Digital Wellbeing කියන්නේ අපි හැමෝම දන්න ගූගල් ආයතනය ඒ අයගේ Android Pie release එකේදි දැනුවත් කරපු ඇප් එකක්. ඒ ඇප් එක මගින් අදාල ෆෝන් එක පාවිච්චි කරපු වෙලාව, කොච්චර වාරයක් ලොක්/අන්ලොක් කලාද, මොන මොන ඇප් වල, කොච්චර වෙලාවක් හිටියද වගේ විස්තර රාශියක් බලාගන්න පුලුවන් කම තිබ්බා. ඒ වගේම නිශ්චිත වෙලාවකට පස්සේ ෆෝන් එක භාවිතය නවත්තන්න වගේ options (wind down) එහෙමත් මේ ඇප් එකෙන් ආවා.

ඉතින් මෙච්චර කල් ඒ Digital Wellbeing App එක තිබ්බේ beta version එකේ. කොහොම හරි දැන් මේ ඇප් එකේ stable version එක රිලීස් වෙලා. මේ ඇප් එක, Android Pie run වෙන සියලුම පික්සල් සහ Android One දුරකථන වලට ලබා ගන්න ඔබටත් දැන් පුළුවන්.

ඉතින් පහල ලින්ක් එකෙන්, ඔයාගේ ෆෝන් එකටත් මේ ඇප් එක දාගෙනම බලන්න. Smartphone එක නිසා ඔයා කොපමන වෙලාවක් නාස්ති කරනවද කියලා.

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.wellbeing