Samsung සමාගමේ මෙම පෙබරවාරි මස 20 වන දින එළිදැක්වීමට නියමිත ඔවුන්ගේ නවතම High-end දුරකථන වන Galaxy S10 හා Galaxy S10+ දුරකථන වල Official Press Renders Leak කිරීමට සුපිරි Leaker කෙනෙකු වන Roland Quandt මේවනවිට සමත්වී තිබෙනවා.

ඒ අනුව Samsung Galaxy S10 දුරකථනය අගල් 6.1 ක OLED තිරයකින් සමන්විත අතර Galaxy S10+ දුරකථනය අගල් 6.4 ක OLED තිරයකින් සමන්විත වේ. මෙම දුරකථන දෙකෙහි ප්‍රමානයන්ගේ වෙනසද මෙම Official Press Renders හි ඔබට දැකගත හැක. මීට අමතර මෙම දුරකථන දෙකෙහිම පසුපස එකම Camera system එකකින් සමන්විත වී තිබෙනු දක්නට ලැබෙන අතර Samsung සමාගම මෙම Galaxy S10 series එක සදහා නව වර්ණයක් හදුන්වාදෙන අයුරුද දැකගත හැක. එමෙන්ම Samsung සමාගම S Series දුරකථනයන්ගේ Galaxy S6 Edge දුරකථනයේ සිට වසර ගනනක් තිස්සේ භාවිතා කල ඔවුන්ගෙ Signature Frame design එක මෙම Galaxy S10 දුරකථන වලද පැහැදිලිව දැකගත හැක. මෙම Samsung Galaxy S10 හා Galaxy S10+ දුරකථන විශාල ප්‍රමානයක් Exynos 9820 එකෙන් හා කුඩා ප්‍රමානයක් Snapdragon 855 chipset එකෙන් බලගැන්වෙනු ඇත.