මේ දවස්වල මේක වයිරල් යනවා නෙ Instagram, facebook, twitter වගේ සොශල් මිඩියා වල 10 years challenge කියලා. අපි බලමු මෙකෙ අපිට තියෙන හානි මොනවද කියලත්.

ප්‍රවේශ වෙන්න කලින් මේ චැලේන්ජ් එක ගැන ගියපු ට්වීට් එකක් බලමු.

මෙහෙම දෙවල් මූලිකවම වෙන්නේ අනාගතයෙදි වඩාත්ම වැදගත් වෙන්නෙ තොරතුරුයි අනික අපි හොදටම දන්නවා එහෙම එකතු කරගන්න තොරතුරු වලින් කොච්චර ලාබයක් ලබනවද කියලා එවා එකතු කරන කම්පැනීස්

හරි අපි බලමු මේ චැලෙන්ජ් එක ගැන

හිතන්න අපිට අපේ මුහුනේ ෆෙශල් රෙකග්නිශන් ඇල්ගොරිදම් එකක් ට්‍රෙන් කරන්නොන කියලා වයස් ගත වීම සහ ඒ ආශ්‍රිත දෙවල් ගැන
උදා• පුද්ගලයෙකු වැඩිහිටි ලෙස පෙනෙන අයුරු

ඔව් ඔව් ඉතින් ෆබී එකට සහ අනෙකුත් සොශල් මිඩියාවලට අපි කලින් අප්ලොඩ් කරපු ෆොටො ටික ගන්න තිබ්බා නෙ මෙහෙම චැලෙන්ජ් එකක් නොකර ඒ උනාට අපි අප්ලොඩ් කරපුවා හරි පිලිවෙලටම නෑ නෙ එතකොට වැඩේ අමාරු වෙනවා.

වෙනත් විදියකට කියනවා නම් අපි #10yearchallenge කියලා නෙ මේක සොශල් මිඩියා වල පොස්ට් කරන්නෙ මේ # ටැග් එක නිසා පහසුවෙන්ම එක් එක් පුද්ගලන්ගෙ ෆොටෝ ටික ගබඩා කරගන්න පුළුවන්. සමහර පුද්ගලයින්ගේ සොශල් මිඩියා අකවුන්ට්ස් වල ඇත්තටම අවුරුදු 10කට කලින් ගත්ත ෆොටෝ තියෙන්නත් පුළුවන් ඒ උනාට එවා හරියටම අවුරුදු 10කටකලින් ගත්තද කියන්න බෑ නෙ ඒ හින්දා ඒ උත්සහය ආසාර්තකයි

මම මෙතනදි කියන්නෑ හරියටම මේක ෆෙස්බුක් ආයතනයේ වැඩක් කියලා ඒ උනාට ෆෙස්බුක් ආයතනයත් මේකෙන් චාන්ස් එකක් නොගත්තම කියන්නත් බෑ ඒගොල්ලන්ගෙ Ai එක දියුනු කරගැනීමට

මේ වගේ වැඩ වලින් වෙන්නෙ අපේ digital foot prints වල බර වැඩී වීමයි ඒ කිව්වේ අපේ ඩිජිටල් ෆුට් ප්‍රින්ට්ස් වල බර වැඩි උනා කියන්නෙ අපේ පෞද්ගලිකත්වයට විශාල වශයෙන් හානී වීමයි

මෙකේ හොද පැත්තකුත් තියෙනවා ඉතින් ගිය සතියේ New Delhi පොලීසිය වාර්තා කලේ මේ ෆෙශල් රෙකග්නිශන් සිස්ටම් එකෙන් දින හතරක් ඇතුලත අතුරුදහන් වූ ළමුන් 3000 කට ආසන්න පිරිසක් සොයාගෙන ඇති බවයි ඉතින් මේ සිස්ටම් එක එතනදි නම් උපකාරි වෙනවා

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ වගේ දෙවල් අනාගතයෙදිත් පැමිනීමට නියමිතයි තව අතීතයෙත් මේ වගේ දෙවල් වෙලා තියෙනවා නෙ ඒ නිසා මේ වගේ දෙවල් ආවට ට්‍රෙන්ඩ් එකට කරන්න යන්නෙපා.