Loading...
ලොව සුපතල Dyson උපාංග, Gnext වෙති​න් ශ්‍රී ලංකාවට නිල වශයෙන්

Dyson කියන නම අහපු ගමන් ශ්‍රී ලංකාවේ අපිට එච්චර හුරු පුරුදු නමක් නොවුනත් Dyson කියන්නේ 1991 වර්ෂයේ පටන් ඉලෙක්ට්‍රෝණික භාණ්ඩ අලෙවි ලොව පුරා අලෙවි කරන එංගලන්ත සමාගමක්. මෙම සමාගම James Dysonගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුනු අතර මේ වන විට ලොව වෙළඳපල සඳහා ගුණාත්මක බවින් යුතු ගෘහ උපකරණ රාශියක් සපයන සන්නාමයක් ලෙස සඳහන් කරන්න පුලුවන්. ඔයාලට හොඳටම මේ brand එකේ භාණ්ඩ බලාගන්න පුලුවන් TikTok එකේ තියෙන home appliance ගොඩක් unbox කරල පිලිවෙලට ගෙදර හදාගන්න වීඩියෝස් බැලුවොත්.

Dyson උපාංග වල ගුණාත්මක බව කොපමණද යන්න කියනවා නම් යුරෝපා සහ ඇමරිකානු වෙළඳපලවල් වල, විශාල ඉල්ලුමක් පවතිනවා. මෙම සමාගමේ උපාංග ප්‍රධාන කොටස් 5ක් යටතේ බෙදා දැක්වෙන අතර එවා පිලිවෙලින්,

  1. Vacuum cleaners
  2. Hair care
  3. Air treatment
  4. Lighting
  5. Headphones

ලෙසින් දැක්වෙනවා.

මේ Dyson සන්නාමය යටතේ නිපදවෙන උපාංග රැසක් නිල වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමට Gnext සමාගම ඉදිරිපත්​ව සිටිනවා. ඒවා පිලිවෙලින් පහත පරිදිවනවා.

1. Dyson Pure Cool™ air purifier TP00

මේ උපාංග හරහා නිවසේ ඇති වාතාශ්‍රය පිරිසිදු කරගැනීමට හැකි වනවා. මෙහිදී නිවස තුල ඇති වාතාශ්‍රයේ ඇති දූෂිත අංශු 99.95%ක් නසමින් පිරිසිදු වාතාශ්‍රයක් අප වෙත ලබා දීම සිදු කරනු ලබනවා. එමෙන්ම මෙය ඒ සමඟම වාත සිසිලනයක් ලෙසින්ද එකවරම භාවිතා කල හැකියි.

මෙම උපකරණයත් සිදු කරන්නේ ඉහත උපාංගය විසින් සිදු කරන කාර්යයම වුවත් මෙය ඊට වඩා වැඩිදියුණු කරන ලද මාදිලියක් වනවා. මෙහි ඇති විශේෂතා අතර, අවස්ථාවට අනුකූලව කටයුතු කරන අත​ර මෙය දුරස්ත පාලකයකින් පාලනය කල හැකියි. එමෙන්ම රාත්‍රී කාලයේදී ශබ්දය අඩු කරමින් ක්‍රියාකරනු ලබනවා.

3. Dyson Purifier Cool™ Formaldehyde air purifier TP09

Dyson Pure Cool Link ™ Air Purifier Fan TP03හි වැඩි දියුණු කල මාදිලියක් වන අතර මෙම මාදිලිය පෙර මාදිලියට වඩා 20%කින් ශබ්දය අඩු අතර, backward airflow mode එකකින් සමන්වි​ත වනවා. තප්පරයකට වාතය ගැලුන් 77ක් සිසිල් කිරීමේ හැකියාව ඇති මෙම උපාංගය voice command හරහා හැසිරවිය හැකියි. ඊට අමතරව අනෙක් මාදිලීන්ට වඩා විශාල ලෙසින් වැඩි දියුණු කල වාත පෙරීම් පද්ධතියකින්ද මෙය සමන්විත වනවා.

4. Dyson V12 Detect Slim Absolute

මේ උපාංගය vacuum cleaner එකක් වන අතර මෙය සාමාන්‍ය vacuum cleaner එකකට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ, මේ හරහා අපට පැහැදිලිවම පොළවේ ඇති දූවිලි අංශු බලා ගැනීමට හැකිවීමයි. මෙය cordless ආකාරයෙන් ක්‍රියාතමක වනවා. එය ක්‍රියාකරන ආකාරය වචනයෙන් කියනවට වඩා වීඩියෝවකින්ම නැරඹීමෙන් ඔබට වඩාත් පැහැදිලි අදහසක් ලබා ගත හැකියි. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.

5. Dyson V12s Detect Slim Submarine™ wet and dry vacuum cleaner

Dyson V12 Detect Slim Absoluteහි වැඩි දියුණු කල මාදිලියක් වන මෙය Dry සහ wet යන ක්‍රම ද්විත්වයටම vacuum කල හැකි අතර ප්‍රමාණය කුඩා කරමින්ද භාවිතා කල හැකි වනවා.

6. Dyson Airwrap™ multi-styler

මේ උපාංගය නම් කාන්තාවන්ටම විශේෂ වන කේශාලංකාර උපාංගයක් වන අතර මේ හරහා විලාසිතා විශාල ප්‍රමාණයක් නිවසේදීම සිදු කර ගැනීමට හැකියාව පවතිනවා. මේ උපාංගා භාවිතා කරන ආකාරය සහ එහි තවත් විශේෂාංග පහත වීඩියෝවෙන් නරඹන්න ඔබට පුලුවන්.

7. Dyson Corrale™ straightener

Straightener එකක් කියූ පමණින්ම ඔබට වැඩි විස්තර කියන්න නම් අවශ්‍ය නැති බව මම දන්නවා. ඉතින් මේ උපාංගය අනිත් hair straightener වලට වඩා වෙනස් වන්නේ කොහොමද කියල වීඩියෝවකින්ම අපි බලමු.


මේ සියළුම උපාංග මේ වන විට Gnext ආයතනය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරන අතර නොවැම්බර් 11 වන දින සිට ඔබට මෙම උපාංග ශ්‍රී ලංකාවේදී Gnext storesහිදී මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

වැඩිදුර විස්තර Gnext store වෙබ් අඩවියට පිවිසෙන්න.