ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් පාවිච්චි කරන ඕගොල්ලෝ දැකලා ඇති Android System WebView කියලා ඇප් එකක් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙනවා. මේ ඇප් එක Android 4.4 ඒ කියන්නේ Android Kitkat වල ඉඳන් උඩට තියෙන හැම ෆෝන් එකේම default එන ඇප් එකක්. ඒත් ගොඩක් අය දන්නේ නෑ මේ ඇප් එකේ ප්‍රයෝජනේ. අද අපි ඕගොල්ලන්ට කියන්න යන්නේ ඒ ගැන.

සරලවම කියනවා නම් මේ WebView කියන්නේ Browser එකක්. හැබැයි මේක නෝමල් Browser ඇප් එකක් නම් නෙවෙයි. ඒ කියන්නේ අපිට මේ ඇප් එක කෙලින්ම open කරන්න විදියක් නෑ. මේකෙන් කෙරෙන්නේ Browser එකක් නොමැතිව web pages load කරන්න වෙන ඇප් වලට සහය දැක්වීමක්.

උදාහරණෙකට ගත්තොත් ඔයා හැමදාම පාවිච්චි කරන facebook app එකෙන් වෙන web page එකකට යන්න ඕනේ නම් ඕගොල්ලෝ දැකලා ඇති ඔයාලා ඒ වෙන web page එකේ ලින්ක් එක උඩ ක්ලික් කලාම facebook app එක උඩින් නිකංම web page එක Browser එකක් නොමැතිව open වෙනවා. අන්න එහෙම open වෙන්නේ මේ WebView කියන සිස්ටම් ඇප් එක හරහා තමා. ඉතින් මේ WebView app එක එක්තරා ආකාරයක mini web browser එකක් විදියටත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකේ කාර්‍යය තමා background එකේ ඉඳිමින් foreground app වලට අවශ්‍ය web pages load කරලා දෙන එක.

Webview app එක හරහා Facebook app එක තුල වෙනත් ලින්ක් එකක් විවෘත කර පෙන්වන ආකාරය

ඒ වගේමයි මේ ඇප් එක google එක අපිට එවන්නේ uninstall/disable කරන්න පුළුවන් ඇප් එකක් විදියට තමා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකෙන් අයින් කරලා දාන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඇප් එක google playstore එකෙන් වෙනම stand alone app එකක් විදියටත් ඔයාට ලබාගන්න පුළුවන්. ඊට හේතුව තමා, මේ ඇප් එක එක්තරා විදියක web browser එකක්. ඉතින් මේ web browser එක හරියට update නොවුනොත් ඒ හරහා ඔයාගේ ඩිවයිස් එකේ ආරක්ෂාවට තර්ජන එන්න පුළුවන්. ඉතින් ගූගල්ලා මේ ඇප් එක system app එකක් විදියට විතරක් එව්වොත්, ගූගල්ලට මේ ඇප් එකට updates එවන්න වෙන්නෙත් security patches හරහා තමා. ඒත් ඊට වඩා ලේසියෙන් playstore හරහා updates එවන්න පුළුවන් නිසා තමා ඒ අය මේ ඇප් එක වෙනම ඇප් එකක් විදියට playstore ලබා දීලා තියෙන්නෙත්.

ඉතින් දැන් ඕගොල්ලන්ට එන ප්‍රශ්නයක් තමා, අපිට ඇත්තටම මේ ඇප් එක අවශ්‍යද කියන එක. ඒක ඔයා මත පදනම් වෙනවා. සරලවම කිව්වොත් ඔයා එක ඇප් එකක් පාවිච්චි කරන ගමන් ඒ ඇප් එකේ තියෙන ලින්ක් එකක් browser එකක් නැතුව open කරගන්න ඕනේ නම් මේ WebView app එක තියා ගන්න. ඒ වගේමයි එහෙම නැතුව ඒ ලින්ක් එක browser එකක් හරහා open කරන්න නම් ඔයා කැමති, මේ ඇප් එක අයින් කරලා දැම්මා කියලා ඔයාට පාඩුවක් නෑ.

අනික තමා නවතම Android Oreo වලින් පස්සේ ඔයාට මේ ඇප් එක වෙනම ගන්න අවශ්‍යතාවක් වෙන්නේ නෑ. මොකද කිව්වොත් Oreo වලින් පස්සේ google chrome එක විසින් මේ WebView ඇප් එකේ කාර්‍යය කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ WebView ඇප් එක මෙච්චර කල් නිහඬව සපයපු සේවාව ඉස්සරහට එන අලුත් Android version එක්ක, chrome එක අපිට සපයයි.