Long Exposure Photography කියන්නේ අපි කවුරුත් කරන්න කැමති දෙයක්. ලස්සන දිය ඇල්ලක්, වලාකුළු පිරුණු අහසක්, සුන්දර සැන්දෑවක ඉර බැහැගෙන යන අවස්ථාවක් දකිනකොට  Landscape Photography කරන ඕනෑම කෙනෙකුගේ හිත යන්නේ Long Exposure එකක් ගන්න තිබ්බා නම් මරු කියලා.

ඉතිං මම හැමදාමත් කියනවා වගේ අපි සාමාන්‍ය ඡයරූපයකදී කරන්නේ අවස්ථාව ( Moment) හසුකරගැනීම, නමුත් Long Exposure Photography වලදී කරන්නේ අවස්ථාව පමණක්ම හසුකරගැනීම නෙමෙයි, මේකෙදි අපි කරන්නේ සෙලවීම (Movement) හසුකරගනීමයි.

ඉතිං අද මාතෘකාව වෙලා තියන්නේ filters නැතුව කොහොමද මේක කරන්නේ කියලා. ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද? ඔව්, කරන්න පුළුවන්. මේකෙනුත් කරන්නේ අපි Filter එකකින්ම කරන දේමයි.

ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් Long Exposure එකකදී කරන්නේ shutter එක දිගුකාලයක් විවර කර තැබීමයි. ඉතිං එතකොට අපිට හැම දවසේ හැම වෙලාවෙම ඕක හරියට කරගන්න බැහැ, විශේෂයෙන්ම ඉරබැසීම, නැගීම යන අවස්ථාවලදී. ඒ මොකද? මොකද අපිට අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය අපිට කැමරාවෙන් කපාගන්න/ඉවත් කරගන්න බැහැ පින්තුරය overexpose වෙලා යනවා. ඒ අවස්ථාවට සරිලන Filter වර්ගය නැතුව. ඔන්න රාත්‍රී කාලයේදී නම් ගැටළුවක් නැහැ, අපිට පුළුවන් කිසිම Filter එකක් නැතුව Long Exposure එකක් ගන්න.

එහෙනං බලමු මේක කොහොමද Filters නැතුව කරන්නේ කියලා. ඇත්තටම long Exposure එකකදී වෙන්නේ shutter එක විවර කර තැබීම නම්, අපි ඒ වගේම කාලයක් එක දිගට අවශ්‍ය Setting යටතේ Photos කිහිපයක් ගත්තොත් මොකෝ වෙන්නේ?

හ්ම්…. තේරුනේ නැද්ද? උදාහරණයකට 30Sec ගන්න වුවමනා Long Exposure එකක් අපි 3″ seconds  දාලා Photos 10 ක් ගත්තොත් එත් අවසානය තත්පර 30 යි නේද? එහෙනං දැන් තේරෙනවද මම මේ මොකක්ද කරන්න හදන්නේ කියලා. ඔව් අද මම කරනේ Filters දාලා Single Image එකක් විදිහට ගන්න ෆොටෝ එකම  Filters නොදා පින්තුර කිහිපයක් අරගෙන ඒක කොහොමද Single Image එකක් කරගන්නේ කියල කියල දෙන්නයි.

පහල තියෙන Video එකෙන් පුළුවන් මේක කරන්නේ කොහොමද කියලා බලාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේක mobile එකෙන් ගත්ත වෙලවකදිත් භාවිත කරන්න සහ හැමවිටම camera එක Stable තියාගන්නත් අමතක කරන්න එපා. එහෙම stable නැති වෙලාවක ඔයාලට පුළුවන් PS වලින්ම ගත්ත Photos ටික Alignment කරගන්න.

 

Video එකට අමතරව මම මෙහි ලියල සටහන් කරන්නම්. අපි මලින්ම කරන්නේ  අවශ්‍ය files ටික Lightroom වලට Import කරගෙන එක Photoshop වලින් Layers ආකාරයට open කරගැනීමයි.

පස්සේ Open කරගත්තු ඔක්කොම Photos ටික select කරලා, Right Click කරලා Smart Object එකක් විදිහට පරිවර්තනය කරගන්න ඕන.

ඊට පස්සේ අපි කරන්නේ Smart Object එක Select කරලා ඒකට Median කියන stack mode එක apply කරන එක. මේක ඕන නම් Mean mode එකෙනුත් කරගන්න පුළුවන්, නමුත් මට හිතෙනවා Median Mode එක Mean එකට වඩා පොඩ්ඩක් Smooth වැඩියි කියලා. කොහොම උනත් මේ දෙකෙන්ම අපිට කරගන්න පුළුවන් අවසාන Effect එක අනුව මේ දෙකෙන් ඔයාල කැමති එකක් ඔයාලට තෝරාගන්න හැකියාව තියෙනවා.

 

පහලින් තියෙන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය.

ඉතිං මම හිතනවා මේකෙන් යම් දෙයක් ඔයගොල්ලෝ ලබාගන්න ඇති කියලා, සහ ඔබ හිතෙනවා මේ ලිපියෙන් අනිත් යටත් දෙයක් ඉගෙනගන්න පුළුවන් කියලා, එයාලටත් බලන්න මේක Share කරන්න.