ඉස්සරත් අදත් මුළු ලෝකෙ පුරාවටම යන සුපිරිම වලියක් තමයි Android යූසර්ලගෙයි iOS යූසර්ලගෙයි වලිය. ලොකුවටම අදත් එදත් යන්නේ iOS පාවිච්චි කරන අය කොච්චර මෝඩයිද කියන එක සහ Android යූස් කරන අය තමයි geeksලා කියන එක. එකා එකා මරාගත්ත විදිහ. පට්ටම memes ගොඩක් හැදුනා. තාමත් හැදෙනවා. මොනව උනත් කියන්න තියෙන්නෙ මේ සේරම technical equipment. ඒවට අපි මරාගෙන වැඩක් නෑ. පාවිච්චි කරන කෙනා පාවිච්චි කරයි තමන්ට අවශ්‍ය දේ.

මම කියන්න දන්නෙ නෑ, මේ මම ලියන්න යන කථාවත් එක්ක මෙතන වලියක් පටං ගනීවිද කියන එක. ඒ කොහොම උනත් Consumer Intelligence Research Partners (CIRP) එකෙ කරපු Case Study එකකට අනුව හෙලි වෙලා තියෙනවා, iOS userලා iOS වලට තියෙන කැමැත්තට වඩා Android userලා Android වලට තියෙන කැමැත්ත වැඩී කියන එක.

මම ඉස්සරවෙලා කියපු Consumer Intelligence Research Partners (CIRP) එකෙන් කරපු මේ research එකට අනුව 2017 අවසානය වෙනකොට Android වලට 91% loyalty rate එකකට හිමිකම් කියනකොට iOS වලට හිමිවෙන්නේ 86%ක  loyalty rate එකක් විතරයි. මේ result එක එන්නේ එක්සත් ජනපදයේ (සිංහලෙන් කිව්වොත් US වල) 2017දී තමන්ගේ තියෙන් ෆෝන් එකෙන් අලුත් ෆෝන් එකකට upgrade වෙද්දි කරපු සංගණනයකදී. ඒ survey එකට අනුව Android phone එකක් පාවිච්චි කරන 100ක් ගත්තොත්, ඒ 100න් කෙනෙක් තමන්ගෙ තියෙන ෆෝන් එකෙන් අලුත් ෆෝන් එකකට upgrade වෙද්දි 91 දෙනෙක්ම අරං තියෙන්නෙ Android. ඒත් iOS use කරන 100ක් ගත්තොත්, ඒ 100න් 86යි ආයෙමත් iOS වලට ගිහිං තියෙන්නෙ. 14ක්ම වෙන OS එකකට ගිහින්. ඒ විදිහට බැලුවම ඇත්තටම iOS usersලා iOS වලට ආදරේ කරනවාට වඩා Android usersලා Android වලට ආදරෙයි කියන එක වගේම ඔප්පු වෙනවා හැම පැත්තකින්ම ගත්තම Android තමයි හොඳම කියන එක.

Report from CRIP

මේ විදිහට කරපු survey වලින් පහුගිය අවුරුදු තුනේදීම Android, iOS වලට වඩා ඉදිරියට ඇවිත් තියෙනවා. අවසාන වතාවට iOS පාවිච්චි කරන අය මේ විදිහට loyalty rate එකෙන් Android use කරන අයට වඩා ඉස්සරහට ඇවිත් තියෙන්නේ 2014 තුන්වෙනි කාර්තුව වෙනකන් විතරයි. නමුත් 2017 අවසාන කාර්තුව වෙනකොට Android, iOS පරදවමින් loyalty rate එකේ විශිෂ්ඨ ආකාරයට ඉදිරියට එනවා. එතනින් එහාට දිගටම Android තමන්ගේ ස්ථානය රැක ගැනීමට සමත් වෙලා තියෙනවා.

මේ ආකාරයට වසර කිහිපයක සිට කරගෙන ආපු survey වල ප්‍රථිඵල වලට අනුව CRIP එකේ හවුල්කරු සහ සම නිර්මාතෘ, Mike Levin විසින් ඔවුන්ගේ නිගමනය ඉදිරිපත් කරල තියෙනවා. Smartphone usersලා මේ වෙනකොට ඔවුන් කැමති OS එක ගැන තීරණය කරල ඉවරයි සහ එය වෙනස කිරීම පිළිබඳව ඔවුන් සතුව එතරම් උනන්දුවක් හා කැමැත්තක් නැති බවත්‍ ය. ඒ අනුව ඔවුන් Google සහ Apple සමාගමට ඔවුන්ගේ නිර්දේශය ඉදිරිපත් කරල තියෙනවා. “දැන් Apple සහ Google විසින් ඔවුන්ගේ loyal customer base එකට  තම නිෂ්පාදන සහ සේවා සපයමින් දැනට පවතින customer base එක රැක ගන්නෙ කොහොමද යන්න සැලසුම් කර යුතුය” යන්නයි.

මේ තොරතුරු ගැන බලනකොට තමන්ගේ usersලාගේ ගොඩ වැඩි කරගැනීමේ තරඟය දිනන්න Google කරපු තරඟය කොහොමද කියනව නම් ඉස්සෙල්ලා මං කිව්වා වගේ අළුත් smartphone එකකට upgrade වෙද්දි, Android වල ඉඳලා iOS ගොඩට පනින සංඛ්‍යාව 9ක් වෙද්දි iOS ඉඳලා Android ගොඩට පනින සංඛ්‍යාව 14ක් වෙලා තියෙනවා. ඒ අනුව Android, iOS වලට වඩා 5 දෙනෙකුගේ වේගයෙන් තමන්ගේ ගොඩ වැඩි කරගනිමින් සිටිනවා. මේ කරට කර තරඟයේදී Android, iOS පරදවා මුල් තැන ගැනීමට සමත් වෙලා තියෙනවා.