අපි කවුරුත් දන්න Google සමාගම දැනට අත්හදා ගෙන යන එයාලගේ අලුත්ම වැඩක් තමයි මේ Project Stream කියන්නේ.

වැඩි ලොකු ලොකු දේවල් නැතුව මම පුළුවන් තරම් කෙටියෙන් මේක ගැන කියන්න උපරිම උත්සාහ කරන්නම්. ඊටකලින් කියන්න ඕනේ මේ Gaming industry එක සහ විශේශයෙන්ම Gaming hardware කියන්නේ මේ වෙද්දී ලෝකේ ටිකක් වේගයෙන් දියුණු වෙමින් පවතින දෙයක්නේ. උදාහරනයක් විදියට අපි GPU’s බැලුවොත් සාම්න්‍යෙන් අව්රුදු 2-3 කට වගේ සැරයක් Architecture level එකෙන් සැලකිය යුතු වෙනසක්/වැඩිදියුණුවක් වෙනවානේ. මෑතකදී එහෙම ආපු Technique එකක් විදියට Ray Tracing අපිට ගන්න පුළුවන්. ඉතින් කොහොමහරි මේ දේවල් වන දියුණුවත් එක්ක අපිත් ඒ මාර්ගයේ දිගටම පස්සෙන් යන්න ගත්තොත් ඒක කොච්චර අමාරු වැඩක් ද කියන එක මන් කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මොකද කෙටියෙන්ම කිව්වොත් මේ හැමදේටම වාරයක් වාරයක් ගානේ අපිට අවශ්‍ය විදියට upgrade වෙන්න ලෙහෙසි නෑනේ. ඊලග දේ තමයි මේ Games හැම platform එකකට උදාහරනයක් විදියට Pc/ Smartphones/ Tablets එකම විදියකට ගේන එකත් දැනට කරන්න impossible වැඩක්නේ.

ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ගනනාවකට විසදුම් අරන් එන්න සමත් Project එකක් තමයි මේ Google සමාගමේ අලුත් Project Stream කියන්නේ. හරි එහෙනම් මම කිව්වොත් මේකත් එක්ක ඔයාලට අපේ තියෙන්න ඕනේ Hardware කියන්නේ තවදුරටත් එතරම්ම වැදගත් සාදකයක් නෙවෙයි කියලා Gaming වලට..? මම කිව්වොත් මේකත් එක්ක ඔයාලා ගොඩක් අය දවසට පැය ගනනාවක් භාවිතා කරන ඔයාලගේ Google Chrome browser එක ඔයාලගේ මේ හැම Gaming අවශ්‍යතාවක්ම වගේ සපුරාවි කියලා…? කීදෙනෙක් පිලිගන්නවද…

සරලවම කිව්වොත් මේ Google Project Stream එකේදී වෙන්නේ නූතන Gaming වලට අවශ්‍ය හැම බරපැනක්ම ඒකියන්නේ උදාහරනයක් විදියට කිව්වොත් Graphics Tasks එතකොට AI Tasks මේ හැම එකක්ම වගේ Google ලා එයාලගේ පැත්තෙන් remotely එයාලගේ ඉතාම powerfull servers හරහා දරනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි සාමන්‍ය ප්‍රමානයේ hardware එක්ක ඒවගේම හොද අවශ්‍යතරම් powerfull/stable Network connection එකක් එක්ක ඒ Google ලගේ servers වලට connect වෙලා realtime හරියටම ඔයාගේ device එකටම Game එක install කරලා සෙල්ලන් කරනවා වගේම ආතල් එකේ සෙල්ලන් කරන්න. මේකට ඇත්තටම දැනට Google ලා භාවිතා කරන්නේ එයාලගේ අපි කව්රුත් භාවිතා කරන Chrome browser එකම තමයි. ඒවගේම දැනට Google ලා මේ Project Stream එක Chrome browser එක හරහා Games, 1080P ඒවගේම 60FPS වලින් අත්හදා බලමින් යනවා ඔන්න.

ඉතින් කොහොමහරි මමනම් මේක අනාගතයේ Gaming industry එකේ ලොකු වෙනසක් කරන්න පුලුවන් තාක්ෂනයක් විදියට දකිනවා. ඒවගේම මේක ලොකු ප්‍රශ්නගොඩකට දවසක විසදුම් ගෙනෙයි කියලට්ත් මම විශ්වාස කරනවා. ඒවගේම තමයි තවදෙයක් මතක් කරල කියන්න ඕන මේ වගේ services වලට දැනට තියෙන්නේ මේ Google Project stream විතරක් නෙවෙයි තව මීට සමාන Sony සමාගමේ Playstation Now එතකොට Nvidia ලගේ Geforce now වගේ services නුත් අපිට ගන්න පුලුවන්. දැනට Google ලා මේ Project Stream එකේ අත්හදා බැලීම් වලට භාවිතා කරමින් තියෙන ප්‍රදානම Game එක වෙන්නේ අලුත්ම සුපිරි Assassin’s Creed: Odyssey game එක තමයි. ඒවගේම Google ලා දැනට මේකේ Beta testing වලට ඇමරිකාවේ වෙසෙන testers ලවත් භාවිතා කරනවා. ඉතින් මේ කියපු දේවල් වලට අමතරව ඔයාලට තවත් මේක තේරුන් ගන්න පහසුවෙන්න මම පහලින් Google ලම දාපු මේකේ අත්හදා බැලීම් වල video එකක link එකකුත් දාන්නම්. අවසාන වශයෙන් කියන්න ඕනේ Platform ගොඩකට Gaming වල එකවගේ අත්දැකීම් විදින්න ලැබෙන දවස වැඩි ඈතක කියල මටනම් හිතෙන්නේ නැහැ. ඒවගේම හිතන්න එපා එදාට මේ Project Stream service එක නොමිලේ පිනට දෙයි කියලනම් හොදේ. ඉතින් දැනට මේක ගැන කිවහැකි තොරතුරු සෑහෙන්න අඩුයි තාමත් අත්හදා බැලීම් මට්ටමේ නිසා, තවත් මේ Project Stream ගැන ඔයාලට කිවයුතු අලුත් කරුණු ලැබුනොත් දැනුවත් කරන්නම්…!

https://youtu.be/sE53eSbzxoU