ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කාලයක් යනකොට ඉක්මනින්ම තමන්ගේ battery එක drain වෙන එක. මේ හේතුව නිසාම ගොඩක් අය එක එක ජාතියේ විසඳුම් හොයනවා තමන්ගේ battery life time එක වැඩි කරගන්න. ගොඩක් අය battery saver apps දානවා. සමහර අය දාපු ඇප්ස් අයින් කරනවා. ඒ වගේම තව අය ෆෝන් එකේ තියෙන ඇප්ස් force stop හරි disable කරනවා. ඔය මම කියපු පළවෙනි කරුණයි තුන්වෙනි කරුණයි ගත්තොත් වෙන්නේ නිකං බොරුවට තමන්ගේ බැට්‍රි එක ඉක්මනින් බහින එක. ඒක ගැන අපි කලින් පෝස්ට් එකක කතා කරා. පේජ් එකේ පල්ලෙහාට ගියොත් ඔයාලට හොයාගන්න පුළුවන්. ටික කාලයක් යද්දි ඔයාට ඔයාගේ phone එකේ battery එකේ life time එක අඩු වෙලා, වෙනදට වඩා ඉක්මනින් බහිනවා කියල දැනුනොත්, ඔයාට වෙනවා ඔයාගේ battery එක calibrate කරන්න.

ඔය සේරම කරන්න කලිං ඔයාට හොයා ගන්න වෙනවා බැට්‍රි එක ඉක්මනට බහින්න හේතුවෙන දේ. සමහර විට ඔයාගේ බැට්‍රි එකට වෙච්ච හානියක් ඉක්මනින් බැට්‍රි බහින්න හේතුව වෙන්න පුළුවන්. බැට්‍රි එකෙන් ඔක්සයිඩ් ලීක් වෙන එක, බැට්‍රි එක ඉදිමෙන එක වගේ හානියක් නිසා බැට්‍රි එක ඉක්මනට බහිනවා වෙන්න පුළුවන්.

ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ ගලවල අයින් කරන්න පුළුවන් බැට්‍රි කවර් එකක් නම්, ඔයාගේ ෆෝන් එක ඕෆ් කරල කවර් එක ගලවල බැට්‍රි එක හොඳට පරීක්ෂා කරලා බලන්න ඔක්සයිඩ්ස් ලීක් වෙලාද, නැත්තම් ඉදිමිලාද කියන එක. මේ වගේ දේකදි නම් බැට්‍රි එක කැලිබරේට් කරල තේරුමක් නෑ. ඔයාට original හරි, එහෙමත් නැත්තම් පිලිගත්ත තුන්වෙනි පාර්ශවයක් විසින් නිෂ්පාදනය කරන අලුත්ම බැට්‍රි එකකට යන්න වෙනවා. එහෙම නැතුව වෙළඳපලේ අඩුවට ගන්න තියෙන බාලවර්ගයේ බැට්‍රි එකක් දාල ටික කාලයක් දුවන්න පුළුවන් උනත්, දිගුකාලිනව ඒක ඔයාගේ ෆෝන් එකේ පැවැත්මට බලපාන්න පුළුවන්.

ඒ එක්කම ඔයාගේ ෆෝන් එක හරියට චාජ් නොවෙනවා නම් charging port එකේ තියෙන ප්‍රශ්නයක් නිසා ඒ දේ වෙන්න පුළුවන්.

ගොඩක් දෙනෙක්ගේ තියෙන මතයක් සහ ගොඩක් අය අත්විඳපු දෙයක් තමයි phone එකේ firmware update එකකට පස්සේ බැට්‍රි බහිනවා කියන එක. මේ හේතුව නිසා ගොඩක් අය අප්ඩේට් කරන්න මැලිකමක්, බියක් දක්වනවා. අප්ඩේට් එකකින් ෆෝන් එකේ බැට්‍රි ලයිෆ් ටයිම් එකට ඍජුවම බලපාන කරුණක් වෙන්නේ cache partition එක. අප්ඩේට් එකකින් පස්සේ ඔයා වගබලා ගන්න ඕනේ cache partition එක clear කරන්න. ඒකට ඔයාට ඔයාගේ recovery mode එකට boot කරල cache partition එක clear කරන්න වෙනවා. Stock recovery එක වේවා custom recovery එක වේවා, ඕන එකකින් ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයගේ device එකේ settings වල storage එකට ගිහිං එතන තියෙන Cache memory analyze එක උඩ tap කරල උනත් cache clear කරන්න පුළුවන්. නමුත් ඒ විදිහට clear කරන එක 100%ක්ම සාර්ථක නෑ. මොකද ඒ වෙලාවේ device එකේ use වෙන cache items clear වෙන්නේ නෑ.

එතකොට මේ calibrate කරනවා කියන්නේ මොකක්ද. Android OS එකේ Battery Stats කියලා feature එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ battery capacity එක track කරන එක. ඔන්න ඕකට හානි උනාම තමයි ෆෝන් එකේ බැට්‍රි එකේ capacity එක වැරදියට පෙන්නන්නේ. සමහර අය කියනවා එයාලගේ ෆෝන් එකේ battery percentage එක මෙච්චර ප්‍රමාණයක් තියෙද්දි ෆෝන් එක ඕෆ් වෙනවා කියලා. එහෙම වෙන්නේ ඉස්සෙල්ලා කියපු විදිහට ඒ feature එකට හානි වුනාම. ඒත් මම ඉස්සෙල්ලා කිව්ව වගේ බැට්‍රි එකට භෞතිකව වෙන හානි වලදිත් ඔහොම වෙන්න පුළුවන්. Calibrate කරන එකෙන් කරන්නේ Android OS එකට හරියට නිවැරදි battery level එක පෙන්නන විදිහට හදන එක.

මේ සේරම අතරේ සමහර අයගේ තියෙන වැරදි මතයක් තමයි batterystats.bin ෆයිල් එක ඩිලීට් කරාම automatically battery එක calibrate වෙනවා කියන එක. ඒත් ඇත්තටම මේ ෆයිල් එකෙන් වෙන්නේ අපේ ඩිවයිස් එක පාවිච්චි කරන වෙලාවට battery එකයි යූස් වෙන විදිහේ data ටික store කරගන්න එක. 80% වඩා battery එක charge කරාම මේ ෆයිල් එක autoම reset වෙලා clear වෙනවා. සරලවම, පැහැදිලිව කෙටියෙන් කිව්වොත් batterystats.bin file එකෙන් වෙන්නේ ඔයාගේ ඩිවයිස් එකේ battery එකේ charge cycle එකකට ඔයාගේ battery usage එක track වෙන එක. මේක calibrate එකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

මේ පැහැදිලි කිරීමෙන් පස්සේ මම එන්නේ Root access නැතුව කොහොමද ඔයාගේ Android Device එකේ battery එක calibrate කරන්නේ කොහොමද කියල කියන්න.

Root access නැතුව battery calibrate කිරීම

කට්ටියම දන්න දෙයක් තමයි ඉස්සර ඉඳල එන සාම්ප්‍රදායික ක්‍රමය, “fully charge and discharge”. ඕක තමයි අපිට තියම සරලම ක්‍රමය battery එක calibrate කරන්න. කොහොම උනත් අපි කලිනුත් දැනුවත් කරල තියෙනවා fully discharge කරන එකෙන් battery එකේ ජීව කාලය අඩුවෙනවා කියන එක සහ low voltage ප්‍රශ්න එනවා කියන එක. ඒ දේ නිතරම කරන්න ගියොත් තමයි ඔය විදිහට ප්‍රශ්න එන්නේ. ඒත් ඇත්තටම ඔයාගේ battery එක ඔයාට ප්‍රශ්නයක් වෙලා නම්, අවදානමක් ගන්න එක වටිනවා, ලොකු ගාණක් දීල original battery එකකට යනවට වඩා.

එහෙනම් පටන් ගමු root නැතුව කොහොමද calibrate කරන්නේ කොහොමද කියන එක.

  1. ෆෝන් එක ඕෆ් වෙලා යනකන්ම use කරන්න.
  2. Off උනාම නැවත වතාවක් On කරලා off වෙලා යනකන් use කරන්න
  3. Device එක charger එකට connect කරල 100% charge වෙනකන් turnoff කරල තියන්න.
  4. 100% charge උනාට පස්සේ charger එකෙන් disconnect කරන්න.
  5. Device එක on කරාම 100% පෙන්නන්නේ නැත්තම් ආයෙත් charger එකට connect කරලා 100% වෙනකන් තියන්න.
  6. Charger එකෙ ෆෝන් එක unplug කරලා restart කරන්න. Restart කරාට පස්සෙත් 100% පෙන්නන්නේ නැත්තම් ආයෙත්
  7. පාරක් charger එකට connect කරලා 100% වෙනකන් charge කරන්න.
  8. උඩ කියපු 6 වෙනි පියවර ඔයාට දිගටම කරන්න වෙනවා ඔයාගේ ෆෝන් එක restart කරාම 100% පෙන්නනකංම.
  9. දැන් ඔහොම කරලා 100% පෙන්නුවම ආයෙත් පාරක් 0% වෙලා off වෙලා යනකන්ම ෆෝන් එක use කරන්න.
  10. ඊට පස්සේ කිසිම බාධාවක් වෙන්නේ නැතුව ෆෝන් එක full charge කරන්න.

හොඳට මතක තියා ගන්න, මේ දේ නිතර නිතර කිරීම නම් අපි recommend කරන්නේ නෑ. මාස තුනකට හතර පාරකට වතාවක් කරාම හොඳටම ඇති. ඒත් ඕක කරලත් battery එක හරියට වැඩ නැත්තම්, නිදාගෙන ඉන්න කොටි ඇරවන්නේ නැතුව අලුත් battery එකකට යන එක තමයි හොඳම දේ.

දැන් එන්නේ root usersලා දිහාට.

Root access ඇති Android device වල battery calibrate කිරීම

මේ ක්‍රියාවලියෙදිත් අපි අර උඩ කියපු පියවරයන් බොහොමයක් මුලින් කරන්න වෙනවා.

  1. ෆෝන් එක ඕෆ් වෙලා යනකන්ම use කරන්න.
  2. Off උනාම නැවත වතාවක් On කරලා off වෙලා යනකන් use කරන්න
  3. Device එක charger එකට connect කරල 100% charge වෙනකන් turnoff කරල තියන්න.
  4. 100% charge උනාට පස්සේ charger එකෙන් disconnect කරන්න.
  5. Device එක on කරාම 100% පෙන්නන්නේ නැත්තම් ආයෙත් charger එකට connect කරලා 100% වෙනකන් තියන්න.
  6. Charger එකෙ ෆෝන් එක unplug කරලා restart කරන්න. Restart කරාට පස්සෙත් 100% පෙන්නන්නේ නැත්තම් ආයෙත් පාරක් charger එකට connect කරලා 100% වෙනකන් charge කරන්න.
  7. උඩ කියපු 6 වෙනි පියවර ඔයාට දිගටම කරන්න වෙනවා ඔයාගේ ෆෝන් එක restart කරාම 100% පෙන්නනකංම
  8. දැන් පල්ලෙහා ලින්ක් එකෙන් Battery Calibration app එක install කරන්න. ඒත් දැන්ම launch කරන්න එපා. ආයෙත් බලන්න battery එක 100%ද කියල. ඊට පස්සේ restart කරන්න
  9. On කරපු ගමන් install කරපු app එක launch කරලා battery එක calibrate කරන්න.
  10. ඒක කරාට පස්සේ ෆෝන් එක් off වෙලාම යනකන් use කරන්න.
  11. ඊට පස්සේ කිසිම බාධාවක් වෙන්නේ නැතුව ෆෝන් එක full charge කරන්න.

Download App

දැන් battery එක calibrate වෙලා නිවැරදි percentage එක පෙන්නයි.

ඉතිං ඕක තමයි මම නම් කරන දේ. මීට වඩා වෙනස් ක්‍රමයක් තියෙනව නම් අපි ඒ ගැන පල්ලෙහා comments section එකේ කතා කරමු.

සැ.යු. මෙම ක්‍රියාවලිය නිතර නිතර ඔබගේ battery එකට හානි සිදු කරයි. එමෙන්ම මෙමගින් ඔබගේ device එකට සිදුවන හානි වලට අපි කිසිඳු වගකීමක් භාර නොගන්නා බව කරුණාවෙන් දැනුම් දෙමු.