ඔයා ඕන තරම් මීම්ස් දැකල ඇති මං මැරුනොත් මචං මගේ history එක ඩිලිීට් කරල දාන්න කියල. ඔයා කොයිතරම් හොදින් අන්තර්ජාලය පාවිච්චි කලත්, කවුරු හරි දැක්කොත් ඔයා ගැන අමුතු විදියට බලන්න තරම් විකාර දේවල් ඔයාගෙ හිස්ට්‍රි එකෙන් හමුවෙන්න පුලුවන්. ඒ නිසාම ඔයා ඔයාගෙ web history එක වෙන කෙනෙක් දකිනවට අකමැතියි. හැබැයි ඔයා නිකමටවත් හිතුවද ඔයාගෙ වෙබ් හිස්ට්‍රි එක ඔයා බ්‍රව්සර් එකෙන් මැකුව කියල ඇත්තටම මැකෙනවද කියන එක?

අනූව දශකයේ අවසාන භාගයේ ඉදන් අද වනතෙක් කාලසීමාව ගත්තම, අන්තර්ජාලය කියන්නේ මිනිසාගේ එදිනෙදා ජීවිතයේම කොටසක් බවට පත් වෙලා. දෙදාහෙ අවුරුද්දෙදි ලෝක ජනගහනයෙන් 7% වගේ ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කලත්, අද වනවිට ලෝක ජනගහනයෙන් සීයට 55%, ඒ කියන්නේ හරි අඩකට වඩා පිරිසක් දිනපතා අන්තර්ජාලය පාවිච්චි කරනවා. මේ වෙද්දි අන්තර්ජාලය භාවිතා කිරීම කියන්නේ පහසුකමකට වඩා මිනිස් අයිතිවාසිකමක් බවට පත් වෙමින් තියෙනවා. මොනද මේ වෙද්දි අන්තර්ජාලය නැතුව පෘථිවියේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය අයුරින් කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන තරමටම අන්තර්ජාලය අපේ ජීවිත වලට සම්බන්ධ වෙලා නිසා.

ඉතින් මෙන්න මේ ලෝකව්‍යාප්ත අන්තර්ජාල භාවිතය නිසාම, අන්තර්ජාලය භාවිත කරන අයගේ තොරතුරු එකතුකිරීම විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනව. ගූගල් වගේ සර්ච් එන්ජින්ස්, ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල සර්වර්ස් වල, මේක ඔයා බලන මොහොත වෙද්දිත් ඔයා හිතන්නෙවත් නැති තරම් ඔයා ගැන විස්තර සටහන් වෙලා තියෙනවා. මේ විස්තර එහෙමත් නැත්නම් දත්ත අතර, ඔයාගෙ සයිබර් දිනචර්යාව, ඔයාගෙ පවුලේ විස්තර, ඔයාගෙ දුරකථන අංක, ඔයාගේ ඊමේල්, ඔයාගෙ ලොකේෂන් එක, ඔයාගෙ දුරකථන වර්ගය, ඔයා පාවිච්චි කරන මෘදුකාංග ඇතුළු ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ම අන්තර්ජාලය එක්ක බෙදාහදා ගන්න කැමති උන දත්ත සියල්ල මෙයාලා ලග තියෙනවා. මෙයාල මේ දත්ත වලට මොකද කරන්නේ?

ඇත්තටම ඔය උඩ කියපු දත්ත මාර විදියට වැදගත් වෙන අය ඉන්නවා. ඇඩ්වටයිසිං මාකටිං කම්පනි වලින් පටන් අරන්, සමහර රාජ්‍ය ආයතන වගේම හැකර්ස්ලටත් මෙන්න මේ දත්ත සෑහෙන වටිනවා. අන්න ඒ නිසයි තව ටික කාලෙකින් ලෝකයේ වටිනාකම වැඩිම මුදල් එකකයක් විදියටත් දත්ත කියන දේ භාවිතා වෙන්න ඉඩකඩ තියෙන්නේ.

කවද හරි කියවලා තියෙනවද google account එකක් හදද්දි එන agreement එක? පිස්සුද නේ? නිකම්ම I Agree දැම්ම කන්ටිනියු කලා නේ? අපි ලේසියට එහෙම කලත්, අන්න ඒ agreement එකේ තියෙනවා එයාලා අපේ ඩේටා එකතු කරන කතාවත් අපේ ඩේටා අන්තර්ජාලය තුල සංසරණය වන බවත්.

ඉතින් ඔයා අන්තර්ජාලයට යම් දත්තයක් එකතු කලොත් ඒක එකතු කලා ම තමා. ඔයාට කවදාවත් ඒ දත්ත නැවත ඉවත් කිරීමක් කරන්න බැහැ. ඔයා ඔයාගෙ ගිණුමකින් හරි වෙබ් පිටුවකින් හරි ඔයාගෙ ඒ දත්ත මකල දැම්මත්, කවදාවත් ඒ දත්ත ඇත්තටම මැකිල යන්නෙ නෑ වගේම ඔයා එක්වරක් ඒ දත්ත මැකුවට පස්සෙ, ඔයාට ආපහු කවදාවත් ඒ දත්ත නැවත ගන්න බැහැ (සර්වර් එක ඔයාගෙ ලග නෙවෙයි නම්).

උදාහරණෙකට ගත්තොත්, ඔයාට ඔයාගෙ ෆේස්බුක් අකව්න්ට් එක ඩිලීට් කරල දාන්න පුලුවන් ෆේස්බුක් එකට රික්වෙස්ට් කරල. ඔයාට යූටියුබ් වීඩියෝ එකක් රිමූ කරල දාන්න පුලුවන් රිපෝට් කරල. ඒ මොනව උනත් ඔයාගෙ දත්ත තාමත් එයාලගෙ සර්වර්ස් වල තියෙනව. ඒ වගේම ඔයාගෙ ඒ දත්ත, අදාල සමාගම විසින් හොදයි කියල හිතෙන විදියකට විකිණීමක් කරනු ලබනවා.

දැන් කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මෙයාලා මේ කරන වැඩේ නීති විරෝධියි නේද කියල. නෑ. ඇමරිකානු සමාගම් වලට තමන්ගේ පරිශීලකයින්ගේ දත්ත මේ විදියට එකතු කරලා විකුණන්න අවසර ලබා දෙන්න පනතක් එයාලා සම්මත කරගන්නවා එයාලගෙ කොන්ග්‍රස් එකෙන්. ඒ නිසා ඇමරිකානු සමාගම් වලට මේක නීති විරෝධී නෑ. නමුත් බොහෝ යුරෝපීය සමාගම් වලට නම් මේක නීති විරෝධී ක්‍රියාවක්.

මේ දත්ත හුවමාරු දාමයෙන් ප්‍රයෝජන ගන්නේ ඔය කලින් කියපු අය විතරක්ම නෙමෙයි. ඇමරිකානු ජාතික ආරක්ෂක ආයතනය පවා අපේ දත්ත (හුගක්ම එයාලගෙ රටේ අයගෙ ඒව. අපේ ඒව ගනං ගන්නෑ) එකතු කරගෙන තියාගන්නවා වගේම මොනිටර් කරනවා මෙයා මොනවද මේ වෙබ් අඩවියේ කරන්නේ, මෙයා මොනවද හොයන්නේ ආදිය ගැන. ඉතින් මේ විදියට මෙයාලා නීති විරෝධී යමක් වෙනවනම් අන්න ඒක අල්ලගන්නවා.

ඉතින් මේ විදියට බලද්දී අන්තර්ජාලය භාවිතා නොකර ඉන්නවා ඇරෙන්න අපිට අපේ දත්ත ආරක්ෂා කරගන්න විදියක් නෑනෙ. ඒත් අපිට අන්තර්ජාලය භාවිතා නොර ඉන්නත් බැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනව අකමැත්තෙන් උනත් අපේ දත්ත බෙදාහදා ගන්න. මෙතනදී තමන් බෙදාහදා ගන්නේ මොන මොන දත්තද කියන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. මේ විදියට ගියොත් දවසක ෆේක් අකව්න්ට් වලින් පිරුන ඉන්ටනෙට් එකක් තියේවි.

මම වින්දන. ඔබට ජය!!!