මලින්ද අයියා ආ තිමිර මල්ලි, කොහොමද?

මම ඉන්නවා මලින්ද අයියා, කොහොමද?

මලින්ද අයියා අපිත් හොඳින්. පොඩි ඉන්විටේෂන් එකක් දෙන්න කතා කරේ. 11 වෙනිදා පුලුවන්ද ගෘප් එකේ සෙට් එකට BMICH එකට එන්න?

ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට හිරු නැණ කිරුළ පටිගත කරන විදිහ බලන්න යන්න අවස්ථාව හම්බුණේ. Mr. TechTrack, එහෙමත් නැත්තම් මලින්ද අලහකෝන් අයියා තමා Android වැඩකාරයෝ ඇඩ්මින්ලා සෙට් එකට මේ චාන්ස් එක අරන් දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඉතින් හිතට පොඩි ආඩම්බරයකුත් තියෙනවා වැඩසටහනට පරිබාහිරව තෙවන පාර්ශවයක් විදිහට ගිහිං අපිට මේ වැඩසටහන වෙන විදිහ මුල ඉඳල දැක බලාගන්න ලැබෙන මුල්ම අවස්තාව සහ මුල්ම ඉන්විටේශන් එක අපේ ගෲප් එකට ලැබීම ගැන. හරි පම්පෝරිය ඉවරයි. කතා කරන්න ආපු දේ ගැන දැන් කතා කරන්න යන්නේ

මලින්ද අයියේ, මොකක්ද මේ හිරු නැණ කිරුළ කියන්නේ?

හිරු නැණ කිරුළ කියන්නේ හිරු නාලිකාවෙන් අවුරුදු 10ත් 12ත් අතර ළමුන් වෙනුවෙන් පවත්වන රියලිටි ෂෝ එකක් කියල මට කෙටියෙන් කියන්න පුළුවන් තිමිර.

එතකොට අයියේ, ඔයාල කොහොමද මේක ප්ලෑන් කරේ?

ABC network එකේ හිරු TV අධ්‍යක්ෂක මන්ඩලයට ඕන වෙලා තියනව ලංකාවෙ දරුවනෙ බුද්ධිය ඉහලින් සමරන්න, ලෝකෙටම පෙන්නන්න පුලුවන් වැඩසටහනක් කරන්න. දැනුම මිනුම තරඟයකින් එහාට ගිහිල්ල, Genius කෙනෙක් හදන්න අවශ්‍ය පෞර්ෂය, පෝෂනය, මානසික සමතුලිත තාව වගේ ගොඩක් අංග මේකට එකතු කරගෙන reality show එකක් කරන්න එයාල හිතල තියනව. මේකට ආකෘතිය විදිහට පාවිච්චි කරල තියෙන්නෙ USA වල Child Genius කියන වැඩසටහන. මට මේකට ආරාධනා ලැබුනෙ මගේ YouTube වැනල් එක නිසා. ඊට පස්සෙ අපි මුලින්ම පොඩි advertisement එකක් දැම්ම TV එකේ, අපි මේ විදිහේ genius hunt එකක් කරනවා. සහබාගි වෙන්න කැමති අවුරුදු 10ත් 12ත් අතර ළමයින්ට ඇප්ලිකේෂන් දාන්න කියල.

කොහොමද ලැබුණු ප්‍රතිචාර එහෙම?

දැනට හිරු එකෙන් ළමයින්ට reality shows 3ක් යනවා මේකත් එක්ක. ඉතින් අනිත් ඒවා එක්ක බැලුවම අපිට හිතුනේ 1,000ක් වගේ ප්‍රමාණයක් apply කරයි කියල. මොකද මේක අර තරම්ම interesting නැති boring වැඩක් නිසා. ඒ උනාට මේකටත් අර reality shows දෙකට වගේම applications ප්‍රමාණයක් ආව අපි හිතපු නැති විදිහට. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු දැනුම පස්සේ යනවා.

ඉතින් කොහොමද ඔය ඇප්ලිකේෂන් අතරින් තරඟෙට ළමයි ටික තෝරාගත්තේ?

මුලින්ම අපි apply කරපු අයට IQ Test එකකට ගෙන්න ගත්ත. එකට සැලකිය යුතු ප්‍රමාණයක් ආව. ඒකෙන් පාස් වෙන අයගෙන් හොඳම 50ක් තෝරගත්ත. ඊට පස්සේ අපි එයාලව interview කරලා එයාලගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් පෞර්ෂය, කැමරාවට මුහුන දීම කියන කරුණු බැලුව මේ වගේ තරඟයකට මුණ දෙන්න පුලුවන්ද කියන එක. එකත් වැදගත්නේ. එතනින් 20 දෙනෙක් තෝරා ගත්තා. 20 දෙනා තමයි මේ ඔනෙයාර් යන ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. අද ඔයාල එනකොට ඉතිරි වෙලා ඉන්නේ 13යි. දවසට එක්කෙනා ගානේ අඩු වෙවී යනවා. ඉස්සරහට සති දෙකකින් පස්සේ දෙන්න දෙන්න අඩු වෙනවා.

එතකොට අයියේ ළමයෙක්ට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න තප්පර 90ක් හම්බෙනවනේ, ළමයින්ගේ උත්තර දීම කොහොමද?

මං පොඩි නිවැරදි කිරීමක් කරන්නම් තිමිර, එක ළමයෙක්ට සේරම ප්‍රශ්ණ වලට උත්තර දෙන්න හම්බෙන්නේ තප්පර 90යි. ඒ කියන්නේ එක තරඟකරුවෙක්ට තප්පර 90ක් ඇතුලත සේරම ප්‍රශ්න උපරිම ප්‍රමාණයකට උත්සහ කරන්න ඕන.

ඉතින් ඔය විදිහට මලින්ද අයිය අපිට ප්‍රෝග්‍රෑම් එක ගැන හැඳින්වීමක් කරනවා.

ඔන්න අපි ඔය දේවල් දැනගත්තට පස්සේ අපිට චාන්ස් එක හම්බෙනවා රෙකෝඩ් කරන ස්ටුඩියෝ එකට යන්න. එකට ගියාම පිස්සු වගේ, මොකද හතර වටේම කැමරා, ඒවත් සුපිරිම ඒවා. කෙලින්ම ක්‍රිකට් මැච් වල broadcasting කරන්න ගන්න ඒවා. ටීවී එකේ දැකල තිබ්බට අතින්ම අල්ලලා බලන්න චාන්ස් එකක් සෙට් උනේ එදා. ඒවායින් හතරක් සෙට් කරලා තිබ්බ studio එකේ.

දැන් ඒ ගැනත් කියෙව්වා ඇති. ඉතින් ඇතුලට ගියාට පස්සේ අපිට මුලින්ම හම්බෙන්නේ judge board එක ඉන්න තැන. එතන තුන් දෙනෙක්ගේ පැනල් එකක් තියෙන්නේ. ඉතින් ඔය පැනල් එකට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ තුන්දෙනා.

මලින්ද අලහකෝන් අයියා (කවුරුත්ම දන්නා Mr. TechTrack)

ජයත් පියදසුන් අයියා

ජිසෙල් දාස් මෙනෙවිය

මෙයාල ගැන කෙටියෙන් කියන්නම්.

මලින්ද අයියා 

අපරාදෙනේ එයා ගැන කියන්න යන කාලය. ලංකාවේ ඉන්න සුපිරිම යුටියුබර් කිව්වොත් මං නිවැරදි.

මලින්ද අයියගේ කාර්යභාරය තමයි වැඩසටහන මෙහෙයවන එක.

ජයත් පියදසුන් අයියා

ප්‍රෝග්‍රෑම් එකට ගියපු වෙලේ තමයි මට ජයත් අයියා පළවෙනි වතාවට මුණ ගැහෙන්නේ. සුන්දර චරිතයක්. ජයත් අයියා සිළුමිණේ නියෝජ්‍ය ප්‍රධාන උප සංස්කාරක විදිහට සේවය කරන්නේ. ඒවගේමයි ජයත් අයිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සිංහල පෙළපොත් වල භාෂා සංස්කාරක විදිහටත්, ගොඩගේ සහ ගුණසේන පොත් ප්‍රකාශයන්ගේ භාෂා සංස්කාරක විදිහටත් සේවය කරනවා.

ජයත් අයියගේ කාර්යභාරය තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ සිංහල ගැන බලන එක. ප්‍රශ්න වේවා, මලින්ද අයියගේ උච්චාරණය වේවා හැම දේම බලන්නේ ජයත් අයියා.

ජිසෙල් දාස් මෙනෙවිය.

ජිසෙල් ගැන කිව්වොත්, ඇය ළමා මනෝ වෛද්‍යවරියක් ලෙස සම්බන්ධ වෙනවා. ඇය එහිදී තරඟකරුවන්ගේ මානසිකත්වය වැඩිදියුණු කිරීමට කටුතු කරනවා.

මේ අය විතරද මේකට මේ විදිහට සම්බන්ද වෙන්නේ.

නෑ, තව ඉන්නවා. කවුරු කවුරු කියලද හිතන්නේ.

හිටපු විභාග කොමසාරිස්, අනුර එදිරිසිංහ මහත්මයා, මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රශ්න පිලිබඳ specialist කෙනෙක් විදිහට සම්බන්ධ වෙනවා.

ඒ වගේම හරිස්චන්ද්‍ර ලියනගේ මහත්මයා මේ ප්‍රෝග්‍රෑම් එකේ පෝෂනවේදී ලෙස තම සහය දක්වනවා. ලියනගේ මහත්මයා එහිදී වැඩසටහනට සම්බන්ද වන ළමයින්ගේ පෝෂණය පිළිබඳව සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව අදාළ දැනුවත් කිරීම කරනවා.

ඒ වගේම තමයි රෝහණ කේ. අමරකෝන් මහත්මයා තොරතුරු තාක්ෂනය පැත්තෙන් සහය දෙනවා. රෝහණ මහත්මයා සබරගමුව යුනි එකී ලෙක්චර් කෙනෙක්.

ඔයාලට පේනවා ඇති ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කොලිටි එක සහ එයාල එක උපරිම මට්ටමේ තියා ගන්න උපරිම උත්සාහය ගන්නවා කියන එක.

ප්‍රෝග්‍රෑම් එක වෙන විදිහ (තිරයෙන් ඉදිරියේ)

මුලින්ම වෙන්නේ මෙහෙමයි. තරඟකරුවන්ට දිනුම් ඇදීමකින් එයාලට හිමි තරඟ අංකය හම්බෙනවා. ඒ හම්බෙන විදිහට තමා එයාලට එයාලගේ සීට් එක හම්බෙන්නේ. ඉතින් ඔය පොඩි ළමයි ටික (අපිට මාමා කියන ලයින් එකක් තිබ්බේ අයියලා කියන්න ඕන වයසේ වෙලත්) අංක පිළිවෙලට ගෙන්නලා මලින්ද අයියා ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තප්පර 90යි තියෙන්නේ එක්කෙනෙක්ට. ඔය තප්පර 90 ඇතුලේ තරඟකරුවෙකුට උපරිම ප්‍රශ්න ගානකට යන්න පුළුවන්, වැරදි උත්තරයක් දුන්නා කියල තරඟයෙන් ඉවත් වෙන්නේ නෑ. අවසානයේදී වෙන්නේ හරියට දුන්න එක උත්තරයකට එක ලකුණ ගානේ හම්බෙලා එක තරඟකරුවෙකු දුන්න නිවැරදි පිලිතුරු ගානට අනුව එයාට ලකුණු හම්බෙනවා. ඒ ලකුණු වලින් තමයි එදා දවස ඇතුලත තරඟය තුල ඉදිරියට රැඳීසිටින අය තීරණය වෙන්නේ.

ඕනම reality show එකක්දි දවසකට ඉවත් වෙන තරඟකරුවෙක් ඉන්නව. ඉතිං එදාට ඉවත් වෙන තරඟකරුවට e-Wis එකේ අනුග්‍රහයෙන් ටැබ් එකක් හම්බෙනවා.

කවදාක හරි මේ තරඟයේ අවසාන ජයග්‍රාහකයෙක් තේරෙනවනේ. ඉතිං ඔය හිරු නැණ කිරුළ ජයග්‍රහණය කරන නංගිට හෝ මල්ලිට ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1.5scholarship එකක් හම්බෙනවා.

ඔය විදිහට තමයි තරඟයේ අපිට පේන කොටස. ඒත් කවුරුත්ම නොදකින තිරයේ පිටුපස කොටස තමයි අපි නම් ගොඩක්ම බලාගෙන හිටපු දේ. Camera menගේ ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එකේ රෙකෝඩින් එක හරියට කරන්න ගන්න උත්සාහය අපි අපේ ඇස් දෙකට දැක්කා. ඒ විතරක් නෙවෙයි, ළමයින්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් ගන්න effort එකත් අපි දැක්කා.

ඉස්සෙල්ලා ගෙනාවනේ පෙරහැරේ යන අලි, ඇත්තු ටික ගැන. දැන් ඔයාලට ගේන්න යන්නේ කොටන් අදින අලි, ඇත්තුන්ගේ කොටස ගැන.

මුලින්ම ඉතිං අපිට මලින්ද අයියා පෙන්නුවේ හිරු එකේ සුපිරිම 4K broadcating truck එක. ඒකෙන් ඉඳන් තමයි රෙකෝඩින්ග් කරන්නේ. ස්ටූඩියෝ එකේ තියෙන කැමරා 6ම ෆයිබර් ඔප්ටිකල් කේබල්ස් වලින් ඒ කියපු ට්‍රක් එකට කනෙක්ට් වෙනවා. අවාසනාවකටදෝ මන්දා චාන්ස් එකක් තිබිලත් ඒක ඇතුලට යන්න අපිට බැරි වෙනවා.

හිරු එකේ ට්‍රක් එක

මලින්ද අයියා ඊලඟට අපිව එතනින් එක්කගෙන යන්නෙ තවත් අමුතුම තැනකට. බලනකොට එදා තරඟකරන පොඩි මල්ලිලා නංගිලා සේරම එතනට වෙලා mind relaxing වල. තමන්ට කැමති දෙයක් කරන්න එයාලට අවස්ථාව දීල තියෙනව. එතනදි එයාලට අවශ්‍ය කරන nutrition එහෙම හම්බෙනවා. ඒ වගේම හිතේ තියෙන තිගැස්මත් එතනදි අවම කරගන්න උදව් වෙනවා.

ඔන්න අපි යනව එතනින් රෙකෝඩින් ස්ටූඩියෝ එකට. යනකොටම හම්බෙනවා අපිට අනුර සර්, හිටපු විභාග කොමසාරිස්තුමා. අනුර සර් ළමයින්ට ඉදිරිපත් කරන ප්‍රශ්න validate කරන කාර්‍ය සිදුකරන ගමන් හිටියේ. දැන් පොඩ්ඩක් කතා කරමු ප්‍රශ්න validate කරන්නේ කොහොමද කියල.

මේ ප්‍රෝග්‍රෑම් එකේදි එක තරඟකරුවෙක්ට උපරිම ප්‍රශ්න ගණනකට යන්න හම්බෙන්නේ උපරිමය තප්පර 90යි. ඉතිං ඒ තප්පර 90 ඇතුලත තරඟකරුවාට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න ඕන නිසා ප්‍රශ්නයක් උපරිම කෙටි කරල ඉදිරිපත් කරන එක මේ ප්‍රෝග්‍රෑම් එකේ එක standard එකක්. ඉතිං එදාට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න සේරම ටික බලලා validate කරන ප්‍රශ්න තමයි database එකෙන් ප්‍රෝග්‍රෑම් එකට දෙන්නේ. (දෙන්නෙක් ප්‍රශ්න validate කරනවා. නමුත් අනුර සර් ඇරෙන්න අනිත් කෙනා නම් හෙලිකරන්න අපිට අවසර නෑ).

Validate කරන ලද ප්‍රශ්න

Validate නොකරන ලද ප්‍රශ්න

ඉතිං අනුර සර්ට වැඩේ කරන්න දීලා, බාධා නොකර අපි හිමීට ගියා කැමරා ටික බලන්න. කලිනුත් කිව්වා මොනවද තිබ්බ කැම් කියලා. අම්මෝ, පිස්සු හැදිල හිටියේ.

ඒ ටිකත් බලල අපි ඊලඟට යනව හම්බෙන්න ජයත් අයියා. අපේ සිංහල විශාරද. අපි එතනදි ගොඩක් දේවල් ඉගෙන ගත්තා සිංහල උච්ඡාරණය ගැන, අක්ශර වින්‍යාසය ගැන එහෙම. ගොඩක් friendly නිහතමානී මනුස්සයෙක්. ටික වෙලාවක් කතා බහ කරලා අපි ජයත් අයියගෙන් සමුගන්නව.

එතනින් හැරෙනකොටම තියෙන්නෙ jib arm එක. ඒකෙන් තමයි අර ඔලුව උඩින් එන කැම් එක control කරන්නේ. ඒක සම්පූර්නෙන්ම operate කරන්නේ මිනිස් ශ්‍රමයෙන්. ප්‍රෝග්‍රෑම් එක යන අතරතුරේදී කැම් එක අපේ ඔලුව උඩට land නොකර අඟලක් දෙකක් උඩින් අරං යන්නේ මාරම ප්‍රවේසමෙන්. ඒක operate කරන දෙන්න මාරම සැලකිල්ලෙන්, ප්‍රවේසමකින්, අවදානයෙන්, වගකීමකින් මේ කාර්‍ය කරනව ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කරගන්න.

ඔය සේරම අහවර වෙලා ප්‍රෝග්‍රෑම් එක පටං ගන්න කලිං අපිට සෙට් වෙනවා ප්‍රෝග්‍රෑම් එකේ මනෝජ් මල්ලි. බලද්දි මං ආසාවෙන් බලන Feathers Youtube channel එක කරගෙන යන ඩයල් එක. සේරම social media හරහා සෙට් වෙච්ච කට්ටිය. ඒ එක්කම චතුර, production manager විදිහට ඉන්නව. දැකල පුරුදු ගතියක් තිබ්බා. බලද්දි එකට AL ක්ලාස් ගිය කට්ටිය අපි. අපිට ඉතිං සලකන්න තියෙන උපරිමයෙන් සැලකුවා. ඒ ගැනත් අනිවාර්යෙන් කියන්න ඕනේ, නැත්තම් ඒක ලොකු අඩුවක්.

ඕක තමා තිරයේ පිටුපස කතාව. ඔයාලට අපිට බලන්න සාර්ථකව ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන්න ගන්න මහන්සිය උත්සාහය ගැන නම් කියන්න වචන නෑ. ඒකට Hiru TV එකෙන් මාරම මහන්සියක් ගන්නේ. ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන්න කලිං දවසේ (සිකුරාදා) ඉඳන් එයාලා ස්ටූඩියෝ එකේ සෙටප් එක හදනවා. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ඒ සෙටප් එක ගලවල සේරම clear කරද්දි අනිත් දවසේ (ඉරිදා) පාන්දර වෙලා. ඔය ටික දැන ගත්තේ මනෝජ් මල්ලිගෙන්. මොකද මම එදා ගාල්ලේ ඉඳල නිවාඩුවට ගෙදර (නුවර) යන්න ආවේ ප්‍රෝග්‍රෑම් එකත් වෙන විදිහ බලලම. යන්න රෑවෙන නිසා එයා පොඩ්ඩක් හොයල බැලුව මං කොහෙද කින්ද මන්ද කියන එක. මං ඇහුවම කොහෙද ඉන්නෙ කියල, මනෝජ් කිව්වා අපි තාම clearence කරනවා අයියා කියනවා. එතකොට තමා ඒ ගැන දැන ගත්තේ. අපිට පැයක් ඇතුලත ප්‍රෝග්‍රෑම් එකක් පෙන්නන්න තිරේ පිටුපසෙ ඉන්න අය දරන උත්සාහයට, මහන්සියට නම් හිස නමා ආචාර කරන්න ඕනේ. එයාලා නැත්තම් කවුරු කොහොම කරත් අපිට ප්‍රෝග්‍රෑම් එක සුපිරියට බලන්න වෙන්නේ නෑ.

ඔන්න පළවෙනියටම මේ ප්‍රෝග්‍රෑම් එක වෙන විදිහ බලන්න invitation එක මලින්ද අයියගෙන් අපිට හම්බුනා වගේම අපි එතනදි දැකපු, අහපු දේවල් සහ අපේ experience එක අපි ඔයාල එක්ක බෙදා ගත්තා. කාටත් දැන් අවබෝධයක් ඇති කොහොමද හිරු නැණ කිරුළ සිද්ධවෙන්නේ කියන එක. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විනිවිදභාවය, සාර්ථකබව, ගැන.

ඉතිං එතනින් අපි සමු අරං එනකොට අපිට හම්බුන experience එකට අමතරව තවත් දේවල් ගොඩක් අරං තමයි අපි නම් BMICH එකෙන් ආවේ එළියට. අලුතෙන් හම්බුනු යාළුවෝ, පරණ යාළුකම් ආයේ අළුත් කරං, ඒ වගේම FB, Twitter වගේ ඒවගේදි සෙට් උනත් ඇත්තටම සෙට්වෙලා නැති යාළුවෝත් හම්බෙලා.

අපි එන්න ලෑස්ති වෙනකොට මලින්ද අයියා මතක ඇතුව කියන්න කිව්වා ඔයාලට, තව කවුරුහරි ඉන්නව නම් ප්‍රෝග්‍රෑම් එක වෙන විදිහ ඇත්තටම බලන්න කැමති අය, මලින්ද අයියව contact කරන්න කියලා. විශේෂෙන්ම Social Media Journalistsලාට විවෘත ආරාධනයක් තියෙනවා මලින්ද අයියගෙන්.

අන්තිමටම, මලින්ද අයියට ස්තූති කරනවා මේ මුල්ම අවස්ථාව Android වැඩකාරයෝ අපිට ලබාදුන්නට. ඒ වගේමයි අපේ පේජ් එකේයි ගෘප් එකෙයි මෙච්චර කාලෙකට හම්බෙලා නැති ඇඩ්මින්ලා ටිකටත් සෙට් වෙන්න පොටක් පාදලා දුන්නට.

එහෙනම් මං සමුගන්නවා.

#තිමිරයා