Loading...
Red Hat Inc මත බලගැන්වෙන Fedora Project

Fedora, විවෘත මෙහෙයුම් පද්ධති අතර උසස් තත්වයේ තිබෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට Fedora මෙහෙයුම් පද්ධතිය හදුන්වාදිය හැකිය. ලාකීය සමාජයේ වැඩි හරියක්ම උබුන්ටු මත පදනම් වූ පරිශීලකයන් සිටියත් ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියද භාවිත කරන සෙසු පිරිසක්ද සීටි. මෙම මෙහයුම් පද්ධතිය මීට ඉස්සර නම් කර තිබුනේ Fedora Core ලෙසටය. මෙය RPM (File Format) මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.

නිදහස් මෘදුකාංග රාශියක් එකට එතතු කරමින් නිර්මාණය කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Linux Kernel මූලික කරගෙන නිර්මාණය කරල ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනය සහ වැඩි දියුණු කිරීම සිදු කරගන්නේ Fedora Project සමගිනි. මෙය මුල් වරට ආරම්භ කරන ලද්දේ වර්ශ 2003 සැත්තැම්බර් මසායේදී. ඒ යටතේ නිර්මාණය කර ෆොඩෝරා මෙහෙයුම් පද්දතිය සදහා අනුග්‍රයහ දක්වන්නේ Red Hat Team එක විසිනි.

එය ආරම්භ කරන තිබෙන්නේ වර්ශ 1993 දීය, දිගු කාලයක් පුරාවට Free And Open Source මෙහෙයුම් පද්ධතියක් ලෙසට මෙම මෙහයුම් පද්දතිය ඔබට අතට පද්ව තිබෙනවා. ඔවුන්ගේ මූලික පරමාථය අනුම පෙර දැරි කරගෙන නිමවන මෙහෙයුම් පද්ධතිය වර්ථමාණයෙහි ක්‍රියාකාරිත්වය සහ ජනප්‍රියතාවය අතරින් උසස් තත්වයකට පවත්ව තිබෙනවා. එය නිදහස් මෘදුකාංගම භාවිත කරන ඔබ අප කවුරුත් සතුටු විය යුතු කාරණයකි.

වර්ථමාන ලෝකය මුදල් මත පදනම්ම විශාල තරගකාරීත්වයක් ඇතිව තිබෙනව මෙහොතක ඔවුන් විසින් ආරම්භ කර ඇති ක්‍රියාදාමට අකණ්ඩව කොකඩවා ඉදිරියටත් පවත්වා ගෙන යාම මත නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයෙහි දියුණු ඇති වෙමින් පවතී.

ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරමින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වන්නේ විවෘත සහ නිදහස් මෘදුකාංග දෙසට වැඩි අවධානයක් ලබා දීම පමනක් නෙවෙයි. මෙහෙයුම් පද්ධතියෙහි තාක්ෂණික පැතිකට උසස් තත්වකයකට ගෙන ඒමටද ඔහුන් ඇප කැප වීමෙන් ක්‍රියාකරනු ලබයි.

මෙහෙයුම් පද්ධතියෙහි වැඩි දියුණු කිරීමේ නිරත වී සිටින (Developer) පිරිසගේ එකතුවෙන් මෙම නිර්මාණය කරනය සිදු කිරීමේදී ඔවුන්ගේ නිර්මාණ වල තිබෙන දෝෂ සහිත දැන් භාවිත කරන පුද්ගලයා හට දැනුවත් කර, එය නිවැරදි කිරීමේ අගනා ප්‍රතිපත්තියක් තිබෙන ඇත. මන්ද එහිදී User හට කිසිදු අපහසුවක් ඇති වීමට ඉඩක් නැහැ. යම් patch එකක් තිබුනොත් එය නිර්මාණ කරුවන් දන්සා සිටීමෙන් එහි නිවැරදි කරන ලද යාවත්කාලීන කිරීමට ඔවුන් ක්‍රියා කරයි. මෙය සෑම Linux මෙහෙයුම් පද්ධතියකට අදාලව සිදු කරන පොදු ක්‍රියාවලියකි.

Linux නොවන මෙහෙයුම් පද්ධති සලකා බලන විට, Linux මෙහෙයුම් පද්ධති ගොන්නෙහි තිබෙන නවත් සුවිශේෂී ක්‍රියාවලියක් ලෙස හදුන්වා දිය හැක්කේ නව සංස්කරණයක් නිකුන් කිරීමට ලබාගන්නා කාලය. මෙය සිදු වන්නේ චක්‍රීය රටාවක් ආකාරයටකට. නව සංස්කරණයක් නිකුත් කිරීමෙන් අනතුරුව එහි Beta සංස්කරණය නිකුත් කිරීමෙන් අනතුරුව පරිශීලකයන් ලැබෙන යෝජනා, අදහස් සව නිවැරදි කිරීමේ සහිතව තම සංස්කරණයෙහි මූලික නිපැයුම නිකුත් කරනු ලබයි.

මෙම නිකුත් කිරීමකින් අනතුරුව ඔවුන්ගේ මීලට සංස්කරණය නිර්මාණ ක්‍රියාවලියට අත ගසන ඔවුන් මාස 13 ක් වැඩි කෙටි කාලයක් ඇතුලදී මීලග සංස්කරණය ඉදිරිපත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය නිසාවෙන් නව තාක්ෂණය අත්විදීමට ඔබ අපට ගත වන්නේ කෙටි කාලයකි. එහෙත් නෙකුත් මෙහෙයුම් පද්ධති සතු මෙම ක්‍රියාදාමට නොපවතී. ඔවුන් එක එක් සංස්කරණයන් නිකුත් කිරීමට ලබාගන්න කාලයට බෙහෙවින් වැඩිය. අය අසතුටට අරුණකි. මේ නිසාවෙන් Linux මෙහෙයුම් පද්ධති බාවිත කරන ඔබට පැණ නැගෙන ප්‍රශ්ණ බොහොමක් විසදීයෑම සිදුවේ.

Unix-Like මෙහෙයුම් පද්ධතියක් වන මෙය Red Hat Linux පාධක කරගෙන නිපැවෙන්නකි. වර්ෂ 2008 දී Linux Kernel නිපදවනු ලැබූ Linus Torvalds ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු විසින් Fedora මෙහෙයම් පද්ධතිය භාවිත කර ඇති බවයි. එයට හේතුව ලෙස, මෙය Power PC (Performance Optimization With Enhanced RISC – Performance Computing) Processor එකක් සදහා හොදින් සහය දැක්වීමයි. Power PC එකක් ලෙස හදුන්වන්නේ බොහෝ විට IBM සමාගම යටතේ නිර්මාණය කරනු ලැමූ පරිගණකයකි. මෙහි තිබෙන විශේෂත්වයක් වන්නේ High-Performance Processors එකකින්  සමත්විත වීමයි. මෙය දැනට Power ISA යන නමින්ද හදුන්වයි.

DistroWatch වාර්ථ අනුව Linux Base OS අතරින් තුන්වැනි තැන Fedora මෙහෙයුම් පද්ධතියට ලැබෙන බවත් Linux Mint සහ Ubuntu එයට ඉදිරියෙන් පවත්නා බවත්ය. ඒ වගේම බොහෝ දෙනෙක් බලන RPM-based Linux Distribution එක ලෙසද Fedora මෙහෙයුම් පද්දතියට හිමි

Red Hat Linux නතර කර දැමීමෙන් පසු, Fedora ව්‍යාපෘතිය මුල් වරට ආරම්භ කරන ලද්දේ වර්ෂ 2003 අග භාගයේය. Red Hat Enterprise Linux යණු වාණිජමය පැතිකඩ සදහාම නිපද වූ විශේෂිත මෙහෙයුම් පද්ධතියකි. මෙහිම යම් කොටසක් ලෙසට Fedora මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබාදීමට Fedora Project ලෙස මෙය ආරම්භ කරන ලදි.

ආරම්භයේදී Fedora Linux ලෙස නම් කරනු ලැබූ මෙය, මෙය ස්වෙච්චාවෙන් කරන ක්‍රියාවලියක් වන අතර, මෙය සදහා අවශ්‍ය අතිරේක මෘදුකාංග සහ Read Hat Linux හි අවේණික ගති ලක්ෂණ යොදාගතිනි.අරම්භයේදී මෙය අරමුණු කරන ඉලක්ක කර නිර්මාණය කිරීම ඇරබුණි. Non-Read Hat Linux සදහා අවශ්‍ය මෘදුකාංග පැකේජයන් පහසුවෙන් සොයා ගැනීම, වැඩි දියුණු කිරීම සහ භාවිතය වඩාත් පහසු විය. Fedora Linux සහ Read Hat Linux අතර වැඩි වෙනසක් නොතිබේ, එහෙත් මෙය ලෝකයා විසිත් තහවුරු කර යුතු මෙහෙයුම් පද්ධතියකි.

වර්ථමාණ වන විට දිගු අතීතයකින් පසුව Fedora 29 ඉදිරිපත් කර තිබෙනවා. මෙය මීට පෙර පැවති සංස්කරණයක් වැඩි දියුණු කරමින් නිර්මාය කර තිබෙනවා. පද්ධතියෙහි තිබෙන දෝශ සහිත තැන් නිවැරදි කරමින් නව තාක්ෂ්ණයට ඔබින ආකාරටය නිර්මාණය කරලීමද විශේෂත්යක් Linux මෙහෙයුම් පද්ධනි සමුදාය තුල දක්නට ලැබෙනවා.