රොබෝ සයිබර් ආරක්ෂාව පිළිබඳව ගවේෂණ කණ්ඩායමක් කරපු අළුත්ම ගවේෂණයක් අවසානයේ එයාලා Release කරල තියෙනවා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න අනාරක්ෂිත කර්මාන්තශාලා රොබෝවරුන් හොයාගන්න පුලුවන් විදියේ Open Source tool එකක්.

ලොව පුරා සයිබර් ආරක්ෂක විශේෂඥයන්ගේ විශේෂ අවධානයට ලක්වෙලා තියෙන මේ Tool එකට පුලුවන් අන්තර්ජාලය තුල පමණක් නෙවෙයි, ඕනෑම නෙට්වර්ක් එකක් තුල ඉන්න අනාරක්ෂිත රොබෝවරු හඳුනගන්න.

ස්පාඤ්ඤ ජාතික ආයතනයක් වන Alias Robotics ආයතනයේ කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු මේ Framework එක, Aztarna නමින් හඳුන්වනු ලබනවා.

මේක ඇත්තටම Python වලින් ලියපු Port Scanning tool එකක්. නමුත් අනිත් ඒවට වඩා මේක ටිකක් Advanced. මේකේ, තියෙනවා built-in database එකක්. ඒ ඩේටා බේස් එකේ තියෙනව industrial routers වල fingerprints (Westermo, Moxa, Sierra Wireless, and eWON ආදී routers වල).

ඒ විතරක් නෙවෙයි, රොබෝවරුන් හඳුනාගැනීම උදෙසා විශේෂයෙන් හැඩගස්වපු වෙනත් උපාංගත් මේ ටූල් එකේ තියෙනවා. ඒ වගේම Alias Robotics ආයතනය පවසන විදියට, මේ ටූල් එකට පුලුවන් Shadan search engine එක සහ ZMap, Masscan වගේ Port Scanning tools එක්කත් වැඩ කරන්න.

Aztarna එක්ක කරපු එක ඉක්මන් සර්ච් එකකදි, මේ ගවේෂණ කණ්ඩායම හොයාගෙන තියෙනවා අනාරක්ෂිත ROS (Robotic Operating System) 106ක් සහ අනාරක්ෂිත කර්මාන්තශාලා මට්ටමේ Routers 9000ක් පමණ. මෙන්න මේ Robot ලා 106 දෙනාවම, ඕනෙම හැකර් කෙනෙකුට දුරස්ථව (remotely) ලොග් වෙන්න (මේ කතාවෙ හැටියට නම් හැක් කරන්න) පුලුවන් default credentials වලින් හෝ කිසිම authorization එකකින් තොරවම.

මේ විදියට අනාරක්ෂිතයි කියලා හොයාගත්ත routers වලින් 36%ක්ම තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුල. තවත් 41%ක් කැනඩාවේ. ඉතිරියෙන් වැඩි කොටසක් යුරෝපීය රටවල් වල වගේම ඉතිරය ලොව පුරා අනෙක් රටවල් වල තියෙන බව තමයි වැඩි දුරටත් වාර්තා උනේ.

Aztarna විසින් අනාවරණව කරපු මේ අාරක්ෂක ගැටළු, ආරක්ෂාවේ ලීක් සම්බන්ධයෙන් මේ Robot ලාගේ අයිතිකරුවන් ව Alias Robotics ආයතනය මගින් දැනුවත් කල බව වැඩිදුරටත් සඳහන්.