Android Applications වල Auto-Run වෙන Advertisements ගැන පොඩ්ඩක් කියන්නයි හැදුවෙ.

ගොඩක් Android Application developersලා ඇප් එකක් ප්ලේස්ටෝ එකට දාන්නෙම සල්ලි හම්බකරන්නමයි. ඒක ආයිත් කතා දෙකක් නෑ. ඒ අතර ඔයාගෙ තොරතුරු ගන්න ඒව බ්ලොක් කරන්නත් එක එක අය ඇප් දානව. මේ ඇප් වල විශේෂත්වෙ තමයි නොමිලේ ලබාදීම. ඉතින් කමක් නෑනෙ. දෙයක් දීල තව දෙයක් ගත්තට.

ඒක නෙවෙයි කරුණ.

ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගහන අය ගූගල්ලගෙන් හරි ෆේස්බුක් ඒ වගේම තව ගොඩාක් තියෙනව ඇඩ්සෙන්ස් දෙන අය. මේ අයගෙ එකවුන්ට් හදාගෙන තමයි තමුන්ගෙ ඇප් එකට මේ විදිහට ඇඩ්ස් ඇඩ් කරන්නෙ. ෆෙස්බුක් පික්සෙල් කරන්නෙත් ඒක. අපිත් එහෙම එකක් කලා. මෙතන ඉන්න අය දන්නව ඇති Bomu App එක. ඒක කලේ මගේ යාලුවෙක්. ඉතින් මේකෙදි ඔයාගෙ විස්තර ඕනිනන් ගන්නත් පුලුවන් මකන්නත් පුලුවන්.

වරදවා වටහා ගන්න එපා අපි හදපු ඇප් එක ගැන හෙම නෙවෙයි කිව්වෙ. පොදුවෙ කරන්න පුලුවන් දේ.

මේ ඇඩ් අස්සෙ රිංගන්නෙ හැකස්ල. උන් කරන්නෙ ඔයාගෙ විස්තර සේරම ගන්න එක. ඊට කලින් ඇඩ් ගැන කියල ඉන්නන්. මේ ඇඩ් රන් වෙනකොට ඒව නවත්තන්නත් පුලුවන්. ඒක කරන්න ඕනි ඩිවලොපර්ස්ල. ඇප් එකක් ගැහුව කියල මහ ලොකු ගානක් හොයන්න බෑ. මොකද ඒ ඇප් එක යූස් වෙන විදිහට තමයි ඒ අයට සල්ලි යන්නෙ. මම කිව්වෙ ඩිවලොපර්ස්ලට. උදාහරණයක් විදිහට ඔයා ක්‍රිකට් අප්ඩේට් ඇප් එකක් ගන්නව. ඒක යූස් වෙන්නෙ ලංකාවෙ මැච් එකක් බලන්න විතරයිනන් ඒකෙන් ඇප් ගහන අයට වෙන්නෙ පාඩුවක්.

ඒකට හේතුව තමයි ඇඩ් රන් වෙන්නෙ ඔයාල ඔන්ලයින් හිටියොත් විතරයි. එහෙම නැත්තන් ඇඩ් රන් වෙන්නෑ. නමුත් මේ සමහර උන්ට ඕනි නිකන් බැංකුවක් කඩනව වගේ ඇප් එකෙන් සල්ලි හොයන්න. ඒ නිසා උන් ගහන ඇප් එක, එකපාරක් ඉන්ස්ටෝල් කරාම ඔයා නොදැනුවත්වම තවත් තැනක ඩෙටබේස් එකක් ඉන්ස්ටෝල් වෙනව. ඒ කියන්නෙ අමතර ඇප් එකක්. එහෙම කියනවට වඩා වයිරස් එකක් එනව. ඒකෙන් වෙන්නෙත් ඇඩ් රන් වෙන එකම තමයි.

නමුත් මේක අනිත් ඒවට වඩා වෙනස්. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔයා ඩේට ඔන් කලත් නැතත් මේ කියන ඇඩ් එක රන් වෙනව. ඒකෙන් ඔයාගෙ OS එකට වෙන හානිය ගැන ඔවුන්ට වැඩක් නෑ. ඒවා ඉවත් කරත් කරන්න කියල හිතාගෙන රිසෙට් කරත් නැවත් නැවත ඒ ඇඩ් වැඩ කරනවා. ඒවට නිකම්ම ඇප් ඩවුන්ලෝඩ් වෙනව. ඔයා දන්නෙම නැතුව වෙන වෙන ඇප් ඩවුන්ලෝඩ් වෙනව.

ගොඩක්ම මේ වගේ වැඩ කරන ඒව තියෙන්නෙ ගේම් වලයි අර සෙක්ස් ඇප් වලයි. ඒ නිසා පරිස්සම් වෙන්න.

මේ කියන ඇප් රන්වෙන එකට ඔයාල ඇඩ් බ්ලොක් එකක් දැම්මට හරියන්නෑ. මොකද ඒකට වඩා මම කිව්වෙ ඇඩ් බ්ලොක් එකට වඩා ලොකු වෛරස් එකක් ඔයාගෙ ඕ එස් එකට ආවම ඒ අයට කරන්න දෙයක් නෑ.

අනිත් එක හැකස්ර්ස්ල. මේව ගොඩක්ම වෙන්නෙ VPN බාවිතා කරන අයට. ඔයාගෙ මොබයිල් එකේ #VPN ඇප් එකක් රන් වෙනවනන් ඒ වගේම ඔයාගෙ මොබයිල් එකේ බැංකුවල ඇප් තියෙනවනන් ඒ වගේම පින්තූර වීඩියෝ මේ හැම එකක්ම ගන්න පුලුවන් හැකියාව ඒ ඇප් වලට තියෙනව. ඒක හරියට Google වගේ. උන් කරන්නෙත් ඒ ටිකම තමයි. ඒ ගැන හිතන්න එපා. Google තොරතුරු ගත්තට සල්ලි ගන්නෙ නෑ ඔයාගෙ.

ඉතින් මේ සේරගෙම්ම පරිස්සම් වෙන්න කරන්න තියෙන්නෙ පොඩි පොඩි දේවල් ටිකක්. ඇක්ටිව් වයිරස් ගාඩ් එකක් ගන්න ඕනි. එහෙම නැත්තන් ඔයා ගන්න ඇප් එක සල්ලි ගෙවල ගන්න ඕනි. මේ දෙකම බැරිනන් කරන්න ඕනි රේටින් වැඩිම ඇප් එක ගන්න එක. ඒත් මතක තියාගන්න රේටින් කියන එක සල්ලි දීලත් ගන්න පුලුවන්. ඒ නිසා හැම වෙලාවෙම පහල කට්ටිය දාල තියෙන රිවීව්ස් බලන්න. මම මේ කියන්නෙ ඇප් එකට යටින් රේට් කරල තියෙන අයගෙ කොමෙන්ට් හරිද. එහෙම නැතුව පරිස්සම් වෙන්න බෑ මේවගෙන්. නැත්තන් කෑගහන්න එපා අරක ලීක් උනා මේක ලීක් උනා කිය කිය.