Loading...
Linux වල භාවිතා කල හැකි හොඳම Web Browsers මොනවද? - Part 01

Open Source ලිපි මාලාවෙ දෙවෙනි ලිපිය විදියට අපි කථා කරන්නේ Linux OS එකක‌ට පාවිච්චි වෙන්න පුලුවන් Web Browsers ගණනාව අතරින් හොදම කිහිපය ගැන. ඔබටත් තියෙනවානම් මේ ගැන යම් අදහසක් පළකරන්න පුලුවන්.

1. Firefox

Image Source: www.omgubuntu.co.uk

Firefox කියන්නෙ දැනට Open Source fansලා අතර ප්‍රසිද්ධම web browsers වලින් එකක්. Firefox සතුව මේ වෙද්දිත් බිලියනයක‌ට අධික usersලා පිරිසක් ඉන්නවා. Firefox browser එක නිර්මාණය කරන්න පාවිච්චි වෙලා තියෙන්නෙ C++, JavaScript, C, CSS, XUL සහ XBL වගේ programming languages. Firefox තමන්ගෙ web engine එක විදිහට පාවිච්චි කරන්නේ Gecko Web Engine එක.

Tabbed browsing, built-in spell-checking tool, incremental search, real-time bookmarking, සහ private browsing වගේ තමන්ටම ආවේණික විශේෂ ගුණාංග රැසකින් Firefox සමන්විතයි. HML4, XML, XHTML, SVG, සහ APNG වගේ common standards ගණනාවකට පවා Firefox ඉතාම හොදින් perform කරනවා. Google Chrome එක්ක සන්සන්දනය කළොත් Firefox වල තියෙන හොදම දේ වෙන්නෙ RAM එක ඉතාම අඩුවෙන් භාවිතා කිරීම මගින් Chrome හා සමාන performance එකක් හරහා smooth browsing experience එකක් ලබාදෙන්න හැකි වීම.

2. Opera

Image Source : www.blogs.opera.com

Opera කියන්නෙ මේ වෙද්දි ලෝකයේ තිබෙන පැරණිම Web Browsers කිහිපයෙන් එකක්. 1995දි මේ opera කරලියට එන අතරම මේ වෙද්දි සියලුම OS සදහා Opera පාවිච්චි කරන්න‌ පුලුවන්කම ලැබිලා තියෙනවා. Opera වලට පාවිච්චි වෙන්නේ C++. Firefox වලට Gekko වගේ, Opera පාවිච්චි කරන්නෙ Blink web engine එක.

Opera ගොඩක් usersලා අතර ප්‍රසිද්ධ වෙන්න හේතුව වෙන්නෙ free unlimited VPN පහසුකම ලබාදීම සහ Adblocker සේවාව සැපයීම. Firefox වලනම් මේ වගේ feature එකක් එන්නෙ හුගක් වෙලාවට addon එකක් විදියට. නමුත් opera browser එක එක්ක මේ ඉහත සදහන් කළ features ලැබෙන්නෙ නොමිලේ වගේම browser එක එක්ක default feature එකක් විදියට.

3. Google Chrome

Image Source : www.techmint.com

Google Chrome කියන්නෙ මේ වෙද්දි mobile phones, personal computers සහ smart devices ගණනාවක මේ වෙද්දි දකින්න පුලුවන් විදියේ web browser එකක්. Chromium project එකෙන් fork වුනු එක project එකක් තමයි මේ Chrome web browser එකත්. Google Chrome browser එක පවා program කරන්න පාවිච්චි කරලා තියෙන්නෙ C++. Bookmarking, synchronization සහ external plugins ගණනාවක් මේ හා සම්බන්ධ කරන්න හැකිවීමත් මෙහි තිබෙන සුවිශේෂී වාසියක් විදියට දක්වන්න පුලුවන්.

ඒ වගේමයි Chrome කියන්නෙ open source browser එකක් නෙමෙයි. ඒක closed source browser එකක් කියලා කියන්න පුලුවන්. Google සමාගමෙන් ඔබට පිරිනමන services pack එකත් මේ Google Chrome browser එකේ ප්‍රචලිත වෙන්න එක හේතුවක් විදියට තේරුම් ගන්න පුලුවන්.

4. Vivaldi

Image Source: www.linoxide.com

Opera වලට හුරු interface එකකට උරුමකම් කියන Vivaldi කියන්නෙ තරමක් මෑත කාලයේ බිහිවුනු web browser එකක්. 2016 අප්‍රේල් මාසයේදී තමයි Vivaldi technologies විසින් මේ web browser එක නිකුත් කරන්නේ. Chrome වගේ customize කරන්න තියෙන පහසුව, user friendly, high speed loading content, high performance, granular tab management, adaptive user interface වගේ දේවල් එක්ක ඉතාම ‌කෙටි කාලයකින් Vivaldi ජනප්‍රිය වුනා කීවොත් හරි.

ඒ වගේම දැනට open source විතරක් නෙමෙයි Microsoft, Android fansලා අතරත් ජනප්‍රිය Google Chrome වල extensions පවා Vivaldi එක්ක support කරන එකත් මේකේ මෙතරම් ඉක්මනින් ජනතාව අතරට යන්න හේතුවක්.


අද මේ ලිපියෙන් අපි හුගක් දුරට කතා කලේ අපි හැමදාම දකින web browsers ගැන. ඔයාලා මේ වෙද්දි පාවිච්චි කරන browser එක මේ එකක් වත් නෙමෙයි නම් පහළින් comment කරන්න ඔබ පාවිච්චි කරන browser එක. අපි ඒ ගැන මීලග ලිපියෙන් කථා කරනවා.