හැමතැනම ඇහෙන මාතෘකාවක්නේ ගෝලීය උණුසුම. හැබැයි මේක ගැන සමහර අයට තියෙන්නේ වැරදි වැටහීම්.

සරලම උදාහරණයක් මුලින්ම අරං බලමු.

1) කාබන්ඩයොක්සයිඩ් කියන්නේ ශාක කැමති වායුවක්. ඉතින් ඕක වැඩි උනාම වැඩිය හොඳයිනෙ?

ඔව් කාබන්ඩයොක්සයිඩ් කියන්නේ ශාක වල ප්‍රියතම වායුව වෙන්න පුලුවන් හැබැයි කාබන්ඩයොක්සයිඩ් වල තියන එක විශේශ ලක්ශණයක් නිසයි අව්ල.

ඒතමා තාප විකිරණ පරාවර්තනය කිරීමේ හැකියාව.

සූර්යාගෙන් එන තාපය පෘථිවිය විසින් උරාගෙන පෘථිවිය උණුසුම් වෙනව. හැබැයි රෑට හා සීතකාලෙට මේ තාපය නැවත අභ්‍යාවකාශයට සෙමින් පිටකරනව. මෙන්න මේ ආපහු යන තාප විකිරණය උරාගෙන ඒක ආපහු පෘථිවියට එවන්න කාබන්ඩයොක්සයිඩ් වලට පුලුවන්. ආන් ඒකයි අව්ල.

පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් තිබ්බෙම නැත්තං පෘථිවිය සම්පූර්ණයෙන් මිදිල යනව. ඉතාසුලු ප්‍රමාණයක් තියන නිසයි මේ ප්‍රශස්ත උෂ්ණත්වය තියෙන්නේ. ඒ ඉතාසුලු අගය තමා සෑම වායු අණු දස දහසකටම කාබන්ඩයොක්සයිඩ් අණු 3ක්.

හැබැයි නිකන්වත් මේ අගය දෙගුණ උනොත් පෘථිවිය සම්පූර්ණ කාන්තාරයක් බවට පත් වෙනව. ඒනිසා කාබන්ඩයොක්සයිඩ් නියමිත අගයේ (300ppm) වල තියාගෙන ඉන්න එක හොඳයි.

2) ඔය කියන තරම් කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙනව නම් ගස් හිටෝමුකෝ. අඩුවෙයිනෙ.

නැහැ එහෙම වෙන්නේ නෑ. මොකද ගස්වලින් උරාගන්න කාබන්ඩයොක්සයිඩ් නැවත් ඒගස් දිරාපත් වෙනකොට වායුගෝලයට එකතුවෙනව. ඒනිසා ඔය සමහරුන්ගෙ ගස් හිටවන තර්කෙ ගොන්කතාවක්. ඇත්තම කිව්වොත් පරිසරයේ CO2 අඩු කරන්න ඕන නම් ඉලෙක්ට්‍රික් වාහන හා පුනර්ජනනීය බලශක්ති වලට මාරුවෙන්න ඕන.

එතකොට පෘථිවියේ වායුගෝලයේ තියන කාබන්ඩයොක්සයිඩ් උරාගන්නෙ කව්ද කියල ප්‍රශ්නයක් එනව.

මේ උරාගන්නේ පෘථිවියේ තියන ඒකීය සාගර පද්ධතිය.

අමුතුයි වගේ ඇති එහෙම කිව්වම.
මේකෙදි වෙන්නේ කාබන්ඩයොක්සයිඩ් සාගර ජලයේ දිය වෙනව. දියවෙලා දුර්වල අම්ලයක් වන කාබොලික් අම්ලය නිපදවෙනව. මේ ද්‍රවිත කාබන්ඩයොක්සයිඩ් පාවිච්චි කරල තමා මහා කොරල් පර හදන්නේ. ඒවගේම බාහිර කවච සහිත ජීවීන්ගේ කවචය හදන්නෙ. මෙන්න මේ ක්‍රමෙන් තමා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් නියමිත අගයේ තියාගන්න පුලුවන් වෙන්න සාගර විසින් උරාගන්නේ.

කාලයත් එක්ක මේ කොරල් පර හා කවච පෘථිවියේ අභ්‍යන්තරයට තල්ලු වෙලා පාෂාණ බවට හැරෙනව. තවත් කාලෙකින් පෘථිවියේ භූතල බලයන් මේ පාෂාණ තට්ටු උඩට උස්සනව. අර ඩෝවර්හි සුදු කඳු මෙන්න මෙහෙම හැදුනු කඳු.

3) සමහර විටමේ කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම ස්වභාවික වෙන්න ඇති. ගිණි කඳු වලින් ද දන්නෑනේ.

නැහැ. පෘථිවිය සියලු ගිණිකඳු වලින් සාමාන්‍යයෙන් එක වසරකට පෘථිවියේ වායුගෝලයට මුදාහැරෙන්නේ කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 30ක් විතරයි. ගොඩක් වගේ පෙනුණට මේක අඩුම ගානේ සියයට 2ක් වත් නෙවෙයි මිනිසුන් මුදාහරින ටොන් බිලියන 30න්!

මේනිසා සාගර වලට උරාගන්නවත් බැරි තරම් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහරිනව. අනික අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් සාගර වල දියවෙලා සාගර ආම්ලික වෙනව. දැකල ඇතිනෙ බිත්තරයකට විනාකිරි දැම්මම කට්ට දියවෙනව. ආන් ඒකම සාගර වලත් වෙනව. සාගර ජීවීන්ගෙ කටු දියවෙලා යනව. කොරල්පර දියවෙනව. අනික පෘථිවියේ ඔක්සිජන් සැපයුමෙන් 70%ක් සපයන්නේ සාගර වලින්. ඒ ශාඛ ප්ලාවාංග වලින්. ආම්ලික සාගර වලින් මේ ප්ලවාංග මරා දැමෙනව. ඉතින් අන්තිමට හුස්ම හිරවෙන්නෙ අපේ.

මෙහෙම පෘථිවිය උණුසුම් උනාම ආක්ටික් වල තියන තුන්ද්‍රාව උණුසුම් වෙලා ඒවයි තියන ජීවී කොටස් ජීර්ණය වෙලා වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් හා ඊටත් වඩා දරුණු හරිතාගාර වායුවක් වෙන මීතේන් මුදාහරිනව. මේකෙන් පෘථිවිය තවත් රත් වෙලා මේ ක්‍රියාව තවත් වැඩිවෙනව. මෙහෙම ක්‍රියාවලි වලට කියන්නේ Positive Feedback Loops කියල. (මුල් ක්‍රියාව දෙවනි ක්‍රියාව ඇතිකරනව. දෙවනි ක්‍රියාව පලමු ක්‍රියාව පෝෂණය කරනව)

අන්තිමටම තව පුංචි දෙයක් කියන්නම්.

පෘථිවිය මත දැනට මහා වඳවීම් 5ක් වෙලා තියනව. ඔර්ඩොවීශියන්, ඩෙවෝනියන්, පර්මියන්, ට්‍රයෑසික්-ජුරාසික්, ක්‍රිටේශියන්-ටර්ටියරි කියන මේ 5ම එක පොදු ලක්ශණයක් තියෙනව.

ඒතමා වායුගෝලයේ ක්ෂණික කාබන්ඩයොක්සයිඩ් වැඩිවීමක්.

හරියටම කිව්වොත් මේ දැන් වෙමින් පවතිනව වගේ.

Global carbon budget 2015

Rezor Kenway