Loading...
Apple සමාගම පරාජය පිළිගනී? 2024දී iOS වෙ​ත RCS සහය ලබා දෙන බව ප්‍රකාශ කර​යි

iPhone එකක් භාවිතා කරන කෙනෙක් නම් ඔයාට හොදින්ම මතකයේ තියෙන එකක් තමයි Messages app එකේදි පාට දෙකකින් chat bubbles පෙන්නන එක. මේක ඇමරිකාවේ නම් මාරම වැදගත් වෙනවා. ඒකට හේතුව තම​යි ඇමරිකාවේදි කාලයක් පුරාවට මිනිස්සු මේ දෙපිල බෙදිල ඉන්නව නිල් පාට chat bubble එකයි කොළ පාට chat bubble එකයි කියල. iOS වලටම විතරක් සීමා වෙච්ච පහසුකමක් නිසා තමයි මේක මේ විදිහට වෙනස් වෙන්නේ.

iMessages තමයි මේ පහසුකම හදුන්වන නම. නිල් පාටින් පෙන්නන්නේ iMessages පහසුකම භාවිතා කරන කෙනෙක් එවන messages. ඉතිං එහෙම නිල් පාටින් chat bubble එක පෙන්නන්න මැසේජ් යවා ගන්න පුලුවන් iPhone එකක් හරි iPad එකක් හරි messages app එක තියෙන වෙනත් Apple උපාංගයක් හරහා තවත් Apple උපාංගයක් අතර පමණයි. ඒ කියන්නේ Android එකකින් හරි වෙනත් Apple සමාගමේ මෙහෙයුම් පද්ධතියක් භාවිතා නොවන උපාංගයක් හරහා යනව පණිවුඩ පෙන්නන්නේ කොළ පාට chat bubble එකකින්.

මේ බෙදීමට තිත තබමින් Apple සමාගම විසින් 2024 වර්ෂයේදී Apple උපාංග සඳහා RCS සහය ලබා දීමට සූදානම් වන බවට වාර්තා වනවා. නමුත් එක iMessages සමඟ සම්බන්ධතාවයක් නොමැති බවට තහවුරු වී ඇත. ඒ අනුව iMessages තවදුරටත් ක්‍රියාත්ම​ක වනු ඇත. RCS සහය ලබා දුන්නද, Apple සමාගම විසින් ඒ සඳහාද කොළ පාට chat bubble එකක් ලබා දෙනු ඇතැයි මේ වන විට මත සහ කට කතා පැතිර යනවා.

Apple සමාගමේ නිළධාරියෙකු විසින් 9to5Mac වෙබ් ඇඩවිය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, ලබන වසරේ සිට ඔවුන් RCS පහසුකම iOS හරහා ලබා දීමට සූදානම් වන බවත් ඒ හරහා පරිශීලකයන්ට හොඳ අත්දැකීමක් අත්විදිය හැකි බව​ත්, නමුත් වඩාත් හොඳ සහ ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ පණිවුඩ හුවමාරු කරගැනීමේ ක්‍රමය වන iMessages තවදුරටත් iOS සමඟ පවතින බවත්ය.

Later next year, we will be adding support for RCS Universal Profile, the standard as currently published by the GSM Association. We believe RCS Universal Profile will offer a better interoperability experience when compared to SMS or MMS. This will work alongside iMessage, which will continue to be the best and most secure messaging experience for Apple users.

RCS මගින් ඔබට hi-quality photos, videos, GIFs සහ text, Wi-Fi හරහා මෙන්ම Mobile Data හරහාද හුවමාරු කරගන්න පුළුවන්. Message එක ලබන අයට ඒක ලැබුනද, කියෙව්වද වගේ අපි දැනට භාවිතා කරන Internet Messaging සේවාවල තියන features ද මේ අලුත් SMS protocol එක මගින් ලබා දෙනවා.

Android වලට අළුතෙන් එන messaging features
පොඩි කාලේ ඉඳන් එකම විදිහට SMS යවල එපා වෙලාද? iMessage ගැන දරුණු ලෙස ඉරිසියාවෙන්ද?

මේ ආකාරයෙන් RCS සඳහා Apple සමාගමේ සහය ලබා ගැනීමට Google සමාගම විසින් ලොව පුරා හාස්‍ය දනවන ප්‍රචාරණ කටයුතු මාලවක් සිදු කල අතර ඒ හරහා Apple සමාගම විසින් RCS ලබා නොදීම සහ කොළ පාට සහ නිල් පාට chat bubble භාවිතා කිරීම පිළිබඳව හාස්‍යට ලක් කරනු ලැබුවා. කෙසේ හෝ එයට පිළිතුරු ලබා දෙමින් Apple සමාගම විසින් RCS සඳහා වන chat bubble එකද කොළ පාටින්ම තබනු ඇති බව වාර්තා වනවා.

Source: 9to5mac.com www.theverge.com www.cnet.com