහි Rounded Edges යොදා තිබීමයි.

Pixel 8 Proහි ද Pixel 7 Proහි මෙන් අඟල් 6.7ක විශාලත්වයකින් සහ 120Hzක Refresh Rate එකකින් සමන්විත Display එකක් යොදා තිබෙනවා. තවද මෙහි උපරිම Brightness ප්‍රමාණය Nits 1600ක් පමණ වන අතර Display එක Gorilla Glass එකකින් ආවරණය කොට තිබෙනවා.

Pixel 8හි Display එක ගැන කතා කළ විට මෙහි Pixel 7 වලට වඩා සුළු වෙනස් කම් කිහිපයක් සිදු කර ඇති අතර එනම්; Refresh Rate එක 120Hz වීමත්, උපරිම Brightness ප්‍රමාණය Nits 1400ක් වීමත් සහ අඟල් 6.3ක පැවති Display Size එක අඟල් 6.2ක් දක්වා අඩු කිරීමත් ය.

වෙනත් පහසුකම්

මෙම Devices දෙකෙහිම IP68 Water and Dust Resistance පහසුකම, Face Unlock, In-Display Fingerprint Scanner, Dual Stereo Speakers, Wi-Fi 6, Bluetooth 5.3 සහ NFC වැනි පහසුකම් අඩංගුවනවා. Pixel 8 Pro හි එක් විශේෂත්වයක් වන්නේ එහි Temperature Sensor එකක් පැවතීමයි. කෙසේ නම්ත් මෙය වස්තූන්වල උෂ්ණත්වය මැනීම සඳහා පමණක් භාවිතා කළ හැකි අතර මිනිස් සිරුර සඳහා යෝග්‍ය නොවනවා.

මෙහි Android 14 මෙහෙයුම් පද්ධතිය ධාවනය වන අතර අප ඔබට පෙර වාර්තා කළ පරිදි Pixel 8 Series එක සඳහා වසර 7ක් යනතුරු Updates ලබා දීම සිදුවනවා.

වර්ණ මාදිලි සහ මිල ගණන්

Google Pixel Event 2023: Everything announced, including the Pixel 8  series, Pixel Watch 2, Pixel Buds Pro, Android 14 | TechCrunch

Pixel 8 Pro එක Obsidian සහ Grey වර්ණවලින් පැමිණෙන අතර Pixel 8 Hazel, Obsidian සහ Rose යන වර්ණවලින් පැමිණෙනවා.

Google Pixel 8 $699 සිට මිලදී ගත හැකි අතර 8 Pro $999 සිට මිලදී ගත හැකිවනවා. මේ වන විට ඇමරිකාවේ Pre Order කිරීමට හැකි අතර ඔක්තෝම්බර් 12වනදා සිට ලොව පුරා බෙදා හැරීම් ආරම්භ වනවා.

All Image Source: Made by Google