නොමිලේ දෙන දේවල්වල ඇත්ත කතාව.

හැමෝම මේ දවස්වල නොමිලේ රීලෝඩ් දෙන app ගැන කතාකරන නිසා මම දන්නා දේවල් ටිකක් කියන්න හිතුනා. මෙහෙමෙ කිව්වත් ඉතින් තේරුම් නොගන්න අය ඇති. ඒක ඉතින් ඒ අයගේ වැඩක්නේ. කොහොම උනත්, මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කියලා හිතනවා.

දැන් මේකේ කියන තාක්ෂණික වචන මම පුළුවන් තරමින් පැහැදිලි කරනවා. තවත් දැනගන්න දේවල් අවශ්‍යනම් අහන්න. එතකොට කියල දෙන්නම්.

හරි අපි පටන් ගමු. දැන් මේ කියන්න යන්නේ නොමිලේ දෙන දේවල් ගැන නේ. ඇත්තටම අපි අන්තර්ජාලය භාවිතා කලාට, ඔයාල නොදන්නවා ඇති, අපි මේ ඉන්නේ ලෝකයේ තියන ලොකුම ව්‍යාපාරය ඇතුලේ. ෆේස්බුක් කියන්නේ සමාජ ජාලය කියන ලේබලය අලවගත්ත ව්‍යාපාරයක්. ඉතින් මේ දේවල් නිකම් දෙන්න බෑ කියලා මුලින්ම තේරුම්ගන්න. හරි අපි එහෙම හිතමු.. නිකම් දෙනවා කියලා. එතකොට කල්පනා කරන්න, ෆේස්බුක් ආයතනය පවත්වාගෙන යන වියදම, එතකොට ලයිට් බිල්, සර්වර් වල වියදම්, මේවා හොයා ගන්නේ කොහොමද?

ඔන්න එතකොට තමයි කතාව එලියට එන්නේ. මේ හැම දෙයක්ම පදනම් වෙන්නේ දැන්වීම් මත, සරල මට්ටමේ ඉඳල සංකීර්ණ මට්ටම වෙනකල්. දැන් ඔයාල හිතන්නකෝ පත්තරේ දැන්වීම් වගේ නෙවෙයි ඉන්ටර්නෙට් එකේ දැන්වීම් වැඩකරන්නේ. පත්තරේ දැම්මොත් දැම්මා. වෙනස් කරන්න බැහැ. ඉන්ටර්නෙට් කියන්නේ බොහොම සජීවී මාධ්‍යයක්. ඒ නිසා මෙතැනදී පරිශීලකයා හැසිරෙන විදිහ අවබෝධ කර ගත්තොත් එයාට ගැලපෙන දැන්වීම් එවන්න පුළුවන්. එක නිසා පරිශීලක දත්තවලට තියෙන්නේ ඉහල ඉල්ලුමක්. නමුත් ගොඩක් දෙනා නොදන්නා දෙයක් තමයි, අපේ අවසරයකින් තොරව ඒ දත්ත ලබාගන්න හැකියාවක් නැහැ කියන එක. ඒ නිසා තමයි හැම වෙබ් සයිට් එකක්ම, හැම සොෆ්ට්වෙයා එකක්ම එවන්නේ licence agreementසහ privacy policy එක්ක. ඉතින් ඒවා පිටු ගණන් දිගයි. අපි ඒවා අනුමත කරන්නේ කියවල නෙවෙයිනේ. දැන් පැහැදිලිද. මේ තියෙන්නේ සමිකරණයේ එක පැත්තක් විතරයි. එතකොට අපි මේවා අනුමත කළා කියන්නේ අපේ දත්ත ලබාගන්න අපි අවසර දෙනවා කියන එක. නමුත් දැන් බයවෙන්න එපා. මේ විදිහට ලබාගන්නේ පොඩි දත්ත ප්‍රමාණයක් විතරයි. සහ ඒවායින් අපිට වෙන බලපෑම අවමයි. දිගටම කියවලා සම්පුර්ණ කතාව තේරුම් ගන්නකො එතකොට හරි.

ඔන්න දැන් අපේ දත්ත මේ සමාගම් ගන්නවා, සරල දත්ත, අපේ පෞද්ගලිකත්වයට හානි නොවෙන දත්ත තමයි මූලිකව ගන්නේ. දැන් මේ දත්තවල තියනවා මෙන්න මේ දේවල්, මම උදාහරණයක් ගන්නම්කො ගුගල් ආයතනයෙන් එකතු කරන දත්ත. මුලින්ම, අපි ඉන්න තැන, ඊළඟට අපි වැඩියෙන්ම ඔන්ල්ලයින් ඉන්න වෙලාව. ඒ වෙලාවේ අපි වැඩිපුරම යන එන තැන්, අපි වැඩියෙන්ම හොයන දේවල්, මේ දේවල් එයාල සටහන්කර ගන්නවා. ඊට පස්සේ ඒ අනුව තමයි අපට ගැලපෙන විදිහට දැන්වීම් එවන්නේ. එතකොට ඒ දැන්වීම්වල තියන සාර්ථක බව වැඩියි, එක ඉතින් ඔයාට පැහැදිලියිනෙ. උදාහරණයකට අපි ගුගල් එකේ ලැප්ටොප් ගැන හෙව්වා නම්, ඊළඟට අපි යන වෙබ්සයිට්වල වැඩිපුරම පෙන්නන්නේ ලැප්ටොප් සම්බන්ධ දැන්වීම් තමයි. එහෙම නැතිනම් අපි රට යන්න විස්තර හෙව්වා නම්, ඊළඟට අපිට ගුවන්යානා සමාගම්වල අඩුම ටිකට් ගාස්තු ගැන දැන්වීම් එනවා. මේ සේරම වෙන්නේ අපේ දත්ත පදනම් කරගෙන.

දැන් ඒ කිව්වේ නිත්‍යානුකුලව, සාධාරණ විදිහට දත්ත එකතු කිරීම ගැන. දැන් අහගන්නකෝ ඊට පස්සේ වෙන දේවල්.. මේ හැම සමාගමක්ම පන්නන්නේ ලාබය පස්සේ නේ.. ඉතින් ඒ නිසා ඒ ය තව ගොඩක් විදිවලින් අපි ගැන විස්තර හොයනවා.. ඔයාල නොදන්නවා උනාට. ගුගල් සමාගමට විරුද්ධව චෝදනාවක් පවා තිබුනා advertise කරන්න අපේ ස්මාර්ට් ෆෝන් එක හරහා අපි කතා කරන දේවල් පවා පටිගත කරනවා කියලා. ඒ වගේම අපේ gps track කරනවා කියල. මේවා බොරු නෙවෙයි යාලුවනේ. ඒත් ඒ අය ඒවා නවත්තන්නෙත් නැහැ. අපි ඒවා භාවිතා කරන එක නවත්තන්නෙත් නැහැ. මොකද අපිට නිකන් ලැබෙන නිසා. ඔය කිව්වේ ටිකයි. ටිකක් බය හිතෙන දේවල් දෙකක් කියලා මේ පරිච්චේදය ඉවර කරන්නම්. ෆේස්බුක් සමාගමට චෝදනාවක් එල්ල උනා අවුරුදු කීපයකට කලින්, ෆේස්බුක් දත්ත උදව් කරගෙන විවිධ මානසික පර්යේෂණවලට මිනිස්සුන්ව යොදාගන්නවා කියලා. ඒක ඇත්ත බව සමාගමෙන් පිළිගත්තා. ඒ වගේමයි ඔයාල භාවිතා කරන වයිරස් ගාඩ් ඒකෙන් ඔයාලගේ ෆයිල් අප්ලෝඩ් කරලා තියාගන්නවා කියලා ඔයාල දන්නවද? ඒ චෝදනාව ඇවාස්ට් සමාගමට එල්ල වුනා වසර කීපයකට කලින්. ඒ වගේමයි ඒ විදිහට දත්ත එකතු කරන බව ඒ අයගේ privacy statement එකේ සඳහන් වුන නිසා ඒ අයට කිසිම දෙයක් කියන්න බැහැ. ඔන්න ඕක තමයි තත්වේ.

මේකෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් කීපයක් ගැනත් කියන්නම්. ඒවත් ටිකක් හරි උදව් වෙන නිසා. පලවෙනි දේ තමයි, මේ ගොඩක් දේවල් සිද්ද වෙන්නේ නිකම් කන පාරිභෝගිකයන්ට. ඒ කිව්වේ ඉතින් අපේ ගොඩක් ය නිකම් දෙන දේවල් ගන්න අයනේ. හැබැයි ඔයාලට පුළුවන් මේ ගොඩක් දේවල්වලින් බේරෙන්න සල්ලි තියනවනම්, ඒ කිව්වේ subscription එකක් අරගෙන. මොකද මේ ආයතන තමන්ගෙන් මුදල් ගෙවලා සේවා ලබාගන්න අයට හොඳ සේවාවක් දෙනවා. මොකද කවුරුත් කැමති නැහැනේ සල්ලි ගෙවල කරදර ඔලුවේ දාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් තව දෙයක් තමයි non profit organisation ඒ කිව්වේ ලැබ නොලබන ආයතනවලින් නිපදවන මෘදුකාංග යොදාගන්න. උදාහරණයකට ගුගල් වෙනුවට dukduckgo වගේ එකක් යොදාගන්න. ඒ ය පැහැදිලිවම කියනවා ඔයාලව track නොකරන බව. ඒ වගේම firefox වල tracking protection සහිතවයි එන්නේ. මේ වගේ ගොඩක් මෘදුකාංග තියනවා. සමහර වෙලාවට මේවයේ ඔයාලට සමහර පහසුකම් අඩු වෙන්න පුළුවන්. ඒත් ආරක්ෂණ, තමන්ගේ පෞද්ගලික දත්ත ගැන හිතනවානම් මේ දේවල් ගැනත් හිතන්න.

ඔන්න දැන් අපි එන්න යන්නේ තවත් ටිකක් ඉස්සරහට. දැන් අපි වැඩේ දන්නා නිසා ටිකක් සංකීර්ණ දේවල් ගැන කතා කරමු. දැන් අපි දන්නවනේ ආයතනවලට අපේ දත්ත කොච්චර වටිනවද කියලා. ඒ නිසා එයාල කියක් ගියත් ඒ දත්ත ගන්නවා. ඉතින් මෙතැනදී තමයි, හැකර්ලට තැන එන්නේ. එයාල කරන්නේ අනවසරයෙන් අපේ දත්ත අරගෙන ලොකු සමාගම්වලට මිලියන ගණන්වලට විකුණන එක. ඉතින් මේ විදිහට කරන්න නම් ඒ අයට දත්ත ගන්න විදි තියෙන්න එපැයි. ඉස්සර නම් ඒවා ලේසි නැහැ. නමුත් දැන් තාක්ෂනය දියුණු වෙන වෙගේත් එක්ක හරිම ලේසියෙන් ඒ දේවල් කරන්න පුළුවන්. අද අපේ දත්ත ගන්න ඒ අයට පුළුවන් ලේසියෙන්ම, ලස්සන app එකක් විදිහට පෙනී ඉඳලා. ඉතින් මේ විදිහට එයාල අපිට හොරා අපේ දත්ත අරගෙන විකුනනවා. මේක අද ලොකු ව්‍යාපාරයක්. dark web ගැන දන්නා අය දන්නවා ඇති, ඕනේ තරම් මේ විදිහට ගත්ත දත්ත විකුනන්න තියනවා කියන එක.
දැන් අපි බලමු කොහොමද මේ ය මේවා කරන්නේ කියලා. දැන් මම කලින් කිව්වා නේද අපේ දත්ත ගන්න නම් අවසරය අවශ්‍යයි කියල. මෙහෙම හිතන්නකෝ, අපි phone ඒකෙන් app ඉන්ස්ටෝල් කරන හැමවෙලේම මෙහෙම privacy statement කියව කියව ඉන්න ගියොත් එහෙම කවුරුත් කිසි දෙයක් ඉන්ස්ටෝල් කරන එකක් නැහැ. අන්න එතැනදී තමයි permissions කරලියට එන්නේ. කිසියම් app එකකින් අපේ දුරකතනයේ යම්කිසි දත්තයක් ලබාගන්න එහෙම නැත්නම් යම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න නම්, ඒකට අපේ අවසරය ලබාගන්න තමයි මේ විදිහට හදලා තියෙන්නේ. එතකොට අපිට අකමැතිනම් මේ අවසරය නොදී ඉන්න පුළුවන්. ඒත් අවාසනාවකට androidවල මේ permissions management ගොඩක් ශක්තිමත් වෙලා තියෙන්නේ බොහොම මෑතකදී. ගොඩක් පරණ versionවල මේ පහසුකම හරියට නැහැ. ඉතින් app එකක් පරණ version එකකට compatible වෙන විදිහට හැදුවාම, ලේසියෙන්ම පුළුවනි අවශ්‍ය permissions එකවරම ලබාගන්න. එතන ඉඳලා ඉතින් තත්පර කීපයක් ඇතුලත අපේ සේරම දත්ත ලබාගෙන අවසන් වෙනවා. ඉතින් ඔය ටික කරගන්න රුපියල් 200ක් අපේ ෆෝන් එකට දැම්ම කියල සත පහක පාඩුවක් නැහැ.

ඒ වගේමයි මේ වගේ app වලට පුළුවන් අපේ ෆෝන් එක හරහා bitcoin mine කරන්න. ඒ කිව්වේ අපේ දුරකතනයේ තියන සම්පත් ඒ කිව්වේ බැටරි බලය, මතකය, ධාරිතාව වගේ දේවල් අවභාවිතා කරලා සල්ලි හොයන්න. ඉතින් මේකේ තියන භායනක බව ඔයාලට දැන්වත් පැහැදිලි ඇති කියලා හිතනවා.

ඒ වෙගේම ඔයාල හිතන්නෙත් නැති දේවල් තියනවා. උදාහරණයකට අපි කියමු ඔයා flashlight app එකක් දාගත්තා කියලා. ඇත්තටම ඔයා දෙන්න අවශ්‍ය camera permission විතරයි. මොකද flashlight එක සම්බන්ධ camera ඒකට නිසා. ඒත් play store එකේ තියන සමහර flashlight app මුළු ෆෝන් එකේම තියන permission ඉල්ලනවා. ඉතින් හිතාගන්නකෝ මොකටද කියලා. උදාහරණයකට flashlight app එකට මොකටද ඔයාගේ call history, contacts? දැන්වත් ටිකක් හිතන්නකෝ. අපේ ගොඩක් අය කරන්නේ ඔහේ හොයන්නේ බලන්නේ නැතිව සේරම නෙක්ස්ට් කරගෙන යන එක. මොකක්හරි අවුල් උනාම තමයි ඉතින් දෙලෝ රත්වෙන්නෙ.

මේ දේවල් අඩු කරන්න තමයි දැන් google play protect කියලා අලුතින් එකතු කරලා තියෙන්නේ. ඒත් ඒක ටිකක් කාලයක් යනවා වැඩ කරන්න. සමහර වෙලාවට app එකක් දාපු දවසෙම මිලියන ගණනක් ඩවුන්ලෝඩ් වෙනවා play protect එනකොට වෙන්න තියන දේවල් වෙලා ඉවරයි.

ඉතින් මේකත් කියන්න ඕනේ. දැනට තියන මොබයිල් os වලින් ආරක්ෂිතයි කියලා පිළිගන්නේ ios. හේතුව තමයි, කිසිම app එකකට මේ විදිහට දත්ත හොරකම් කරන්න තියන ඉඩකඩ ඉතාමත්ම සීමා සහිතයි. ඒ වගේම ios වල backdoors නැහැ. ඒ කිව්වේ කිසිම හේතුවකින් දුරකතනයේ පරිශීලක දත්තවලට අනවසරයෙන් ඇතුළු වෙන්න අමාරුයි. ඒ අතින් ios ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ඒ වගේමයි ඔයාලට මතකද දන්නේ නැහැ ප්‍රංශයේ මාධ්‍යවේදී ඝාතන සිද්ධිය, ඒ වෙලාවේ ඇමරිකාවේ රහස් ඔත්තු සේවාවන් අපල සමාගමෙන් ඉල්ලීමක් කළා ඇපල් දුරකතනයකට ඇතුල්වෙන්න මේ විදිහේ backdoor එකක් මෘදුකාංගයට patchකරන්න කියලා. ඒත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු අපල ආයතනය ඒ ගැන මුළු ලෝකෙටම කිව්වා. ඒ නිසා ආරක්ෂාව අතින් ගත්තොත් නම් ඉතින් තේරීම ගොඩක් දුරට හරි. හැබැයි ඉතින් එහෙම කියලා කණගාටු වෙන්න එපා. මොකද මේ වෙනකොට android සෑහෙන දුරකට ඒ මට්ටමට ලඟා වෙලා තියනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ.

මම රොශාන් වරුණ, Android වැඩකාරයෝ වෙනුවෙන්