Google සමාගම නිරතුරුවම අළුත් අළුත් දේවල් වලට අත ගහන සමාගමක් විදිහට ලෝකේ ප්‍රචලිතයි. ගූගල් සමාගමෙන් එන අලුත්ම ආරචිය තමයි Geekbench එකේ Google Coral කියන කෝඩ් නේම් ඩිවයිස් එකක් ලිස්ට් වෙලා තියෙනවා. මේ ඩිවයිස් එක මොබයිල් ඩිවයිස් එකක්ද, Chrome book එකක්ද කියන එක නම් තාම කොතනකවත් සඳහන් වෙලා නම් නෑ.

මේ විදිහට අළුතෙන්ම ලිස්ට් වෙච්ච මේ Google Coral කියන ඩිවයිස් එකේ Chipset එක විදිහට Geekbench එකේ සඳහන් වෙන්නේ නම් Qualcomm Snapdragon 855 7nm octa-core chipset එකක්. ඒ වගේම ගිගා බයිට් 6ක රැම් ධාරිතාවයකින් යුක්ත වෙනවා. හොඳම ආරංචිය තමයි මේ ඩිවයිස් එකේ තියෙන්නේ ඊලඟට එන්න තියෙන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය හෙවත් Android Q.

Android Q කියන්නේ තාමත් බේටා පරීක්ෂණ මට්ටමේ පවතින Android OS version එකක් සහ තවමත් එය පවතින්නේ Alpha testing මට්ටමේ. මේ ඩිවයිස් එක Geekbench වල single core score එක විදිහට 3296කුත්, multicore score එක විදිහට 9235කුත් සටහන් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ විදිහට Geekbench එකට score එකක් දානවා කියන්නේ මේ වෙනකොටත් ඩිවයිස් එක බොහෝ දුරට නිමකරල ඉවරයි කියන එකයි වැඩකාරයෝ අපේ අදහස නම්. ඒ උනත් මේ වෙනකොට Snapdragon 855 එක්ක නිමවුන ඩිවයිසස් එක්ක බලන්කොට නම් මේ benchmark score බොහොම අඩු score එකක් වෙනවා.

Google Coral කියන්නේ 2009 Pixel lineup එකේ එක ඩිවයිස් එකක් විතරයි. සාමාන්‍යෙන් Google සමාගම විසින් තම ඩිවයිසස් රිලීස් කරන්නේ සෑම අවුරුද්දකම ඔක්තෝම්බර් මාසයේදී. අපිට ඒ වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. තව කල් තියෙන නිසා මීට වඩා වෙනස්ම විදිහේ ප්‍රථිඵලයක් එන්නත් පුළුවන් ඔක්තෝම්බර් මාසය වෙනකොට.

GeekBench Score report – https://browser.geekbench.com/v4/cpu/11787177